The Leader News
BREAKING
Top Ad
පුවත්

අත්අඩංගුවට ගත් 'ලංකා ඊ නිව්ස්' කර්තෘ CID බාරයට !

T

The Leader Desk

March 11, 2026 • 2:26 PM

අත්අඩංගුවට ගත් 'ලංකා ඊ නිව්ස්' කර්තෘ CID බාරයට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තව සුළු මොහොතකින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන යන බවත් ඔහුව හෙට අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලබන බවත් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
  • මේවනවිට ඔහු කටුනායක පොලිසියේ රඳවාගෙන සිටින බවද එම නිලධාරියා පැවසිය.
  • 'ඊ නිව්ස් කතුවරයාගේ ආරක්ෂාව තහවුරු කරන්න' - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ අතර මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති නිදහස් මාධ්‍ය ව්‍යාපාරය 'ලංකා ඊ නිව්ස් කර්තෘ ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටියි.
  • එම සංවිධානයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වා සහ ලේකම් දිලීෂා අබේසුන්දර ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයේ මෙසේ සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

තව සුළු මොහොතකින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන යන බවත් ඔහුව හෙට අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලබන බවත් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

මේවනවිට ඔහු කටුනායක පොලිසියේ රඳවාගෙන සිටින බවද එම නිලධාරියා පැවසිය.

රාජපක්ෂ ආණ්ඩුව සමයේ දී 'ලංකා ඊ නිව්ස් ' කර්තෘ මණ්ඩල සාමාජික ප්‍රගීත් එකනලිගොඩ අතුරුදහන් කර එම මාධ්‍ය ආයතනය ගිනි තබා විනාශ කිරීමෙන් පසු දිගින් දිගටම පැමිණි තර්ජන හේතුවෙන් ජීවිතාරක්ෂාව පතා ලංකාවෙන් පලාගොස් විදෙස්ගතව ජීවත්වූ 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර වසර 16කට පසු අද (11) දහවල් දිවයිනට පැමිණෙද්දී කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය.

'ඊ නිව්ස් කතුවරයාගේ ආරක්ෂාව තහවුරු කරන්න' - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මේ අතර මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති නිදහස් මාධ්‍ය ව්‍යාපාරය  'ලංකා ඊ නිව්ස් කර්තෘ ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටියි.

 එම සංවිධානයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වා සහ ලේකම් දිලීෂා අබේසුන්දර ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයේ මෙසේ සඳහන් වේ.

''දීර්ඝ කාලයක් තිස්සේ විදෙස්ගතව සිට දිවයිනට පැමිණි ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අධිකරණ නියෝගයක් අනුව බව කියැවේ.

මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර මහතා දීර්ඝ කාලයක් තිස්සේ රටින් බැහැරව සිටියේ සිය මාධ්‍යකරණය හේතුවෙන් එල්ල වූ ජීවිත තර්ජන නිසාය. එබැවින් මෙම පොලිස් අත්අඩංගුවට පත්වීම තුළදී පවා ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු විය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මතයයි.

එසේම අප විසින් විමර්ශනය කරන ලද මාධ්‍ය වාර්තාවල සඳහන් කරුණු අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග නිකුත්ව ඇත්තේ 2016 වසරේදීය. මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ ඊට අදාළවද යන්න පිළිබඳව මෙතෙක් අප වෙත තහවුරු වී නැත.

එබැවින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අපක්ෂපාතී හා සාධාරණ නීති කෘත්‍යයකට ඔහුට ඇති අයිතිය ආරක්ෂා කර දෙමින්  ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසයි.''

fsdfsd


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...