දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිසම මගින් තමන්ට එරෙහිව සිදු කළ

නිර්දේශ හා සොයා ගැනීම් බලරහිත කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, අභියාචනාධිකරණය හමුවේ අද (21) රිට් පෙත්සමක් ගොනු කළේ ය.

එම පෙත්සම ඉදිරිපත් කළේ , නීතිඥ මංජුල බාලසූරිය මගින් ය.

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු උපාලි අබේරත්න හා එහි සාමාජිකයන් ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම හා එහි සභාපති නිශ්ශංක සේනාධිපති, නීතිපතිවරයා ඇතුළු 08 දෙනෙක් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති කළ පැමිණිල්ලක් සම්බන්ධව සාක්ෂිදීමට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කොමිසමෙන් ලද පැමිණිල්ලට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ තමා රීට් පෙත්සමක් ගොනු කළ බව පවසා සිටි ශානි අබේසේකර, එම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් තමාට එරෙහිව කටයුතු නොකරන බවට කොමිසමේ කොමසාරිස්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ සහතිකයක් දී තිබූ බවයි.

එසේ තිබියදී කොමිසමේ නිර්දේශ හා සොයාබැලීම් ඇතුළත් වාර්තාව 2020 නොවැම්බර් 24 ඉදිරිපත් කළ බවත් එහි තමන්ට එරෙහිව නිශ්ශංක සේනාධිපති කළ පැමිණිල්ල අනුව සිදු කළ නිර්දේශ කිහිපයක් ඇති බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.

අධිකරණය හමුවේ එසේ සහතිකයක් ලබාදී තිබියදී නිර්දේශයක් සිදු කිරීමෙන් වගඋත්තරකරුවන් අභියාචනාධිකරණ නියෝග පැහැර හැර ඇති බව පෙන්වා දෙන ශානි අබේසේකර ඉල්ලා සිටින්නේ, වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර අදාළ නිර්දේශ බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙසය.

(News 1st)

 

 
 
 
 
වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 
 
  
 
සෙනාට තගක් දැම්මම ඔක්කොම වමාරයි !| මොණරවිලගේ ලියමන
 
 
 
 
කාවන්තිස්ස ආරූඪ වූ පොලිස් ලොක්කා කවුද? | Gossip



 
கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!



 
සර් මොකක් හරි ගේමක් ගහලා නිමල් සිරිපාල ශ්‍රීලනිප නායකයා කරගන්න බැරිද?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්