දශක තුනක් පුරා දිගැදුනු ලංකාවේ යුද්ධය ජය ගන්නට ආණ්ඩුවට අවශ්‍ය සහාය ලබා දුන් බවට චීනය ප්‍රකාශ කර තිබේ.

''ලංකාවේ `ත්‍රස්තවාදයට`විරුද්ධව උදව් කරන්න අනෙකුත් රටවල් පසු බාද්දී, චීනය ලංකාවට අවශ්‍ය ආයුධ සහ පුහුණුව ලබා දී දශක ගානක් තිබුණු යුද්ධය ජයග්‍රහණයෙන් අවසන් කළා,'' `යැයි කොළඹ සිටින චීන තානාපති කී සෙන්හොංග් තෝරාගත් කොළඹ මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් සමග පැවති හමුවකදී පැවසීය.



චීන රාජ්‍ය දුතයා එසේ පැවසුවත්, ඇමරිකාව, හා ඊශ්‍රායලය ඇතුළු බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකා දූපතේ වැඩි හිමිකාරකමකට චීනය හා තරග වදිමින් සිටින ඉන්දියාවද යුද්ධයේදී පූර්ණ සහාය ලබා දුන්නේ ආණ්ඩුවටය.




ලංකාව සම්බන්ධයෙන් චීනයට රහසිගත වැඩපිළිවෙලක් ඇතැයි ගෙන යන ප්‍රචාර ප්‍රතික්ෂේප කරන චීන තානාපති, උතුරු ප්‍රදේශය සංවර්ධනය කිරීමට අවශ්‍ය සහාය ලබා දීමට චීනය අදහස් කරන බවද සඳහන් කළේය.

''දුපත් තුනේ විදුලි උත්පාදන වැඩසටහන් අවලංගු කිරීම නිසා ලංකාවට වෙන්නේ ලොකු පාඩුවක්. මෙම ව්‍යාපෘති ආසියානු සංවර්ධන බැංකුව හරහා ටෙන්ඩර් ඉදිරිපත් කර චීනයේ පෞද්ගලික අංශය මගින් ලබා ගෙන තියෙන්නේ. ඒකට තානාපති කාර්යාලයේ සම්බන්ධයක් නැහැ,'' යැයි චීන තානාපති කී සෙන්හොංග්  අවධාරණය කළේය.



‘නිදහස්’  වෙළෙඳ ගිවිසුම්


ලංකාව සහ චීනය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා ලංකා ආණ්ඩුව කැමැත්ත දක්වා ඇති බව පවසන චීන තානාපති දැනට ලංකාව මුහුණ දෙන අර්බුදය හමුවේ චීන රජය වාසි ලබා නොගන්නා බවත්, දෙරට අතර දිගු කලක සිට සුහද මිතුරු දම් පවතින බවද සඳහන් කර තිබේ.

''ලංකාවේ මුල්‍ය ගැටලු විසදීමට දෙරටේම ඒකාබද්ධ උත්සහයක් පවතිනවා. මට හිතෙන්නේ මේ ණය අර්බුදයෙන් ලංකාව ජය ගනීවි කියලා. මේ අමාරුකම් තාවකාලිකයි. කොහොමත් චීන -ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ලංකාවට දීර්ඝ කාලින සහනයක් වේවි,'' යැයි කී සෙන්හොංග් මාධ්‍යවේදීන් හමුවේ විශ්වාසය පළ කළේය.
 

යෝජිත චීන -ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මගින් ලංකාවට හානියක් වන බවට කෙරෙන ප්‍රකාශ චීන තානාපතිවරයා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

 
 
 

Leader Whats app


 
 
 

සර් ජනමත විචාරණ තියන්න ඉස්සෙල්ලා පාරේ බැහැලා යන්න පුළුවන් විදිහක් හදලා දෙන්න.  

 

இலங்கையில் அவசர பொதுத் தேர்தல்? பிரதமர் வேட்பாளராக களமிறங்கும் பசில்!

 

  
කලින් ජනමත විචාරණයක් ! | මොණරවිලගේ ලියමන
 
 
 
ස'ගේ රාජාසන කතාව පැරදවීමේ සූදානමක්! | Gossip
 
 
 
ඩොලර් රහස | Mr. Opposite 
 

 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්