The Leader News
BREAKING
Top Ad
පුවත්

සිවුරු පෙරවූ පඬු­ක­රඳ ගහේ වන්දිය මිලි­යන 980ක් !

T

The Leader Desk

January 17, 2026 • 4:02 PM

සිවුරු පෙරවූ පඬු­ක­රඳ ගහේ වන්දිය මිලි­යන 980ක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තම ඉදි­කි­රීම් ප්‍රමා­දය නිසා වූ පාඩුව වෙනුවෙන් අදාළ චීන සමා­ගම රු මිලි­යන 980ක් වන්දි­යක් ලෙස ඉල්ලා ඇතැයි මධ්‍යම අධි­වේගි මාර්ග ව්‍යාපෘ­තියේ අධ්‍යක්ෂ ඉංජි­නේරු ආර්.එම්.ජේ.එන්.
  • මේ මාර්ගය ඉදි කිරීම ප්‍රමාද වූ නිසා චීන සමා­ග­මට ගෙවිය යුතු සම්පූර්ණ වන්දි මුදල තව­මත් ගණන් බලා නැති බව පැවසූ ව්‍යාපෘ­තියේ අධ්‍ය­ක්ෂ­ව­රයා පෙන්වා දුන්නේ මේ වන විට එම වන්දි මුදල් ගණ­නය කර­මින් තිබෙන බවයි.
  • අනතුරුව සංඝයා වහන්සේලා ගස වටා චීවරයක් පළඳා පිරිත් නූල් බැඳ පඬුකරඳ ගස සාංඝික දේපළක් බවට පත්කළහ.
  • මෙහිදී අනුශාසනාවක් කළ ජාතික භික්ෂු පෙරමුණේ විධායක සභික තංගල්ලේ නාරද හිමියෝ සඳහන් කළේ රටක පාලකයින් පත් කරගනු ලබන්නේ ජනතාව සහ පරිසරය ආරක්ෂා කර ගැනීමට වුවත්, වර්තමානයේ ආණ්ඩුවෙන් රටත් පරිසරයත් බේරා ගැනීමට සිදුවන තත්ත්වයක් උදා වී ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

තම ඉදි­කි­රීම් ප්‍රමා­දය නිසා වූ පාඩුව වෙනුවෙන් අදාළ චීන සමා­ගම රු මිලි­යන 980ක් වන්දි­යක් ලෙස ඉල්ලා ඇතැයි මධ්‍යම අධි­වේගි මාර්ග ව්‍යාපෘ­තියේ අධ්‍යක්ෂ ඉංජි­නේරු ආර්.එම්.ජේ.එන්. රත්නා­යක කීය.

මේ මාර්ගය ඉදි කිරීම ප්‍රමාද වූ නිසා චීන සමා­ග­මට ගෙවිය යුතු සම්පූර්ණ වන්දි මුදල තව­මත් ගණන් බලා නැති බව පැවසූ ව්‍යාපෘ­තියේ අධ්‍ය­ක්ෂ­ව­රයා පෙන්වා දුන්නේ මේ වන විට එම වන්දි මුදල් ගණ­නය කර­මින් තිබෙන බවයි.

 පඬු­ක­රඳ ගස නිසි වේලා­වට ඉවත් කිරී­මට නොහැකි වීමෙන් පම­ණක් මෙසේ රු. මිලි­යන 1000කට ආසන්න මුද­ලක් රටට අහිමි වූ බවත්, එමෙන්ම 2022 වසරේ අප්‍රේල් සිට 2025 සැප්තැ­ම්බර් දක්වා කිසිදු ඉදි කිරී­මක් නොවූ හෙයින් මෙරට ගබඩා කිහි­ප­යක ගාල් කර හා ස්ථාපිත කර තිබූ චීන සමා­ගමේ යන්ත්‍ර සූත්‍ර වාහන ඇතුළු බොහෝ දේ යළි භාවි­ත­යට සකස් කිරී­මට ඔවුන්ට මාස 3ක පමණ කාල­යක් ඉල්ලා සිටි බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

පඬු කරඳ ගස පැවිදි කරයි

cvbdgdf

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී ඉවත් කිරීමට නියමිතව තිබු ශ්‍රී ලංකාවට ආවේණික ආරක්ෂිත ශාකයක් වන කෲඩියා සෙලනිකා හෙවත් පඬුකරද ගස ආරක්ෂා කිරීමේ අරමුණින් මහා සංඝරත්නය 2021 පෙබරවාරි 10 එහි ගොස් සෙත් පිරිත් දේශනා කර චීවරයක් පළඳා පැවිදි කර සාංඝික දේපළක් බවට පත්කළහ.

