ඔවුන් සිය සංගමයේ පිළිකුල රජය වෙත ප්‍රකාශ කළ බව සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් සහ ලේකම් රංග බණ්ඩාරනායක ගේ අත්සනින් යුතු එම නිවේදනයේ සඳහන් කරන්නේ මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කරන, මාධ්‍යවේදීන් ගේ අයිතිවාසිකම් සඳහා අරගල කරන කිසිදු පාර්ශවයකට මෙය හුදෙකලා සිද්ධියක් ලෙස බැහැර කළ නොහැකි තත්ත්වයක් බවයි.
එමෙන් ම: ජනමාධ්‍යවේදීන් අතුරුදන් කිරීම්, ඝාතනය කිරීම්, මර්දනය කිරීම්, පහරදීම් සහ හිංසනයට පත්කිරීම් සිදු කළ, එමෙන් ම ඒවාට නිසියාකාර පරීක්ෂණ හෝ යුක්තියක් ඉටු නොකළ අඳුරු අතීතයට මාලිමා රජයේ මාස දාහතරක කාලය ද එකතු වන මොහොතක මෙම සිද්ධිය සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කණස්සල්ලට පත් වන්නේ යැයි ද එම නිවේදනයේ සඳහන් කෙරේ.
මතු පළ වන්නේ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
‘බියෙන් අත්මිදෙමු’! මහින්ද යන්න එපා සීඅයිඩී එකට - Uvindu Kurukulasuriya
මේ අතර 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමින් මෙසේ සඳහන් කර ඇත.
''දෙරණ පත්තරේ ප්‍රධාන සංස්කාරක මහින්ද ඉලේපෙරුමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට එන්න කියල. හේතුව අර පුරවැසියෙකුට පොලිස් රිපෝට් එකක් ගන්න ඕන උනාම පොලිසියෙන් කියනව ගමේ මහජන ආරක්‍ෂක කමිටුවේ ප්‍රධානියාගෙන් ලියුමක් අරං එන්න කියල කියන එක ගැන ලියපු නිව්ස් එක ගැන අහන්න. ඕක පාර්ලිමේන්තුවෙත් ඇදුනනෙ. දැන් හැමෝම දන්නව ඉස්සර ආණ්ඩු කාලෙත් ඒව වෙලා තියෙනව කියල, මේ ආණ්ඩුව යටතෙත් සමහර පොලිසි තාමත් එහෙම ලියුම් ඉල්ලනව කියල. ඒක සහතිකයි. මාත් ඒ ගැන ලිව්වනෙ ඇමති විජේපාල වැරදියි කියල.
නමුත් මම කියන්නෙ ඉලේපෙරුමට මම කියන්නෙ සීඅයිඩී එකට යන්න එපා, ඒ අයට ඕන නම් එයාගෙ ඔෆිස් එකට ඇවිත් ඕන එකක් ගන්න කියන ස්ථාවරය ගන්න කියල.
ඉලේපෙරුම චූටි කාලෙ යුක්තිය පත්තරේ වැඩ කරේ, ඊට පස්සෙ ලක්බිමේ, ඊට පස්සෙ මහින්ද රාජපක්‍ෂගෙ මාධ්‍ය ලේකම් දැන් දිල්ත්ගෙ අරුණ පත්තරේ ප්‍රධාන සංස්කාරක. ඒ ඉතිහාස භූගෝල පැත්තකින් තියන්න.
නමුත් අපි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එක්දහස් නමසිය අනූවෙ මුල ඉඳන් ගත්ත ස්ථාවරයක් තියෙනව. සීඅයිඩී එකට ඕන නම්, ඇවිත් අපේ ඔෆිස් එකට ඇවිත් ප්‍රශ්න කරන්න කියන එක. චන්ද්‍රිකා බලයට ඇවිත් ලක්බිම එඩිටර් බන්දුල පද්මකුමාරට සීඅයිඩී එකට එන්න කිව්වමත් අපි ගත්ත ස්ථාවරය; යන්න එපා, ඒ අයට අපි ඉන්න තැනට එන්න කියන එක. අපේ රස්සාවටත් ගෞරවයක් තියෙනව කියන එක. ඒක බාල්දු කරන්න එපා! පැය ගනන් අපිව ඒක අස්සෙ රස්තියාදු කරන්නනෙ හදන්නෙ, ඒ අයටත් අපේ තැනට ඇවිත් රස්තියාදුවෙලා අපි කරන වැඩ ගැනත් අවබෝධයක් ලබා දෙන්න. බය කරන්න හදන්නෙ මේ. අපි ඔක්කොම එකතුවෙන්න ඕන මේ ආණ්ඩුව යටතෙත් කැත වැඩ කරනකොට ඒකට එරෙහිව!




