The Leader News
BREAKING
Top Ad
පුවත්

ලංකාවේ ‘මූණු පොතේ දැන්වීම් රාජයා’ බ්‍රිතාන්‍යය ඉලක්ක කරගත් AI මෙහෙයුමක

T

The Leader Desk

November 21, 2025 • 8:08 AM

ලංකාවේ ‘මූණු පොතේ දැන්වීම් රාජයා’ බ්‍රිතාන්‍යය ඉලක්ක කරගත් AI මෙහෙයුමක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම තොරතුරු අසත්‍ය බව පවසන ගීත් සූරියපුර තමන් වෙත එල්ල කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
  • වාර්තාවෙන් එල්ල කෙරෙන චෝදනා සම්බන්ධයෙන් අවම වශයෙන් තමන් ගෙන් විමසීමක් හෝ දැනුවත් කිරීමක් සිදු නොකළ බව ගීත් සූරියපුර ෆේස්බුක් සජීවී විකාශයකින් අඟහරුවාදා (18) කියා සිටියේ ය.
  • මොකද මේ අය සංක්‍රමණිකයන්ට කැමති නැහැ," යනුවෙන් ගවේෂණාත්මක මාධ්‍ය කාර්යාංශය (TBIJ) සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ගීත් සූරියපුර පැවසූ බව එම වෙබ් අඩවියේ පළ කළ වාර්තාවේ දැක්වේ.
  • එක්සත් රාජධානියේ ෆේස්බුක් පරිශීලකයන් ඉලක්ක කරගත් ෆේස්බුක් පිටු සහ කණ්ඩායම් (groups) 128ක් - සමස්තයක් ලෙස පරිශීලකයන් මිලියන 1.6ක් - සූරියපුර සහ ඔහුගේ සිසුන්ට සම්බන්ධ බව මෙම ගවේෂණයෙන් අනාවරණය කරගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

avb456y5bhbh
ලන්ඩනය මූලස්ථානය කොටගත් ගවේෂණාත්මක මාධ්‍ය කාර්යාංශය (TBIJ), දේශපාලන උපදේශන සංවිධානයක් වන මුලෝපායික සංවාදය සඳහා වන ආයතනය (ISD) සහ බ්‍රිතාන්‍යයේ ජාතික පුවත්පතක් වන සන්ඩේ ටයිම්ස් විසින් ඒකාබද්ධව සිදු කළ මෙම ගවේෂණයට අනුව, ගීත් සූරියපුර නම් මෙම පුද්ගලයා දුස් තොරතුරු පළ කෙරෙන ෆේස්බුක් සමාජ මාධ්‍ය පිටු (Facebook Pages) 100කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාලයක නියමුවා ලෙස කටයුතු කරයි.

එම තොරතුරු අසත්‍ය බව පවසන ගීත් සූරියපුර තමන් වෙත එල්ල කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

cvywvgසන්ඩේ ටයිම්ස් වාර්තාව

"මුහුණු පොතේ දැන්වීම් රාජයා (Facebook Ads King)" යන විරුදාවලියෙන් තමන් හඳුන්වාගන්නා මෙම පුද්ගලයා ෆේස්බුක් සමාජ මාධ්‍ය පිටු නිර්මාණය කිරීමෙන් ඩොලර් ලක්ෂ 3ක් උපයා ඇති බව පවසන ඔහු එම ආදායම උපයා ඇත්තේ අදාළ ෆේස්බුක් පිටුවල පළ කළ වීඩියෝ අතරතුර පෙන්වන දැන්වීම්වලින් (Facebook Ads) බවත් සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත.

 

වාර්තාවෙන් එල්ල කෙරෙන චෝදනා සම්බන්ධයෙන් අවම වශයෙන් තමන් ගෙන් විමසීමක් හෝ දැනුවත් කිරීමක් සිදු නොකළ බව ගීත් සූරියපුර ෆේස්බුක් සජීවී විකාශයකින් අඟහරුවාදා (18) කියා සිටියේ ය.

vw46ue56TBIJ වාර්තාවෙන්
කෙසේ වෙතත්, තමන් ඉලක්ක කරන්නේ "වයසක කට්ටිය... මොකද මේ අය සංක්‍රමණිකයන්ට කැමති නැහැ," යනුවෙන් ගවේෂණාත්මක මාධ්‍ය කාර්යාංශය (TBIJ) සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ගීත් සූරියපුර පැවසූ බව එම වෙබ් අඩවියේ පළ කළ වාර්තාවේ දැක්වේ.

ෆේස්බුක් ඇසුරින් මුදල් ඉපයීම උගන්වන පුහුණු ආයතනයක් ද පවත්වාගෙන යයි. එක්සත් රාජධානියේ ෆේස්බුක් පරිශීලකයන් ඉලක්ක කරගත් ෆේස්බුක් පිටු සහ කණ්ඩායම් (groups) 128ක් - සමස්තයක් ලෙස පරිශීලකයන් මිලියන 1.6ක් - සූරියපුර සහ ඔහුගේ සිසුන්ට සම්බන්ධ බව මෙම ගවේෂණයෙන් අනාවරණය කරගෙන ඇත.

