The Leader News
BREAKING
Top Ad
පුවත්

මිලියන 97ක දේපළ තහනමට එරෙහිව කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයන් ගොනු කළ පෙත්සම් ඉවතට

T

The Leader Desk

November 3, 2025 • 4:30 PM

මිලියන 97ක දේපළ තහනමට එරෙහිව කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයන් ගොනු කළ පෙත්සම් ඉවතට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය දී ඇති නියෝගය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් 03ක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (නොවැම්බර් 3 වැනිදා) නියෝග කරන ලදී.
  • අදාළ පෙත්සම් පිළිබඳ මූලික කරුණු සලකා බැලීමකින් අනතුරුව සම්පත් අබේකෝන්, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.
  • විමර්ශනයකට අදාළව, දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය සිය වත්කම් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ බවත්, එම තහනම් නියෝගය දීර්ඝ කිරීමට අධිකරණය පියවර ගෙන ඇති බවත් පෙත්සම්කරුවන් චෝදනා කර තිබිණි.
  • මෙවැනි තහනම් නියෝගයක් නිකුත් කිරීමට පෙර ඊට අදාළව තමන්ගෙන් කරුණු විමසීමක් නොකළ බව පෙන්වා දුන් පෙත්සම්කරුවෝ ඒකපාර්ශවික කරුණු දක්වමින් මෙම තහනම් නියෝග ලබාගෙන තිබෙන බවටත් චෝදනා කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):

පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය දී ඇති නියෝගය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් 03ක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (නොවැම්බර් 3 වැනිදා) නියෝග කරන ලදී.

හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන, දියණියක වන චන්දුලා රඹුක්වැල්ල සහ බෑණා වන ඉසුරු පුලස්ති බන්ඩාර පොල්ගස්දෙණිය යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

අදාළ පෙත්සම් පිළිබඳ මූලික කරුණු සලකා බැලීමකින් අනතුරුව සම්පත් අබේකෝන්, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.

විමර්ශනයකට අදාළව, දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය සිය වත්කම් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ බවත්, එම තහනම් නියෝගය දීර්ඝ කිරීමට අධිකරණය පියවර ගෙන ඇති බවත් පෙත්සම්කරුවන් චෝදනා කර තිබිණි.

මෙවැනි තහනම් නියෝගයක් නිකුත් කිරීමට පෙර ඊට අදාළව තමන්ගෙන් කරුණු විමසීමක් නොකළ බව පෙන්වා දුන් පෙත්සම්කරුවෝ ඒකපාර්ශවික කරුණු දක්වමින් මෙම තහනම් නියෝග ලබාගෙන තිබෙන බවටත් චෝදනා කළහ.

මේ තුළින් ස්වභාවික යුක්ති ධර්මය නමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය වන බවත්, ඒ හරහා තමන්ට දැඩි අසාධාරණයක් සිදු වී ඇති බවත් පෙත්සම්කරුවෝ කරුණු දැක්වූහ.

ඒ අනුව සිය දේපළ තහනම් කරමින් මහාධිකරණය නිකුත් කර තිබෙන තහනම් නියෝග බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, එම තහනම් නියෝග තවදුරටත් දීර්ඝ කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත්, පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.


සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල, දූෂණ විරෝධී පනත යටතේ මෙවැනි දේපළ තහනම් නියෝග ලබා ගැනීමට අල්ලස් කොමිසමට නීතිමය බලයක් තිබෙන බව සඳහන් කළේය.


යම් පැමිණිල්ලක් පිළිබඳ මූලික කරුණු සලකා බැලීමකින් අනතුරුව ප්‍රමාණවත් කරුණු තහවුරු වන අවස්ථාවක, මෙවැනි තහනම් නියෝග ලබා ගැනීමට අල්ලස් කොමිසමට බලය තිබෙන බවත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට පෙර පෙත්සම්කරුවන්ගෙන් කරුණු විමසීම අවශ්‍ය නොවන බවත් අධිකරණය කියා සිටියේය.

ඒ අනුව සෑහීමකට පත් විය හැකි නඩු නිමිත්තක් තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අපොහොසත් වී ඇති බැවින් මෙම පෙත්සම් නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරු මඩුල්ල ඒකමතිකව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළහ.

අල්ලස් කොමිසම කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ට අයත් රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් දේපළ තහනම් කරමින් කොළඹ මහාධිකරණය විසින් ඉකුත් වසරේ අගෝස්තු මස තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.

එම තහනම් නියෝගය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කරනු ලබන ඉල්ලීම්වලට අනුව මාස තුනකට වරක් දීර්ඝ කරමින් පවතියි.

මෙසේ තහනම් කළ දේපළ අතරට ස්ථාවර තැන්පතු ගිණුම්, ජීවිත රක්ෂණ ඔප්පු ආදිය ඇතුළත් වන බව වාර්තා වෙයි.

| බීබීසී සිංහල

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...