ඉල්ලා අස්වෙන්නැයි ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් කළ දැනුම්දීමකට අනුව රූපවාහිනි සංස්ථාව සභාපති රෙජිනෝල්ඩ් කුරේ එම තනතුරින් ඊයේ (6) ඉල්ලා

අස්විය.

මේ අනුව රූපවාහිනි සංස්ථාවේ සභාපති ධුරය සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන පත්කිරීමට නියමිතය.

රෙජිනෝල්ඩ් කුරේ රූපවාහිනි සංස්ථාවේ සේවකයින් අමතමින් කෙටි ප්‍රකාශයක් කර සිය කාර්යාලය සහ නිල රථය බාරදී ඊයේ (6) දහවල් 12.30ට පමණ රූපවාහිනි සංස්ථා පරිශ්‍රයෙන් පිටව ගොස් ඇත.

රජයේ මාධ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ ඉහළ නිලතල වෙනස් කිරීමට රජය ගත්  තීරණයක් අනුව රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ්  කුරේ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත් එම මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා ලෙසත්  පත් කිරීමට කටයුතු යොදා තිබුණු බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

නමුත් රූපවාහිනි සංස්ථා සභාපති ධූරයෙන් නික්ම යෑමට පෙර රෙජිනෝල්ඩ් කුරේ සේවකයන් අමතා පවසා ඇත්තේ එවැනි පුටු මාරුවකට තමන්ගේ කිසිම කැමැත්තක් නොමැති බවයි.

ජනාධිපතිවරයාගේ උපදෙස්මත ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් මේවනවිට රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානින් කිහිප දෙනෙකුම වෙනස් කර කර තිබේ.

ඒ අනුව, ස්වාධීන රූපවාහිනියේ සභාපති ලෙස නිරෝෂන් ප්‍රේමරත්න, ජාතික රූපවාහිනියේ සභාපති ලෙස සොනාල ගුණවර්ධන, සැලසිනේ ආයතනයේ සභාපති ලෙස හරිත් ගුණවර්ධන දැනටමත් පත්කර ඇත. ලේක්හවුස් ආයතනයේ සභාපති ලෙස ලලිත් පියුම් පෙරේරා පත්කිරීමට නියමිත බව වාර්තාවේ.

 
 

Leader Whats app

 
 
 
 

කඩේ යන්නෝ අඩුවෙලා පොලේ යන්නෝ වැඩිවෙයි ! | මොණරවිලගේ ලියමන
 
 
නාමල් ඇමතිකම් අත්හරින තීන්දුවක ! | Gossip
 
 
නාමල්ගෙ අලූත් ඇමති කෑල්ල|
 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්