The Leader News
BREAKING
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●
Top Ad
පුවත්

අනීතික වත්කම් ගැන හොයන පොලිසියේ අලුත් ම ඒකකයේ විමර්ශන ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි - BBC වාර්තාවක්

T

The Leader Desk

October 22, 2025 • 4:09 PM

අනීතික වත්කම් ගැන හොයන පොලිසියේ අලුත් ම ඒකකයේ විමර්ශන ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි - BBC වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (Proceeds Of Crime Investigation Division - PCID) රාජකාරි ආරම්භ කර තිබේ.
  • කොළඹ පිහිටි පොලිස් මූලස්ථානයේ පිහිටි පැරණි ගොඩනැගිල්ලේදී එම කොට්ඨාසය ඔක්තෝබර් 20 වන දා විවෘත කෙරුණේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙනි.
  • මෙරට පුරවැසියෙකු වත්කම් උපයා ගත් ආකාරය සැක සහිත නම් ඔහුගේ හෝ ඇයගේ නිර්දෝෂීභාවය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහාත්, එම ඉපැයීම අනීතිකව සිදුකර ඇත්නම් එම දේපළ රාජසන්තක කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අදාළ නීතිමය පියවර ගැනීම සඳහාත් නව කොට්ඨාසය පිහිටවූ බව පොලිසිය පවසයි.
  • අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංග කරවිට පත් කර ඇති අතර විමර්ශන කටයුතු ආරම්භ කිරීම සඳහා මේ වන විටත් පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 46 දෙනෙකු පත් කර ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

(Proceeds Of Crime Investigation Division - PCID) රාජකාරි ආරම්භ කර තිබේ.

කොළඹ පිහිටි පොලිස් මූලස්ථානයේ පිහිටි පැරණි ගොඩනැගිල්ලේදී එම කොට්ඨාසය ඔක්තෝබර් 20 වන දා විවෘත කෙරුණේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙනි.

PCID කොට්ඨාසය පිහිටවූයේ ඇයි?

මෙරට පුරවැසියෙකු වත්කම් උපයා ගත් ආකාරය සැක සහිත නම් ඔහුගේ හෝ ඇයගේ නිර්දෝෂීභාවය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහාත්, එම ඉපැයීම අනීතිකව සිදුකර ඇත්නම් එම දේපළ රාජසන්තක කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අදාළ නීතිමය පියවර ගැනීම සඳහාත් නව කොට්ඨාසය පිහිටවූ බව පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය වෙළෙඳාම, සංවිධානාත්මක අපරාධ හෝ වෙනත් අනීතික අපරාධමය ක්‍රියාවකින් යමෙකු (නිශ්චල හෝ චංචල දේපළ), මුදල් උපයාගෙන ඇති බව ‍අනාවරණය වුවහොත්, මෙරට සහ විදේශයන්හි භාවිත කෙරෙන එම දේපළ සහ මුදල් රාජසන්තක කිරීමේ සීමාවෙන් එපිටට එම අපරාධයෙන් වින්දිතභාවයට පත්වූ පුද්ගලයින් වෙත එම වටිනාකම බෙදා හැරීමට අදාළ පනත යටතේ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව මෙම කොට්ඨාසයට හිමිකර තිබීම විශේෂත්වයකි.

"මෙම පනත යටතේ චෝදනාවට ලක්වන යම් සැකකරුවෙකු හෝ සැකකාරියක අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරනු ලබන නඩු පැවරීමකදී අධිකරණය හමුවේ තමන්ගේ නිර්දෝෂීභාවය සාධාරණ සැකයෙන් ඔබ්බට, එනම් (50%) සීමාව අභිබවා ඔප්පු කිරීමට අසමත් වීම වුවහොත් ඔහු හෝ ඇය ඇප මත මුදා හැරිය ද අනීතිකව උපයාගත් බවට සැක කරන මුදල් හා දේපළ රාජසන්තක කිරීමට හෝ වින්දිත පාර්ශව වෙත යොමු කිරීමට පියවර ගැනෙනු ඇත," යනුවෙන් පොලිසිය පවසයි.

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංග කරවිට පත් කර ඇති අතර විමර්ශන කටයුතු ආරම්භ කිරීම සඳහා මේ වන විටත් පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 46 දෙනෙකු පත් කර ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

සෑම පොලිසියකට ම PCID විමර්ශන නිලධාරීන්

නව විමර්ශන කොට්ඨාසය පිළිබඳව එහි අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංග කරවිට බීබීසී සිංහල වෙත පැහැදිලි කළේ ය.

