ඇඟලුම් හා කර්මාන්ත කම්කරුවන් අතර කෝවිඩ් 19 වසංගතය පැතිර යාම වැලැක්වීම සඳහා සෞඛ්‍ය කමිටු පිහිටුවීම අරඹා තිබේ.



කෝවිඩ් 19 වසංගතයෙන් කම්කරුවන් ආරක්‍ෂා කර ගනිමින්, නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය හා නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ නාවිකයන්ගේ ජාතික සංගමය අතර මේ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට පසුගිය දා අත්සන් තැබිණි.

අවබෝධතා ගිවිසුමට අනුව සෑම ඇඟලුම් කම්හලකම පිහිටුවන සෞඛ්‍ය කමිටු තුළ කළමනාකාරිත්වයට අමතරව වෘත්තීය සමිති නියෝජනය කරනු ලැබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ සෑම නිෂ්පාදන කම්හලකම දැඩි ලෙස පිළිපදින බවට මෙම කමිටු මගින් සහතික වනු ඇත.

''සේවා යෝජකයින් සහ වෘත්තීය සමිති අතර සහයෝගීතාවය ලංකාවේ මානව සම්පත් භාවිතයන් වඩා ඉහළ නැංවීමටත්, වසංගතයෙන් පසු ව්‍යාපාර වල  අඛණ්ඩ පැවැත්ම සහතික කිරීමටත්  තීරණාත්මක වෙනවා,'' යැයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහලේකම් ටුලී කුරේ සඳහන් කරයි.



අදාළ එකඟතා ගිවිසුම මගින් කාර්මික ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයක් ලෙස විනිවිදභාවයෙන් යුතුව වෘත්තීය සමිති විසින් මතු කරන කම්කරුවන්ගේ ඕනෑම දුක්ගැනවිල්ලක් සමාලෝචනය සඳහා JAAF  විධායක කමිටුව සහ වෘත්තීය සමිති එකතුව වෙත යොමු කරනු ලැබේ. මසක් ඇතුලත එක නිරාකරණය කිරීම දෙපාර්ශවයේම වගකීමක් ලෙස ගිවිසුම මගින් අනුමත කර තිබේ.



මෙම අවබෝධතා ගිවිසුම මගින් කම්කරුවන්ගේ සංවිධානය වීමේ නිදහස සහ සාමූහික කේවල් කිරීමේ අයිතිය ද පිළිගන්නා බව ඊට අත්සන් තැබු වෘත්තීය සමිති නායකයෝ පවසති.

''කම්කරුවන්ට අත්‍යවශ්‍ය වැදගත් කාරණා සම්බන්ධයෙන් තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී නියෝජනය කිරීමට සහ දුක්ගැනවිලි පරීක්‍ෂාකිරීමේදී  විනිවිදභාවය වැඩි කිරීමට මග පාදන මේ  ගිවිසුම අපි සාදරයෙන් පිලිගන්නවා, මේ ගැන  සේවා යෝජකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා,”යැයි  රාජපක්‍ෂ ආණ්ඩුවේ හවුල්කාර පාර්ශවයක් වන ශ්‍රීලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර පවසයි.

 
 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 
 
රජකාලේ දඩුවම් නැවතත් කරළියට ! | මොණරවිලගේ ලියමන
 
 
 
 
2024 නාමල් රෙඩි  !- The Leader TV
 
 
තිත්තම වෙලා ඉන්නේ සර් මේක හරි කරන්න | කේලම
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්