The Leader News
BREAKING
Top Ad
පුවත්

කටුවාපිටිය පල්ලිය අන්තවාදීන්ට පෙන්වාදී ඇත්තේ සලේ ! – CIDය අධිකරණයට කියයි

T

The Leader Desk

March 11, 2026 • 4:01 PM

කටුවාපිටිය පල්ලිය අන්තවාදීන්ට පෙන්වාදී ඇත්තේ සලේ  ! – CIDය අධිකරණයට කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතීඥ ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේදී කැඳවනු ලැබිය.
  • එම නඩුවේ තුන්වෙනි සැකකරු ලෙස නම් කර ඇති හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට හේතු සම්බන්ධයෙන් සම්පීඩන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
  • එම අවසථාවේදි පළමු සහ දෙවැනි සැකකරුවන් සම්බන්ධයෙන් පෙර දින වැඩිදුර වාර්තාවේ සඳහන් කළ තොරතුරුවලට අමතරව, වෙනත් අලුත් තොරතුරු අනාවරණය වී ඇත්දැයි යන්න වග මහේස්ත්‍රාත්වරයා එම අවස්ථාවේදී විමසීමක් කළේය.
  • ඒ අනුව, දෙවෙනි සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරු අනාවරණය වී ඇති බව දැනුම්දෙනු ලැබිය.
අකුරු ප්‍රමාණය (Font Size):

නීතීඥ ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේදී කැඳවනු ලැබිය.

එම නඩුවේ තුන්වෙනි සැකකරු ලෙස නම් කර ඇති හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට හේතු සම්බන්ධයෙන් සම්පීඩන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම නඩුවේ තුන්වෙනි සැකකරු සුරේෂ් සලේ වෙනුවෙන් ජනපති නීතීඥ අනුජ ප්‍රේමරත්න ද, අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් නීතීඥ මනුෂිකා කුරේ සහ මෙම නඩුවේ පළමු සහ දෙවැනි විත්තිකරුවන් වෙනුවෙනු ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් ද පෙනී සිටියහ.

නඩුව කැඳවූ අවස්ථාවේදී නිසාම් කාරියප්පර් අධිකරණය හමුවේ කරුණු දැක්වමින් සඳහන් කළේ, පෙර දින නඩුවේ දී පාස්කු ප්‍රහාරය හා සම්බන්ධයෙන් පළමු සහ දෙවන සැකකරුවන් එනම්, රාජ්‍ය බුද්ධ සේවයේ පොලිස් සැරයන් ජෙකිල් පාස් සහ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින පොලිස් බුද්ධි අංශයේ එවකට පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස සිටි නිශාන්ත යන අය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි තිබේ නම් ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙන බවයි.

එම අවසථාවේදි පළමු සහ දෙවැනි සැකකරුවන් සම්බන්ධයෙන් පෙර දින වැඩිදුර වාර්තාවේ සඳහන් කළ තොරතුරුවලට අමතරව, වෙනත් අලුත් තොරතුරු අනාවරණය වී ඇත්දැයි යන්න වග මහේස්ත්‍රාත්වරයා එම අවස්ථාවේදී විමසීමක් කළේය.

ඒ අනුව, දෙවෙනි සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරු අනාවරණය වී ඇති බව දැනුම්දෙනු ලැබිය.


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සෘජුව එම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය නොවන බවත්, ඔවුන්ට එරෙහිව කරුණු අනාවර්ණය වන්නේ, වව්නතිව් විමර්ශන නොමඟ යැවීම සඳහා කටයුතු කිරීම සම්බන්ධයෙන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුන්නේය.


ඉන් අනතුරුව, නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා විමසා සිටියේ, තමන්ගේ සේවාදායකයා වන සුරේෂ් සලේ සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන සාක්ෂි මොනවාද යන්නයි.

එහිදී, ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ දීර්ඝ කාලයක් සිට මීගමුව ප්‍රදේශයේ ඔත්තුකරුවෙක් සිට ඇති බවත්, එම ඔත්තුකරු හරහා මෙම තුවෙනි සැකකාර සුරේෂ් සලේ, හස්තුන් යන පුද්ගලයා විසින් කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පෙන්නා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන නාමල් ගෙන් ඉල්ලීමක්

2019 වසරේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිදු කරන විමර්ශන දේශපාලන ප්‍රතිවාදිතාවන් හෝ භූ-දේශපාලන න්‍යාය පත්‍ර වෙත යොමු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

සිය X ගිණුමෙහි සටහනක් තබමින් මන්ත්‍රීවරයා පවසන්නේ, වර්තමාන රජය බලයට පැමිණියේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කරන බවට පොරොන්දු වෙමින් බවය.