මෙහි විමර්ශන නිලධාරීන් ලෙස පත් කළ හැක්කේ පොලිස් පරීක්ෂකවරුන්ට බවත් උපපොලිස් පරීක්ෂවරුන් ඇතුළු අනෙකුත් නිලධාරීන් ඔවුන්ට සහය වන නිලධාරීන් බවත් ඔහු පැවසීය.

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරින් දිවයිනේ සෑම පොලිස් ස්ථානයකට ම අනුයුක්ත කරන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

"ලංකාවේ සෑම පොලිස් ස්ථානයකට ම මේ විමර්ශන බලතල තියෙනවා, නමුත් විමර්ශන මෙහෙයවන්න බලය තියෙන්නේ ඒ සඳහා බලය ඇති PCIDයට අනුයුක්ත නිලධාරින්ට පමණයි. ඒ නිසා ලංකාවේ පොලිස් කොට්ඨාස 46ම පොලිස් පරීක්ෂක තනතුරේ නිලධාරින් දෙදෙනෙකු ස්ථාන මාරුවීම් ලබා දීලා මේ කොට්ඨාසයට අනුයුක්ත කරලා තියෙනවා. එම නිලධාරීන් ඒ කොට්ඨාසයේ සේවය කරනවා."

'අපි උත්තර බඳින්න ඕනේ අපි ෆයිල් එකක් වහනවා නම්'

යම් පුද්ගලයෙකු දේපළ උපයාගත් ආකාරය සම්බන්ධ විමර්ශනයක් සිදු කර එහිදී එම දේපළ උපයා ගැනීම අනීතික ලෙස සිදුකර ඇති බව හෙළි වුවහොත් උපයා ගත් ආකාරය සොයා ගත නොහැකි අවස්ථාවක අදාළ පුද්ගලයාගෙන් කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමේ හැකියාව පවතින බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංග කරවිට පැවසීය.

"ඒ, 'කෝල් ෆෝ දි එක්ප්ලනේෂන්' එකට පැය 72ක් ඇතුළත ඔහු උත්තර බඳින්න ඕනා. ඒ උත්තර සාධාරණයි, පිළිගන්න පුළුවන් මට්ටමේ තියෙනවා නම් ඒක ගැටලුවක් නැහැ. එතනින් එහාට අපි විමර්ශනයක් කරන්නේ නැහැ. ඒ විමර්ශනය ඉදිරිපත් කළේ රාජ්‍ය ආයතනයකින්, මාධ්‍ය ආයතනයකින් නැතිනම් පෞද්ගලික පුද්ගලයෙක් නම් අපි ඒ පුද්ගලයාට පිළිතුරු දෙන්න බැඳිලා ඉන්නවා අපි ඒ ගැන විමර්ශනය කළා, ඔහු ඒ දේපළ උපයා ගත් ආකාරය අනීතික නැහැ නීත්‍යනුකූල ක්‍රමයට තමයි උපයා ගෙන තියෙන්නේ කියලා. ඒ විදිහට අපි උත්තර බඳින්න ඕනේ අපි ෆයිල් එකක් වහනවා නම්."

කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි විට එය පැය 72ක් ඇතුළත හෝ යම් සාධාරණ හේතු මත උපරිම දින 14ක් ඇතුළත දිවුරුම් ප්‍රකාශයක් හරහා පිළිතුරු ලබා දිය යුතු වේ.

තොරතුරු දැනුම් නොදීමත් වරදක්

යම් ආයතනයක හෝ පුද්ගලික මට්ටමින් අනීතික ලෙස දේපළ හා වත්කම් උපයා ගැනීම් ගැන තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව දැනුම් දිය යුතු බවත් එසේ තොරතුරු දැන එය වසන් කිරීම වරදක් බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේ ය.

"මේ පනතේ තව සුවිශේෂීත්වයක් තමයි පෞද්ගලික අංශයේ යම් ව්‍යාපාරියෙක් වෙන්න පුළුවන්, වෘත්තිකයෙක් වෙන්න පුළුවන්, රැකියාවක නියුතු කෙනෙක් වෙන්න පුළුවන්, එයාලා එයාලගේ ආයතනය තුළ යම් ආකාරයකින් අනීතික ක්‍රියා සිදුවන බවට තොරතුරු දන්නවා. එහෙම තොරතුරු දැන ගත්තොත් ඒ අයට පුළුවන් PCID එකට නැතිනම් අල්ලස් කොමිසමට දන්වන්න. හිතාමතාම, සාධාරණ හේතුවක් රහිතව තොරතුරු නොදුන්නොත් එය පනත යටතේ වරදක් බවට පරිවර්තය වෙනවා."

