The Leader News
BREAKING
Top Ad
පුවත්

CID ය 'අරුණ' පත්තර කන්තෝරුවට කඩා පනී !

T

The Leader Desk

November 23, 2025 • 4:03 PM

CID ය 'අරුණ' පත්තර කන්තෝරුවට කඩා පනී !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, අරුණ කර්තෘවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.
  • පසුගියදා අරුණ පුවත්පතේ පළවූ ලිපියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා, අරුණ පුවත්පතේ කතුවරයා වරප්‍රසාද කමිටුවට කැඳවන බවට තර්ජනය කළේය.
  • අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 'පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානියාගේ අනුමැතියත් ඕනෑ' යන සිරස්තලය යටතේ ‘ අරුණ පුවත්පතේ පසුගියදා (19) පළ කළ පුවත සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.
  • ජනතාවට ඇති තොරතුරු දැන ගැනීමේ අයිතියට මුවා වී විකෘති පුවත් පළ නොකරන ලෙස ඉල්ලා සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ද පසුගිය 20 වෙනිදා පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇතැයි වාර්තාවේ.  ඒ, අරුණ කර්තෘවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.

පසුගියදා අරුණ පුවත්පතේ පළවූ ලිපියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා, අරුණ පුවත්පතේ කතුවරයා වරප්‍රසාද කමිටුවට කැඳවන බවට තර්ජනය කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 'පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානියාගේ අනුමැතියත් ඕනෑ' යන සිරස්තලය යටතේ ‘ අරුණ පුවත්පතේ පසුගියදා (19) පළ කළ පුවත සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.

ජනතාවට ඇති තොරතුරු දැන ගැනීමේ අයිතියට මුවා වී විකෘති පුවත් පළ නොකරන ලෙස ඉල්ලා සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ද පසුගිය 20 වෙනිදා පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

‘බියෙන් අත්මිදෙමු’! මහින්ද යන්න එපා සීඅයිඩී එකට | Uvindu Kurukulasuriya

එම සිද්ධිය සම්බන්ධයෙන්  'කලම්බෝ ටෙලිග්‍රාෆ්' සංස්කාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ මතු දැක්වෙන සටහනක් පළකර ඇති

දෙරණ පත්තරේ ප්‍රධාන සංස්කාරක මහින්ද ඉලේපෙරුමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට එන්න කියල. හේතුව අර පුරවැසියෙකුට පොලිස් රිපෝට් එකක් ගන්න ඕන උනාම පොලිසියෙන් කියනව ගමේ මහජන ආරක්‍ෂක කමිටුවේ ප්‍රධානියාගෙන් ලියුමක් අරං එන්න කියල කියන එක ගැන ලියපු නිව්ස් එක ගැන අහන්න. ඕක පාර්ලිමේන්තුවෙත් ඇදුනනෙ. දැන් හැමෝම දන්නව ඉස්සර ආණ්ඩු කාලෙත් ඒව වෙලා තියෙනව කියල, මේ ආණ්ඩුව යටතෙත් සමහර පොලිසි තාමත් එහෙම ලියුම් ඉල්ලනව කියල. ඒක සහතිකයි. මාත් ඒ ගැන ලිව්වනෙ ඇමති විජේපාල වැරදියි කියල.

නමුත් මම කියන්නෙ ඉලේපෙරුමට සීඅයිඩී එකට යන්න එපා, ඒ අයට ඕන නම් එයාගෙ ඔෆිස් එකට ඇවිත් ඕන එකක් ගන්න කියන ස්ථාවරය ගන්න කියල.

ඉලේපෙරුම චූටි කාලෙ යුක්තිය පත්තරේ වැඩ කරේ, ඊට පස්සෙ ලක්බිමේ, ඊට පස්සෙ මහින්ද රාජපක්‍ෂගෙ මාධ්‍ය ලේකම් දැන් දිල්ත්ගෙ අරුණ පත්තරේ ප්‍රධාන සංස්කාරක. ඒ ඉතිහාස භූගෝල පැත්තකින් තියන්න.

නමුත් අපි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එක්දහස් නමසිය අනූවෙ මුල ඉඳන් ගත්ත ස්ථාවරයක් තියෙනව. සීඅයිඩී එකට ඕන නම්, ඇවිත් අපේ ඔෆිස් එකට ඇවිත් ප්‍රශ්න කරන්න කියන එක. චන්ද්‍රිකා බලයට ඇවිත් ලක්බිම එඩිටර් බන්දුල පද්මකුමාරට සීඅයිඩී එකට එන්න කිව්වමත් අපි ගත්ත ස්ථාවරය; යන්න එපා, ඒ අයට අපි ඉන්න තැනට එන්න කියන එක. අපේ රස්සාවටත් ගෞරවයක් තියෙනව කියන එක. ඒක බාල්දු කරන්න එපා! පැය ගනන් අපිව ඒක අස්සෙ රස්තියාදු කරන්නනෙ හදන්නෙ, ඒ අයටත් අපේ තැනට ඇවිත් රස්තියාදුවෙලා අපි කරන වැඩ ගැනත් අවබෝධයක් ලබා දෙන්න. බය කරන්න හදන්නෙ මේ. අපි ඔක්කොම එකතුවෙන්න ඕන මේ ආණ්ඩුව යටතෙත් කැත වැඩ කරනකොට ඒකට එරෙහිව!

සබැඳි පුවත :

තොරතුරු දැන ගැනීමේ අයිතියට මුවා වී විකෘති පුවත් පළ කරන්න එපා - ඇමති නලින්ද ජයතිස්ස

මහජන ආරක්ෂක ඇමති වැරදියි, අරුණ පත්තරේ නිවැරදියි! | Uvindu Kurukulasuriya


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...