මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම ඉලක්ක කරමින් (ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය) JICA ආධාර ව්‍යාපෘතිය යටතේ දිවයිනේ

රෝහල් 09 ක් සඳහා රුපියල් මිලියන 400 ක පමණ වටිනා රෝහල් උපකරණ ලබාදීම ඊයේ (19) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණී.

ජපන් තානාපති Mizukoshi Hideaki (මිසුකොෂි හිදෙකි) විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල වෙත මෙම උපකරණ තොගය නිල වශයෙන් ලබාදීම එහිදී සිදු කෙරිණි.

මේ යටතේ තෙල්දෙණිය, වරකාපොල, වැලිකන්ද, පිඹුර, කරවනැල්ල, අවිස්සාවේල්ල, නාවලපිටිය, හිඟුරක්ගොඩ යන මූලික රෝහල් වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ පී.සී.ආර්. රසායනාගාරය සඳහා අවශ්‍ය උපකරණ පරිත්‍යාගය සිදු කෙරිණි. පී.සී.ආර්. කට්ටල, හදිසි ප්‍රතිකාර ඇඳන්, හදිසි ප්‍රතිකාර ඒකක උපකරණ, වෙන්ටිලේටර්ස් වැනි උපකරණ තොගයක් ඒ අතරවිය.

මෙරට සෞඛ්‍ය පද්ධතියට ජපන් රජය මෙන්ම ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය දිගුකලක සිට සහයෝගය ලබාදෙන අතර ඒ යටතේ මෙරට රෝහල් පද්ධතිය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාවට නගා තිබේ.

 

වසර 70 ක පමණ කාලයක සිට ජපානය හා ශ්‍රී ලංකාව දැඩි මිත්‍රශීලීත්වයකින් කටයුතු කරන බවත් විශේෂයෙන් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සි ආධාර යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීමට හැකිවූ බවත් එහිදී අදහස් දැක්වූ ජපන් තානාපති Mizukoshi Hideaki පැවසිය.

 

කොවිඩ් ව්‍යසනයේදී එන්නත්කරණය, පී.සී.ආර් රසායනාගාර සේවා වැඩිදියුණු කිරීම් ආදී සේවාවන් රැසක් වෙනුවෙන් මෙම ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හරහා විශාල ආධාර ප්‍රමාණයක් මෙරටට ලබාදී ඇති බවද ජපන් තානාපතිවරයා කියා සිටියේය.

මෙම වසංගත තත්ත්වයෙන් නැගී සිටිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමට උපරිම සහයෝගයක් ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් කීය.  

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, අතිරේක ලේකම් වෛද්‍ය සුනිල්ද අල්විස් , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ JICA ව්‍යාපෘතියේ මෙරට ජ්‍යෙෂ්ඨ නියෝජිත ටකෂිමා කියොෆුමි යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියේය.

japan hospital


Leader Whats app


 



கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!



සර් මොකක් හරි ගේමක් ගහලා නිමල් සිරිපාල ශ්‍රීලනිප නායකයා කරගන්න බැරිද?



මෙලහට වැඩේ ඉවරයි මෙන්න මුං නැත්තං !| මොණරවිලගේ ලියමන



ආණ්ඩුව දැන්මම ජවිපාවුන්ට බයවෙලා! | Gossip



225ටම ඇමතිකම්! | වියත්කතා

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්