"ග්‍රාම සේවක හෝ ගමක ඉන්න රජයේ නිලධාරීන් නොදැන ගමක අනීතික දෙයක් කරන්න බැහැ. එතකොට එයාලා ඒ තොරතුරු ගැන ඉහළ නිලධාරීන් දැනුවත් කරන්න ඕනේ. එහෙම කරන්නේ නැතිනම් ඒක වරදක් විදියට තමයි හඳුන්වන්නේ පනතේ හැටියට," යැයි PCID අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

නිර්නාමිකව තොරතුරු දෙන්න පුළුවන් ද?

මෙලෙස අනීතිකව උපයා ගත් දේ සම්බන්ධව නිර්නාමිකව පැමිණිලි කිරීමට හෝ නමින් පැමිණිලි කර එය හෙළි නොකරන ලෙස දැනුම් දීමේ හැකියාව ද පවතී.

"ස්වේච්ඡාවෙන් තොරතුරු ඉදිරිපත් කරන්න කැමති පුද්ගලයෙකු ඉන්නවා නම් ඔහුට නිර්නාමිකව ඒ තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්, ඒකෙ වරදක් නෑ. නාමික තොරතුරු ඉදිරිපත් කරලා එයාට ඉල්ලීමක් කරන්න පුළුවන් මාව එක්ස්පෝස් කරන්න එපා කියලා. අපි ඒ විමර්ශන ඉවර කරලා ෆයිල් එක වහනවා නම් අනිවාර්යෙන් එයාට අපි දැනුම් දෙන්න ඕනේ. එතකොට එයා දන්නවා එයාගේ පැමිණිල්ලට මොකද වුණේ කියන එක."

ප්‍රකට ආදායමෙන් තොරව උපයා ගත් දෑ අනීතික දේ ලෙස සැලකෙන අතර වසර 30ක් දක්වා පසුපසට එසේ උපයා ගත් දේ පිළිබඳ සොයා බැලීමට නෛතික ප්‍රතිපාදන ඇති අතර ඒවා නීත්‍යනුකූල ලෙස උපයා ගෙන ඇති බව සනාථ කිරීම හිමිකරු සතු වේ.

"රජයේ දේපළක් අවභාවිත කරලා, එහෙම නැතිනම් රජයේ දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කරලා තිබුණොත් වසර 30 සීමාව අදාළ නැහැ අවුරුදු 50ක් දක්වා වුණත් ආපස්සට සොයා බලන්න පුළුවන්," යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංග කරවිට පැවසීය.

අනීතික දේ නීත්‍යනුකූල කර ගන්නේ කොහොම ද?

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන පරිදි නඩු විභාගයකින් පසුව අදාළ දේපළ රාජසන්තක කිරීමට හෝ ඉන් වින්දිත පාර්ශවයකට එම දේපළ ලබා දිමේ හැකියාව පවතී.

"ඒ පුද්ගලයා කැමති දේපළක් මෙහෙම අනීතිකව උපයාගෙන තියෙනවා කියලා ඔප්පු වුණොත්, අපි හිතමු ඒක කාර් එකක් කියලා, ඒකේ වටිනාකම ලක්ෂ 50යි නම් එයාට පුළුවන් එයාගේ නිත්‍යනුකූල ලක්ෂ 50ක මුදලක් ලබා දීලා අනීතිකභාවය නීත්‍යනුකූල කරගන්න පුළුවන්."

යම් දේපළක් අනීතික හා නීත්‍යනුකූල මුදල් යොදා ගනිමින් ලබා ගෙන තිබුණහොත් එහි නීත්‍යනුකූල මුදල නැවත හිමිකරුට ලබා දෙන බව පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංග කරවිට ඒ පිළිබඳව පැහැදිලි කළේ ය.

"නිවසක් මිල දී අරන් තියෙනවා නීත්‍යනුකූල මුදලින් ලක්ෂ 200ක් දීලා අනීතික මුදලින් දීලා තියෙනවා ලක්ෂ 150ක්. අර අනීතිකව ගත්ත මුදල අපි පෙන්නුවට පස්සේ ඒ වෙනුවට එයාගේ නීත්‍යානුකූල මුදල් දීලා රජයට භාර දීලා ඒක ගන්න පුළුවන්. එහෙම නැතිනම් විකල්පයක් තියෙනවා අපි මේක වෙන්දේසි කරලා ලක්ෂ 150 රජය ගන්නවා ඉතුරු 200 එයාට දෙනවා. එයාගේ නීත්‍යනුකූල මුදල්වලට එයාට හිමිකම තියෙනවා."

අනීතිකව උපයා ගත් මුදල් වියදම් කර අවසන් කර ඇති මොහොතක නීත්‍යනුකූල මුදලින් අදාළ මුදල අය කර ගැනීමට ද 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතින් ප්‍රතිපාදන සලසා ඇත.

| බීබීසී සිංහල

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...