එහෙත් එම පරික්ෂණවල වර්තමාන ප්‍රගතිය අනුව එම පොරොන්දුව ඉටු කරන්නේද සහ විමර්ශනයේ විශ්වාසනීයත්වය රැකෙන්නේද යන්න පිළිබඳ බරපතළ ප්‍රශ්න මතුවන බවද ඔහු පැවසීය.

සාධාරණ, විනිවිදභාවයෙන් යුතු සහ පක්ෂපාතී නොවන විමර්ශනයකට තමා විරුද්ධ නොවන බවත්, එවැනි විශ්වාසනීය පරීක්ෂණයක් සඳහා තමා දැඩිව සහාය දක්වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“මෙම කුරිරු ත්‍රස්තවාදී ක්‍රියාව පිටුපස සිටින සැබෑ කුමන්ත්‍රණකරුවන් හඳුනාගෙන නීතිය අනුව දඬුවම් ලබාදිය යුතු බව අප දැඩිව විශ්වාස කරමු,” යැයිද ඔහු වැඩිදුරටත් පවසයි.
ddf

මේ අතර, මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ සඳහන් කළේ, ඔහු ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවය හි සේවය කළ ගෞරවනීය හමුදා නිලධාරියෙකු බවය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ දශක තුනකට ආසන්න කාලයක් පැවති ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ගිය සටනේදී වැදගත් භූමිකාවක් ඉටු කළ බවත් ඔහු සඳහන් කළේය.

ඔහුගේ ජාතික ආරක්ෂාවට කළ සේවය ප්‍රශංසනීය බව සඳහන් කළ මන්ත්‍රීවරයා, කෙසේ වෙතත් කාලයත් සමඟම ඔහු පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ කර පසුගිය කාලයේ ව්‍යාජ මතයන් සහ දේශපාලන බලපෑම් සහිත කතා නිර්මාණය වී ඇති බවද පැවසීය.

ඒ අතරතුර,අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරි පුද්ගලයන්ට එම මට්ටමේම විමර්ශන සිදු වී නොමැති බවද ඔහු සඳහන් කළේය.

තවද, නිල කොමිෂන් වාර්තා තුළ නොසැලකිල්ල පිළිබඳ  සඳහන් වූ සමහර පුද්ගලයන් පසුව වර්තමාන රජය සමඟ එකතුවී ඇති අතර, ඔවුන්ට උසස් තනතුරු ලබා දී ඇති බවත්, ඔවුන් අතරේ සුරේෂ්  සලේ මහතා  පිළිබඳව පමණක් විශේෂයෙන් ඉලක්ක කරමින් විමර්ශන සඳහා යොමු කර ඇති බවත් ඔහු පැවසීය.

 

සුරේෂ් සලේ මරා දාන කුමන්ත්‍රණයක්? - විමල් වීරවංශ කියයි

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසන්නේ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපිරිසුදු සිරකුටියක සිරකර මරා දැමීමට උත්සාහ දරන බවයි.

රහස් පොලිසියේ මේ තුච්ච වැඩපිළිවෙලට විරෝධය පළ කිරීම සඳහා ඉදිරි දිනක ඒ මූලස්ථානය ඉදිරිපිටට එන ලෙස ජනතාවට ආරාධනා කරන බව පැවසූ හිටපු අමාත්‍යවරයා “අපි ඒක ලෑස්ති කරනවා” යැයිද සඳහන් කළේය

ඔහු මෙසේ පැවසුවේ කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

විමල් වීරවංශ එහිදී මෙසේද පැවසීය.

“ අපේ රටේ රාජ්‍ය බුද්ධියංශයේ හිටපු ප්‍රධානී “සුරේශ් සලේ මහතා” තමුන් නාන්සේලා දන්නවා මේ වනවිට “දින 90කට වඩා වැඩි කාලයක්” ඩී ඕ ගහලා (Detention Orders) ජනාධිපතිගේ බලතල යටතේ ඩී. ඕ. ගහලා, නිසි පරිදි අධිකරණය දැනුම්වත් කිරීමකින් තොරව රඳවා තබාගෙන ඉන්නවා. මුල් කාල පරිච්ඡේදය තුළ ඔහු පොලීසියේ “ඒ” කාඹරයක තමයි නතර කරගෙන තිබුණේ. ඒ කාමරයේ යම් අවම පහසුකම් ප්‍රමාණයක් වත් තිබුණා.

නමුත් ශානී අබේසේකර බලාපොරොත්තු වෙන විදියේ ප්‍රකාශයක් ඔහුගෙන් නොලැබීම මත, දැන් මොකද කරලා තියෙන්නේ? විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේශ් සලෙයි මහත්මයාව සම්පූර්ණයෙන්ම දාලා තියