මෙරට ඉතා ඉක්මනින් මූල්‍යමය වශයෙන් බංකොලොත්වීමේ අවදානමකට මුහුණ පා තිබෙන බවත්

ඉන් රට ගලවා ගෙන ඉදිරියට යා හැකි වැඩපිළිවෙළක් ලබන වසරේ මුල ඉදිරිපත් කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  පාඨලී චම්පික රණවක පැවැසීය.

හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) මල්වතු අස්ගිරි උභය පාර්ශවීය මහානායක ස්වාමීන් වහන්සේලා බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



මේ අවස්ථාවේ කළ යුත්තේ පොදු අපේක්ෂකයන් ගැන කතා කිරීම නොව පවතින තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා වන පොදු වැඩපිළිවෙළක් සකස් කර ගැනීම බව පැවසු පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා, ණය උගුලෙන් ගැලවී පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්නේ කෙසේද යන්න පිළිබඳ පොදු වැඩපිළිවෙළක් ජනවාරි මස රටට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බවද සඳහන් කළේය.



''ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න දැන් ප්‍රමාද වැඩියි. ආර්ථික අර්බුදය ආණ්ඩුව පෙන්වනවාට වඩා ඉහළයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් ඒ අය මූල්‍ය උපදේශකයින් පත් කිරීම තමයි කරන්නේ. අපට ණය ලබාදී තිබෙන රටවල් හා ආයතන සමඟ සාකච්ඡා ආරම්භ කරලා ණය නැවත ප්‍රති ව්‍යුහගත කරන්න ඔවුන් පියවර ගන්නවා.'' යයි ද ඔහු සඳහන් කළේය.

රට ඉතාම වේගයෙන් බංකොලොත් වීම කරා ගමන් කරමින් තිබෙන බවත්, එසේ මූල්‍යමය බංකොලොත් භාවයට පත් වුවහොත් දශක ගණනාවක් යනතුරු රට ඉන් ගලවා ගැනීමේ හැකියාවක් නොලැබෙනු ඇති බවත්, මන්ත්‍රීවරයා පැවසිය.

 

 

 

 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 

 

අයියෝ සීයාට ගොඩාක් අමාරුද? | මොණරවිලගේ ලියමන

 

අගමැති හදිසියේම තිරුපති ගියේ ඇයි ? | The Leader TV | Gossip

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්