ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඒ රැඳවුම් භාරයේ සිටින කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථනයක තිබූ ඡායාරූපයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.
ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා පැය තුනකට වඩා වැඩි කාලයක් ගත වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ඡායාරූපයේ පද්මේ සමග පියුමි හංසමාලි ඇතුළු මෙරට තවත් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන් කිහිපදෙනෙකු සිටින බව වාර්තා වේ.
එමෙන්ම පද්මේ පියුමි හංසමාලි සමග පැවැත්වූ දුරකථන සංවාද කිහිපයක් ද ඔහුගේ ජංගම දුරකථනයේ තිබී හමුවී ඇති බව පැවසේ.
කෙහෙල්බද්දර පත්මේ සමඟ තිබූ සම්බන්ධතා පිළිබඳව තවත් නිරූපිකාවන් හා නිළියන් කිහිප දෙනෙකුගෙන් ද ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් කියා සිටීයි.
කෙහෙල්බද්දර පද්මේ හා පියුමි හංසමාලි මුදල් ගනුදෙනු සිදු කළේද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීද මෙම ප්‍රශ්නය පොලිස් මාධ්‍ය ප්‍රකාශකයට යොමු වූ අතර එහිදී ඔහු පැවැසුවේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදි වාර්තාවක් ලබා දෙන බවයි.
''පද්මේ මට ඩුබායිවලදී හමුවුණා, මුදල් ගණුදෙනු කර නෑ''
මේ අතර නිරූපණ ශිල්පි පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, මීට වසර හතරකට පමණ පෙර කෙහෙල්බද්ද පද්මේ නැමැත්තා තමන්ට ඩුබායිහිදී දැක ඇති බවත් ඔහු ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා සමග පැමිණ තමන් සමග ඡායාරූප ගත් බවත් ය.
තම ෆේස්බුක් ගිණුමෙන් අදහස් දක්වමින් පියුමි තවදුරටත් ප්‍රකාශ කරන්නේ තමන් කිසිම අවස්ථාවක කෙහෙල්බද්දර පද්මේ සමග මුදල් ගනුදෙනු සිදු කර නොමැති බවයි. එසේම තමන්ට කිසිවෙකුගේත් නීති විරෝධි කලු සල්ලි අවශ්‍ය නොවන බවයි.





