ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ නායකත්වයෙන් යුත් එක් රටක් එක් නීතියක් ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාව

වාසභූමිය කොටගත් බහුවිධ ජන කණ්ඩායම් වලට බලපාන පාරම්පරික නීති අහෝසි කිරීම බවට බිය පලවෙමින් තිබේ.

''දෙමළ ජනයා අතර ක්‍රියාත්මක තේසවලාමේ නීතිය අහෝසි කිරීමට නීති මගින් කටයුතු කරන්න ජනාධිපතිවරයා එක් රටක් එක් නීතියක් කාර්ය සාධක බළකාය යොදා ගෙන තියෙනවා,'' යැයි උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සභා කුගදාස් පවසයි.

 ජනමාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දෙන්නේ, එක් රටක් එක් නීතියක් සංකල්පයේ පොදු ස්ථාවරය රටේ සුළුතර ජාතීන්ට එරෙහිව ක්‍රියාත්මක වීම වුවත්, මින් විශාලතම බලපෑම වනුයේ උතුරු නැගෙනහිර වෙසෙන දෙමළ ජනයාට බවය.


 යුරෝපීයන්ගේ ආක්‍රමණයන්ට පෙර උතුරේ දෙමළ රජවරුන් පාලනය කරනු ලැබූයේ තේසවලාමේ නීතිය යටතේය.


''නුවර කේන්ද්‍රකරගත් රාජධානියේ උඩරට නීතිය සිංහල ජනයාටත්, උතුරේ යාපන රාජ්‍යයේ දෙමළ ජනයාට තේසවලාමේ නීතියත් ක්‍රියාත්මක වුණා. මේක දෙමළ මිනිස්සුන්ට මේ රටේ ජාතියක් කියලා කියන්න තියෙන හොඳ සාධකයක්,'' යැයි හිටපු පළාත් සභා මන්ත්‍රී කුගදාස් පවසයි.

 උතුරේ ජනයා ලංකාවේ කොතැනක ජිවත් වුවද තේසවලාමේ නීතිය ඔවුන්ට ද බලාත්මක වන අයුරින් දෙමළ මුදලිවරුන් විසින් නිසි ලෙස සකස් කර ඕලන්ද සමයේදී රෝම ලන්දේසි නීතිය යටතේ ද වලංගු බවක් ලබා තිබේ. ඊට අමතරව කෝල්බෘක් කොමිසම මගින්ද තේසවලාමේ නීතිය තහවුරු කර ඇතැයි මන්ත්‍රීවරයාගේ ලියවිල්ලේ සඳහන් වේ.


රැවටිල්ල:


 ''යාපනේට පැමිණි ඥානසාර හාමුදුරුවෝ ජනාධිපතිට පක්‍ෂව ඉන්න සුළු පිරිසක් හමුවෙලා තේසවලාමේ නීතියත් අලුතින් හදන නීතියට ඇතුල් කරනවා කියලා දෙමළ ජනතාව රවට්ටන්න කිව්වත්, ජනාධිපති කාර්ය සාධක බළකාය සැලසුම් කරන්නේ දෙමළ ජනයා වෙනම ජාතියක් කියලා කියන්න තියෙන තේසවලාමේ නීතිය අහෝසි කරන්න,'' යැයි ඔහු සඳහන් කරයි.

 
 
 

Leader Whats app

 
 
 
 
බුද්ධි අංශ නාමල් ගැන සෝදිසියෙන්! | The Leader TV

.

කඩේ යන්නෝ අඩුවෙලා පොලේ යන්නෝ වැඩිවෙයි ! | මොණරවිලගේ ලියමන
 
 
නාමල් ඇමතිකම් අත්හරින තීන්දුවක ! | Gossip
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්