The Leader News
BREAKING
Top Ad
පුවත්

දිනපතා 'මව්බිම' සහ Ceylon Today හෙට සිට ඩිජිටල් අවකාශයෙන් පමණයි

T

The Leader Desk

March 4, 2026 • 7:11 AM

දිනපතා 'මව්බිම' සහ Ceylon Today හෙට සිට ඩිජිටල් අවකාශයෙන් පමණයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව අද (04) වෙළෙඳපොළට නිකුත් වූ එම පුවත්පත් දෙකෙහි මුල් පිටුවේ සඳහන් කෙරුණේ මින් ඉදිරියට ඔවුන් ඩිජිටල් අවකාශයේ පමණක් ප්‍රවෘත්ති සම්පාදනය කරමින් ක්‍රියාත්මක වන බවයි.
  • කෙසේවෙතත් සතිඅන්ත මවුබිම හා ඉරිදා Ceylon Today යන පුවත්පත් දෙක තවදුරටත් මුද්‍රණය කරනු ඇති බවට තොරතුරු වාර්තා වේ.
  • මෙම තීරණය ආයතනයේ සේවකයන්ටද ඊයේ දිනයේ හදිසියේ ම දැනුම්දී ඇත.
  • 'ඩේලි මිරර්' පුවත්පත සහ එහි වෙබ් අඩවියේ සේවය කරන ජනමාධ්‍යවේදීන් විසින් මාස දෙකක හිඟ දීමනා සහ පෙබරවාරි මාසයට අදාළ වැටුප් නොගෙවීම හේතුවෙන් ප්‍රවෘත්ති සැපයීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව අද (04) වෙළෙඳපොළට නිකුත් වූ එම පුවත්පත් දෙකෙහි මුල් පිටුවේ සඳහන් කෙරුණේ මින් ඉදිරියට ඔවුන් ඩිජිටල් අවකාශයේ පමණක් ප්‍රවෘත්ති සම්පාදනය කරමින් ක්‍රියාත්මක වන බවයි.

කෙසේවෙතත් සතිඅන්ත මවුබිම හා ඉරිදා Ceylon Today යන පුවත්පත් දෙක තවදුරටත් මුද්‍රණය කරනු ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙම තීරණය ආයතනයේ සේවකයන්ටද ඊයේ දිනයේ හදිසියේ ම දැනුම්දී ඇත.

හිඟ දීමනා ගෙවෙනතුරු 'ඩේලි මිරර්' ප්‍රවෘත්ති සේවය නවතී !

'ඩේලි මිරර්' පුවත්පත සහ එහි වෙබ් අඩවියේ සේවය කරන ජනමාධ්‍යවේදීන් විසින් මාස දෙකක හිඟ දීමනා සහ පෙබරවාරි මාසයට අදාළ වැටුප් නොගෙවීම හේතුවෙන් ප්‍රවෘත්ති සැපයීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

පාලනාධිකාරිය විසින් විධායක නොවන ශ්‍රේණියේ සේවකයන්ගේ වැටුප් මාර්තු 5 දින ගෙවීමටත්, විධායක ශ්‍රේණියේ වැටුප් මාර්තු 10 න් පසුව ගෙවීමටත් තීරණය කර ඇති බව ද වාර්තා වේ.

කෙසේ වෙතත්, පසුගිය කාලය පුරා වැටුප් නියමිත වේලාවට නොගෙවීම හේතුවෙන් මාධ්‍යවේදීන් දැඩි ආර්ථික අපහසුතාවයට මුහුණ දී ඇතැයි සඳහන් වේ. මේ පිළිබඳව කළ ඉල්ලීම්වලට ප්‍රමාණවත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් හිඟ මුදල් ගෙවෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඔවුන් පවසති.

 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...