ජාතික භික්ෂු පෙරමුණ හා පුරාවස්තු  සුරකීමේ සංවිධානයට සම්බන්ධ මහා සංඝයා වහන්සේලා පිරිසක් ගස පිහිටි ස්ථානයට එදින වැඩම කළ අතර එහිදී ආගමික වතාවත් සිද්ධ කළහ. අනතුරුව සංඝයා වහන්සේලා ගස වටා චීවරයක් පළඳා පිරිත් නූල් බැඳ පඬුකරඳ ගස සාංඝික දේපළක් බවට පත්කළහ.

මෙහිදී අනුශාසනාවක් කළ ජාතික භික්ෂු පෙරමුණේ විධායක සභික තංගල්ලේ නාරද හිමියෝ සඳහන් කළේ රටක පාලකයින් පත් කරගනු ලබන්නේ ජනතාව සහ පරිසරය ආරක්ෂා කර ගැනීමට වුවත්, වර්තමානයේ ආණ්ඩුවෙන් රටත් පරිසරයත් බේරා ගැනීමට සිදුවන තත්ත්වයක් උදා වී ඇති බවයි. මෙම ශාකයේ තවත් ගස් කිහිපයක් ඇති බවට රජය ප්‍රකාශ කරමින් ගස  විනාශ කිරීමට උත්සාහ ගත්තත්  ටේත් ලෝකයේත් බෝධි වෘක්ෂ ගණනාවක් තිබෙන සමයක ශ්‍රී මහා බෝධිය ඉවත් කිරීමට කිසිවෙකු සූදානම් නැති බව නාරද හිමියෝ මෙහිදී අවධාරණය කළහ.

මෙම ගස සාංඝික කර චීවරයක් පළන්දන ලද්දේ ආණ්ඩුවෙන් ගස ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක් වශයෙන් බවද උන්වහන්සේ සඳහන් කළහ.

පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ මෙහිදී ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා කොන්ද කෙලින් තියාගෙන පොදු දේපල රැක ගැනීමට  බිය නොවිය යුතු බව රාජ්‍ය සේවකයින්ට පවසා ඇති වුවත්, අද එසේ කරන රාජ්‍ය සේවකයින් ආරක්ෂා කිරීමට පියවර නොගන්නා බවයි.  අපට පමණක් නොව පරිසරය ආරක්ෂා කරගැනීමට වැදි නායකයාටත් ආණ්ඩුව සමඟ නඩු කියන්නට සිදුවීම කනගාටුවට කරුණක් බව ද සමිත හිමියෝ සඳහන් කළහ.ගස් කොළකොළන් පැළ කිරීමට වවුලන්ගෙන් විශාල සේවාවක් සිදු වුවත් අද ආණ්ඩුව වවුලන් කරන සේවාවවත් පරිසරය වෙනුවෙන් නොකරන බවට සමිත හිමියෝ මෙහි දී චෝදනා කළහ.

ජාතික භික්ෂු පෙරමුණේ සාමාජිකයින් වන හෝමාගම ආනන්ද, තලහගම ඥානසිරි, අත්තයාල විජිත යන හිමිවරුන් ද  ගම්පහ දිස්ත්‍රික් සමාජවාදී තරුණ සංගමයේ හා මුතුරාජවෙල අභය භූමිය රැක ගැනීමේ සංවිධාන නියෝජිතවරු  ද මේ අවස්ථාවට එක්ව සිටියහ.


(මුලාශ්‍රය | silumina)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...