මෙරටට ගෑස් ආනයනය කරනු ලබන සමාගම් දෙක විසින් ඊයේ ගෙන්වනු ලැබූ ගෑස් තොග නියමිත ප්‍රමිතියෙන් හා සං

යුතියෙන් තොරවීම නිසා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ අනුව ඉදිරිදින කිහිපය තුල මෙරට බරපතල ගෑස් හිඟයක් මතුවනු ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

එම ආරංචි මාර්ග වලට අනුව, ලිට්රෝ සමාගම විසින් ගෙන්වන ලද ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් හා ලාෆ් සමාගම විසින් ගෙන්වන ලද ගෑස් මෙට්‍රික් ටොන් 2900ක් ප්‍රමිති ආයතනය විසින් මෙරට තුළ බෙදාහැරිම අත්හිටුවා ඇත්තේ, එම ගෑස් වල නියමිත ප්‍රෝටෙන් සංයුතිය ඉක්මවා තිබීම නිසාය.

මෙම තත්වය තුල ඊයේ හා අද දිනයේ ලිට්රෝ ගෑස් බෙදා හැරීම් ඇනහිට තිබේ.

 එසේම, ලාෆ් සමාගමේ මාබිම ටර්මිලයේ වැඩ අද දිනයේ නවතා ඇති අතර හා එම සමාගම සතු හම්බන්තොට ලාෆ් ටර්මිනලයේ වැඩ හෙට දිනයේ නවතා දැමීමට සිදුවනු ඇතැයි වාර්තාවේ.

මේ අතර ප්‍රමිති ආයතනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ ගෑස් තොග නිදහස් කර වෙළඳපොළට නිකුත්කිරීමේ සුදානමක් ගැනද විවිධාකාරයේ කටකතා පැතිරයමින් තිබේ.

මේ සම්බන්ධයෙන් රජයේ කිසිඳු බලධාරියකු මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නොමැත. 

 
 

 

 

 
 

Leader Whats app


 
 
 
චීනගේ ලණුවට නාමල් අහුවෙයි! | Gossip
 
 
 
 
සර් රවි දුන්නා සිරිසේනට අමල් බිසෝ වෙන්න,.
 


225ටම ඇමතිකම්! | වියත්කතා
 



මේ පාර දෙන්නෙ හූ නොවෙයි චූ ! | මොණරවිලගේ ලියමන
 


ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්