නුගේගොඩ මිරිහාන පැලවත්ත කිරිපිටි වෙළඳ සැල අසල දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජනතාව හූ කියා නැතැයි

පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන, කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් පවසයි.

ජනාධිපතිවරයාට මිරිහානේ දී හූ කියා ඇතැයි සමාජ මාධ්‍ය තුල පලවන පුවත් වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මේ දක්වා කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

කෙසේවුවද 'පොහොට්ටු' කඳවුරේ ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන පුවත්පත් මණ්ඩල සභාපති, කථිකාචාර්ය මහින්ද පතිරණ සිය ෆේස්බුක් පිටුවේ පොස්ටුවක් පළකරමින් ,  ''විපක්ෂය කොතරම් බංකොලොත් ද කිවහොත් ජනාධිපතිවරයාට හූ කීවැයි තමන්ම ගෙතු බොරුවට හසුව ස්වයං වින්දනය වෙයි.'' යයි සඳහන් කර තිබේ.

czxdd

මේ අතර 'නිවුස් ෆස්ට්' ජනතා අදහස් උපුටා දක්වමින් වාර්තා කළේ, එම කිරිපිටි වෙළඳසැල මහජනතාවට කිරිපිටි නිකුත් කිරීම සීමා කර ඇති බවයි.

''පෙරේදා මෙතැනට පොලිසියෙන් ඇවිත් ලොකු ප්‍රශ්නයක් වුණා. පොලිසියෙන් කිව්වලු මෙතැන පෝලිම නිසා පාරවල් බ්ලොක් වෙනවා. ජනාධිපතිතුමා යනවා. ඒ හින්දා දෙන්න එපා කියලා...

ජනාධිපතිතුමා යනවා කියලා පාරේ පිටි දෙන ඒක නවත්වනවා නම් ඒක ලෝක අසාධාරණයක්. රටේ ප්‍රධාන පාලකයා හිතන්න ඕන රටේ අහිංසක දරුවෝ ගැන...'' යයි ජනතාව මෙහිදී අදහස් දැක්වුහ.  



මිරිහාන ප්‍රදේශයේ පිහිටි පැල්වත්ත කිරි හල වසා දමන ලෙසට කළ දැනුම්දීමට විරෝධය පළකරමින් කොළඹ ප්‍රදේශයේ පිහිටි සියලුම පැල්වත්ත කිරිහල් ඊයේ (30) දිනයේ වසා දමා තිබු බව වාර්තා වේ.

මිරිහානේ කිරිපිටි අලෙවි මධ්‍යස්ථානය වසා දැමීමට කළ නියෝගයට විරෝධය පළ කරමින් ඊයේ දිනයේ කොළඹ පිහිටි පැල්වත්ත කිරිපිටි බෙදාහැරිමේ මධ්‍යස්ථාන හතක් මෙලෙස වසා දමා තිබු බව lankatruth වාර්තා කර ඇත.

කිරිපිටි මිල ඉහළ දැමීමේ තීරණයත් සමග මේ දිනවල කිරිපිටි අලෙවි සැල් අසල ජනතාව දිගු පොලිම්වල සිටිනු දක්නට ලැබේ.

 

 
මේ අතර පොලිස් මුලස්ථානය ඊයේ (30) නිකුත්කළ නිවේදනයක සඳහන් වන්නේ කිරි පිටි අලෙවි සලකට 'සීල්' තබා ඇතැයි පලවන වාර්තා අසත්‍ය බවයි.

oook

 

 

 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 

 

අලි සබ්‍ර්රිගේ porn කතා! | Gossip

  

රාජපක්‍ෂලා එළවීම හූවේ සීමාවත් පනියි ! | මොණරවිලගේ ලියමන 

 

සර් රාජපක්ෂලාටත් හූව පටන් ගත්තා  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්