theleaderlk 01


මධ්‍යම පළාත් ගුරු සහායකයන්ගේ සේවය ස්ථිර නොකිරීමට එරෙහිව රාජපක්ෂ ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂයක් විරෝධය දක්වා තිබේ.


යහපාලන ආණ්ඩුව විසින් පත්වීම් ලබා දුන් මධ්‍යම පළාතේ ගුරු සහායකයන් 380  දෙනෙකු ඉකුත් දෙසැම්බර් 15 වැනිදා සේවයේ ස්ථිර කරන බවට පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් දන්වා තිබුන ද අවසන් මොහොතේ එය අවලංගු කෙරිණි.

''එක් එක් හේතු දක්වලා ගුරු සහායකයන්ගේ සේවය ස්ථිර කිරීම කල් දමන එක අපිට අනුමත කරන්න බැහැ,'' යයි කලක් කඳුරට ජනතා පෙරමුණ නියෝජය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළ, පසුව ලංකා කම්කරු කොංග්‍රසයට එක්වී එහි නියෝජ්‍ය නායකයෙකු වූ කනපති කනකරාජා මාධ්‍යවේදීන් හමුවේ ඊයේ [29] ප්‍රකාශ කළේය.



වතුකරයේ ගුරු සහායකයන් රවටා ඇති බව පවසන ලංකා කම්කරු කොංග්‍රසය එම නිසා ඔවුන් විසින් වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට එළඹීම වළක්වාලිය නොහැකි බවද අවධාරණය කරයි.



අසාධාරණයට පත් ගුරු සහායකයෝ මහනුවර ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට දී දෙසැම්බර් 27 වැනිදා විරෝධතාවයක නිරත වුහ. සෙසු පලාත්වල ගුරු සහායකයන් ලෙස පත්වීම් ලැබූ සියලු දෙනාගේ සේවය ස්ථිර කර තිබේ.

''වතුකරයේ ගුරු හිඟයක් තියෙනවා,එය වලක්වන්න තමයි ගුරු සහායකයන් බඳවා ගත්තේ, මේ අය වැඩ කරන්නේ නොයෙකුත් ආර්ථික දුෂ්කරතා මැද්දේ රුපියල් 10,000 ක් වැනි අඩු පඩියකට, මධ්‍යම පාලත් ආණ්ඩුකාරයා එක්ක අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරින් එකතුවෙලා කතා කරලා මේ ගැන එකඟතාවකට එන්න ඕනෑ,'' යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කනපති කනකරාජා පැවසීය.

''වතු කම්කරු ජනයාගේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන සිතා මේ ගුරු සහායකයන්ට ස්ථිර පත්වීම් ලබා දෙන්න ආණ්ඩුවත් එක්ක ඉන්න CWC මැදිහත් වෙන්න ඕනෑ,'' යැයි කඳුරට ජනතා පෙරමුණේ නායක, හිටපු අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයකු වූ වේලුසාමි රාධක්‍රිෂ්ණන් නුවරඑළියේ දී කඳුරට මාධ්‍යවේදීන් ඉදිරියේ දෙසැම්බර් 27 වැනිදා  අවධාරණය කළේය.

  

 
 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 
 

රාජපක්ෂ ප්‍රයිවෙට් ටුවර් ඇන්ඩ්ට්‍ රැවල්ස් ප්‍රයිවෙට් ජෙට් !

 

 

සර් රාජපක්ෂලාටත් හූව පටන් ගත්තා  

 

මයන්තට බැසිල්ගෙන් කොන්ත්‍රාත්තුවක් !

 
 
රජකාලේ දඩුවම් නැවතත් කරළියට ! | මොණරවිලගේ ලියමන
 

 
 

නවතම පුවත්