පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි මිනුර සෙනරත් මේ බව සඳහන් කළේ ය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, යුද හමුදාව විසින් නිකුත් කළ ගිනි අවියක් මාකඳුරේ මධූෂ් නැමැති සංවිධානාත්මක අපරාධකරුවෙකු අතට පත්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බව ය.
එම අවියේ අංක පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, අදාළ ගිනිඅවිය දේවානන්දා වෙත නිකුත් කර තිබූ එකක් බවය.
ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අවිය ලැබුණු ආකාරය හෝ අස්ථානගත වූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට අපොහොසත් වී තිබේ.
ඒ අනුව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි.