b56w56bwෆේස්බුක් පෝස්ටුවක්

11vw564y4පල්ලි සහ හලාල් අවන්හල් ආසන්නයේ ජීවත් වීමට හැකි පරිදි ලන්ඩනයේ නගරාධිපති සාදික් ඛාන් විසින් මුස්ලිම්වරුන්ට ලන්ඩනයේ පොදු නිවාස 40,000ක් ඉදි කිරීමට යන බව සඳහන් අසත්‍ය පෝස්ටුවක් ඉකුත් මාර්තු මාසයේ සූරියපුර ගේ ෆේස්බුක් පිටුවක පළ කර තිබෙන බව ගවේෂණයෙන් හෙළි වේ. එක් යූ ටියුබ් සමාජ මාධ්‍ය වීඩියෝවක් මගින් ගීත් සූරියපුර සිය සිසුන්ට ගුරුහරුකම් දී ඇත්තේ දේශපාලන මාතෘකා ගැන - විශේෂයෙන්ම ‘වැඩි පිරිසක් ඇද ගැනීමට හැකි ඇවිස්සෙන සුළු’ මාතෘකාවක් වන සංක්‍රමණ වැනි- දැඩි උනන්දුවක් දක්වන සමාජ මාධ්‍ය පරිශීලකයන් පිරිසක් සිටින නිසා එක්සත් රාජධානිය ඉලක්ක කරගන්නා ලෙසයි. මෙම ජාලයේ පළ කෙරෙන ඇතැම් අන්තර්ගත මගින් සංක්‍රමණිකයන් හඳුන්වා ඇත්තේ ‘ආක්‍රමණිකයන්’ ලෙසයි.

18976873648736iudhisdෆේස්බුක් පෝස්ටුවක්

 

Proper British Pride, Together for Britain, It's Real British Here වැනි ෆේස්බුක් පිටු ඔස්සේ ලන්ඩනයේ නගරාධිපති සහ බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් දැඩි ලෙස විවේචනය කර ඇති බවත් ඔවුන්ගේ ඉල්ලා අස්වීම බලකරමින් පැවැත්වෙන ව්‍යාජ මහජන විරෝධතා දැක්වෙන කෘත්‍රිම බුද්ධියෙන් (AI) උත්පාදිත වීඩියෝ, ඡායාරූප ආදිය පළ කර ඇති බවත් සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත. දේශපාලන අන්තර්ගතයන් වයිරල් කිරීම දස ගුණයකින් වේගවත් කිරීමට AI වීඩියෝවලට හැකියාව ඇති බව ගීත් සූරියපුර සිය සිසුන්ට උගන්වා තිබේ.

කෙසේ වෙතත් මේ ගැන අදහස් දක්වමින් සූරියපුර සන්ඩේ ටයිම්ස් වෙත පවසා ඇත්තේ “ප්‍රචණ්ඩත්වය පැතිරීමට” සිසුන් දිරිමත් නොකළ බවයි. "කොහොමද කියන්නේ මම ෆේස්බුක් පේජ් 128ක් කරනවා කියලා. ෆේස්බුක් මුදල් ඉපැයීම සහ සමාජ මාධ්‍ය පරිශීලකයන් ඉලක්ක කිරීම ගැන අපි ජනතාව දැනුවත් කරනවා, ඊට පස්සේ ශිෂ්‍යයෝ ඉලක්ක කරන්නේ තමන්ගේ අවශ්‍යතාවයට හරියන සමාජ මාධ්‍ය පරිශීලකයන්,” ඔහු එහිදී පවසා ඇත.

ගවේශනාත්මක මාධ්‍ය වාර්තාව පලවීමට දින දෙකකට පෙර සිය ෆේස්බුක් පිටුවේ වේල්සයේ සිට උඩුගත කරන ලද බව ඇඟවෙන ආකාරයේ ඡායාරුපයක් පළකරමින් ඔහු සටහනක් යොදා තිබුනේ ‘එංගලන්තේ අවා. හම්බෙමු“ යනුවෙනි.

G6BFBvmXEAACM5B
එය ව්‍යාජයක් බව ප්‍රකාශ කළ ඔහු එමගින් ඇතැමුන් රැවටුණු  බවට පාරම් බෑවේය.

“සමහරු හිතනවා මං UK ඉන්නේ කියලා. මං පරණ පොටෝ එකක් දැම්මා. ගොඩාක් කට්ටිය සතුටු උනා මාව ඇරෙස්ට් කරලයි කියලා,” යි අඟහරුවාදා (18) පස්වරුවේ සිය නිළ ෆේස්බුක් පිටුවෙහි බෙදා හදාගෙන තිබූ සජීවී වීඩියෝ විකාශයකින් ගීත් සූරියපුර කියා සිටියේය.

ෆේස්බුක් හිමිකාරිත්වය දරන සමාගම වන මෙටා සමාගම නිවේදනය කර ඇත්තේ "ව්‍යාජ හැසිරීමකින් යුතුව අපගේ ප්‍රතිපත්ති උල්ලංඝනය කළ ෆේස්බුක් පිටු ඉවත් කිරීමට කටයුතු කළ” බවයි.

ගවේෂණාත්මක වාර්තාව ඔස්සේ එල්ල කෙරෙන චෝදනාව සාවද්‍ය බව පවසන ගීත් සුරියපුර අදාළ වාර්තාව සම්පාදනයට මෙරටින් දායක වූ බව පැවසෙන ශ්‍රී ලාංකික මාධ්‍යවේදිනියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද පැවසුවේ ය. 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලංකාවේ ‘මූණු පොතේ දැන්වීම් රාජයා’ බ්‍රිතාන්‍යය ඉලක්ක කරගත් AI මෙහෙයුමක | The Leader