The Leader News
BREAKING
Top Ad
පුවත්

එළියේ ගිනි ගණන්වලට විකිණෙන පිළිකා බෙහෙතක් ගැන CID යට පැමිණිල්ලක්

T

The Leader Desk

January 26, 2026 • 5:36 PM

එළියේ ගිනි ගණන්වලට විකිණෙන පිළිකා බෙහෙතක් ගැන CID යට පැමිණිල්ලක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජීව විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
  • එහිදී අදහස් දක්වමින් වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ, පිළිකා රෝහල තුළ පමණක්, පිළිකා ඖෂධ කාණ්ඩ 40කට ආසන්න ප්‍රමාණයක ප්‍රමාණවත් තරම් තොග නොමැති වීම නිසා එම ඖෂධ අධික මිල ගණන් යටතේ බාහිරින් මිල දී ගැනීමට සිදුව ඇති අතර එසේ මිලදී ගන්නා ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු පවතින බවය.
  • අපි දන්නේ නෑ මේ ඖෂධය ඇතුළේ තියෙන්නේ ඇල්වතුරද, බැක්ටීරියාද, ලුණු වතුරද කියලා” මේ අතර ගෙන්වන බෙහෙත්වල ගුණාත්මකභාවය සහ එය ලියාපදිංචි කර ඇත්දැයි සොයා බැලීම ආණ්ඩුවේ වගකීම වන බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මෙහිදී පවසා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


*අලෙවි කරන සමාගම රෙජිස්ටර් වෙලත් නෑ! 

* බෙහෙතේ තියෙන්නේ වතුරද ලුණුද දන්නෙත් නෑ! 

* CIDයට NMRA එකට බිල් එක්කම පැමිණිලි කරයි! 


පිළිකා ඖෂධ 40ක හිඟයක් පැවතීම සහ ලියාපදිංචි කර නොමැති පිළිකා ඖෂධ වෙළෙඳපොළේ ඇතැයි චෝදනා කරමින් ඒ පිළිබඳ විමර්ශනයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජීව විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

එහිදී අදහස් දක්වමින් වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ, පිළිකා රෝහල තුළ පමණක්, පිළිකා ඖෂධ කාණ්ඩ 40කට ආසන්න ප්‍රමාණයක ප්‍රමාණවත් තරම් තොග නොමැති වීම නිසා එම ඖෂධ අධික මිල ගණන් යටතේ බාහිරින් මිල දී ගැනීමට සිදුව ඇති අතර එසේ මිලදී ගන්නා ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු පවතින බවය.

ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජිව,

”ලියා පදිංචි නැති පිළිකා ඖෂධ වෙළෙඳපොළේ පවතිනවා. අපි දන්නේ නෑ මේ ඖෂධය ඇතුළේ තියෙන්නේ ඇල්වතුරද, බැක්ටීරියාද, ලුණු වතුරද කියලා”

මේ අතර ගෙන්වන බෙහෙත්වල ගුණාත්මකභාවය සහ එය ලියාපදිංචි කර ඇත්දැයි සොයා බැලීම ආණ්ඩුවේ වගකීම වන බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මෙහිදී පවසා සිටියේය.

xzdfg

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...