අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ තවත් සේවකයන් කිහිප දෙනෙකුගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව ඉදිරි සතියේදී බාරදෙනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
මොඩියුල 106 ම යළි සෝදිසියට...
මොඩියුල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පත් කෙරුණු හිටපු අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ මූලික වාර්තාවද ඉදිරි දිනවල බාරදීමට නියමිතය.
එම මූලික වාර්තාව භාරදීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරීන්ට එරෙහිව චෝදනා පත්‍ර බාර දෙනු ඇත.
රංජිත් ආරියරත්න කමිටුවේ අතරමැදි වාර්තාව ජාතික අධ්‍යාපන ආයතන ප්‍රධානීන්ට පසුගියදා බාර දෙනු ලැබීය.
මේ අතර දැනට මුද්‍රණය කර ඇති අනෙකුත් මොඩියුල 106 සම්බන්ධයෙන්ද විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න වැඩිදුරටත් පැවසීය.
(lankalokaya | අසේල පෙරේරා)




