වයස අවුරුදු 12-15 අතර මෙරට ළමුන් සදහා වන එන්නත්කරණය සිකුරාදා (07) සිට ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙ‍ෙහලිය රඹුක්වැල්ල

පවසයි.

මෙයට පෙර වයස අවුරුදු 15-19 අතර ළමුන් සදහා වන එන්නත්කරණය සිදු කෙරිණි. එයට අමතරව වයස අවුරුදු 12-15 දක්වා විවිධ සංකූලතා සහිත ළමුන් සදහා එන්නත්කරණයද මෙයට පෙර සිදු කල අතර, 30,000 ක පමණ ළමුන් පිරිසක් ඒ තුල එන්නත්කරණයට ලක් කෙරුණි.

වයස අවුරුදු 12 ට වැඩි දරුවන් සදහා වන එන්නත්කරණයේ දී මේ වන විට එක් එන්නතක් පමණක් ලබාදීමට සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබේ.

එමෙන්ම පාසැල් ළමුන්ගේ එන්නත්කරණයට සමගාමීව මෙතෙක් බූස්ටර් එන්නත නොගත් පාසැල් ගුරුවරුනටද එම ස්ථානයන්හිදී එන්නත් ලබාගැනීමේ හැකියාව ඇතැයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

 

අනධ්‍යයන කාර්ය මණ්ඩල සහ පාසල් ළමුන් ප්‍රවාහනයේ නියැළෙන්නෙන් ඇතුළු පිරිස් සදහා ද මෙයට සමගාමීව බූස්ටර් එන්නත ලබාගැනීමේ හැකියාව ඇති බවත්, ඒ තුළ කොවිඩ් ව්‍යසනයේ දී දරුවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට උපරිම පියවර ගැනෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 

සදුදා (10) සිට පාසැල් සාමාන්‍ය තත්ත්වයෙන්..


රට නව සාමාන්‍යකරණයට ලක්වීමත් සමග එළැබෙන සදුදා (10) සිට පාසැල් ද සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යමින් සියළුම සිසුන් එකවර පාසල් කරා පැමිණීමට අදාළ මාර්ගෝපදේශ නිකුත් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

මෙයට පෙර කොටස් වශයෙන් පාසල් කරා ළමුන් පැමිණි අතර ඒ අනුව එළැඹෙන සදුදා සිට සාමාන්‍ය පරිදි ළමුන්ගේ පැමිණීම සිදුවනු ඇත.  

ඊයේ (05) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ අතර, එහිදී ඔහු මෙසේ ද පැවැසීය.

“වර්තමානයේ එන්නත්කරණය හරහා සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. රට සාමාන්‍යකරණ වැඩපිළිවෙලේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඉතාමත්ම වැදගත්. ගුරු භවතුන්ගේ සිට සම්පුර්ණ අධ්‍යාපන ක්ෂේත්‍රයම නියෝජනය වන පරිදි මේ අනුව එන්නත ලබාදීමේ වැඩපිළිවෙල සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සුදානම් කර තිබෙනවා. මේ වන විට එන්නත්කරණය සහ වසංගතය සම්බන්ධව අභියෝග රැසක් ජයගෙන තිබෙනවා. එය ඉදිරියට ගෙනගොස් අංග සම්පුර්ණ ආවරණයක් ලබාගැනීමට මෙම වැඩපිළිවෙලට සම්බන්ධ වී සම්පූර්ණ සහයෝගය ලබාදෙන්න.”

 
 

Leader Whats app

 
 
 
 

නාමල්ගෙ අලූත් ඇමති කෑල්ල|
 
 
දැන් නම් සැප කනේ ! | මොණරවිලගේ ලියමන
 
 
 
රාජපක්ෂලා ලන්සව අස්කරන්නෙ නෑ- හේතුව මෙන්න!
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්