ජාතික රුපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීමට ජනාධිපතිවරයා ගත් පියවරට එකට එක කිරීමක් ලෙස සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට

(ලේක්හවුසියට) අලුත් සභාපතිවරයකු පත්කර කිරීමට ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන තීරණය කර ඇතැයි එම අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. මහාභාරකාරවරයා මගින් එම පත්වීම සිදුකිරීමට අවශ්‍ය කටයුතු ඊයේ (11) සවස වනවිට සුදානම් කළ බව ද එම ආරංචිමාර්ග වැඩි දුරටත් කියා සිටියි.

එවැනි තත්වයක් තුල ජනාධිපතිවරයා ප්‍රකෝපවී ලේක්හවුස් ආයතනයද ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කරනු ඇතැයි අපේක්ෂා කරන රාජ්‍ය ඇමතිවරයා, එම තත්වය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව ජනමතයක් ගොඩනැගීමට සැලසුම් කර තිබේ.

sep 11 Text 1මේ අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්‍ෂක අමාත්‍යංශය යටතට පත් කිරීම ගැන විරෝධය දක්වමින් ජනමාධ්‍ය හා ආරක්‍ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කර තිබේ.

''උසස් මාධ්‍ය සදාචාරයක් ඇති කිරීමට අපේක්ෂා කරන ඔබතුමා අවම සදාචාරය ආරක්ෂා කරමින් අදාළ අති විශේෂ ගැටළු ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර විෂය භාර අමාත්‍යවරයා ලෙස මා දැනුම්වත් කිරීමට කටයුතු නොකිරීම ගැන මම අතිශයින් කණගාටු පත්වෙමි.'' යයි එම ලිපියේ සඳහන් වේ.

එම ලිපියේ වැඩි දුරටත් මෙසේ දැක් වේ.

 

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීම

ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා ලෙස 2019 පෙබරවාරි 22 වැනි දින ඔබතුමා හමුවේ දිවුරුම් දීමෙන් අනතුරුව අකාර්යක්ෂම පරිපාලනය හේතුවෙන් පාඩු ලබමින් තිබෙන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වත්මන් පරිපාලනය ඉවත් කර සුදුසු දක්‍ෂ හා කාර්යක්ශම සභාපතිවරයෙකු පත් කිරීමට මා විසින් අවස්ථා කිහිපයකදී උත්සාහ කළ අතර ඔබතුමා එම සියළු අවස්ථාවන්හිදී විවිධ හේතු දක්වමින් ඊට බාධා කළ බව ඔබතුමාට පෙන්වා දෙමි.

මේ වන විට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මහා භාණ්ඩාගාරයට බරක් වෙමින් මාසයකට රුපියල් කෝටි පහකට අධික පාඩුවක් ලබමින් තිබෙන බව විගණන වාර්තා අනුව පැහැදිලි වෙයි. මාධ්‍ය සමීක්ෂණ වාර්තා අනුව ජාතික රූපවාහිනිය මේ වන විට ශ්‍රී ලංකාවේ ටෙලිවිෂන් චැනල් අතර 06 වන ස්ථානයට වැටී තිබේ.

ජාතික රූපවාහිනිය ප්‍රේක්ෂකයන් ආකර්ෂණය දිනාගත් නාළිකාවක් බවට පත් කිරීමට වර්තමාන සභාපතිනිය අපොහොසත් වී ඇති බව මෙයින් ඔබට පැහැදිලි වනු ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ බහුතර සේවකයන් ද සාක්ෂි දරනු ඇත.

කරුණු එසේ තිබියදී ඔබතුමා විසින් නිකුත් කළ 2019/10/28 දින අංක 2140/2 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ‍ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත් කර ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර ගැනීම ගැටලු සහගත තත්ත්වයක් බව හැඟී යයි.

sep 11 Text 2ඉතිහාසයේ කිසිදු දිනෙක ප්‍රශ්න අතිශය දරුණු යුද්ධයකට මැදි වූ අවස්ථාවකදී ද ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර නොගත් බවද කණගාටුවෙන් පෙන්වා දෙමි. ඒ අනුව ඔබමාගේ මෙම තීරණය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස තර්ජනයකට ලක් වීමක් ලෙස අර්ථ දැක්වීම නතර කළ නොහැකි බව මගේ අදහසයි.

ජාතික ආරක්ෂාව තහවුරු කරමින් ජනතාව අතර සාමය සමඟිය සහ සංහිඳියාව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය භාවිතයෙන් වර්ධනය කිරීමට අති නවීන තාක්ෂණය යොදා ගනිමින් ජනතාවගේ රසඥතාව වර්ධනය කිරීම හා උසස් මාධ්‍ය සදාචාරයක් ඇති කිරීම සඳහා රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සිදුකළ බව ගැසට් නිවේදනය සඳහන් වුවද ගෙවී ගිය වසර හතරක කාලය තුළ ඔබ තුමන් ඒ පිළිබඳව කිසිදු විටෙක මැදිහත් නොවූ බවද මතක් කරමි.

එමෙන්ම උසස් මාධ්‍ය සදාචාරයක් ඇති කිරීමට අපේක්ෂා කරන ඔබතුමා අවම සදාචාරය ආරක්ෂා කරමින් අදාළ අති විශේෂ ගැටළු ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර විෂය භාර අමාත්‍යවරයා ලෙස මා දැනුම්වත් කිරීමට කටයුතු නොකිරීම ගැන මම අතිශයින් කණගාටු පත්වෙමි.''

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්