අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පැය 72ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් CIDයට අවසර දෙයි.
ඒ, 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලට අදාළවය.
එම අවියේ අංක පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, අදාළ ගිනිඅවිය දේවානන්දා වෙත නිකුත් කර තිබූ එකක් බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශය මගින් එම විමර්ශනය කරනු ලබයි.
නිත්‍යානුකූලව ලබාදුන් ගිනිඅවියක් අවභාවිත කළ බවට චෝදනා
ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී සොයාගත් පිස්තෝලය පිළිබඳ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, අදාළ ගිනිඅවිය යුද හමුදාවට අයත් එකක් බවය.
2019 වසරේදී එම ගිනිඅවිය වැලිවේරිය ප්‍රදේශයේ බෝක්කුවක් අසළ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදී සොයාගෙන තිබිණි.
යුද හමුදාවේ දත්ත සමඟ සොයා බැලීමේදී එය ඩග්ලස් දේවානන්දාගේ ආරක්ෂාව සඳහා නිත්‍යානුකූලව නිකුත් කර තිබූ එකක් බව අනාවරණය වී ඇතැයි වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඒ අනුව අදාළ පිස්තෝලය අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.




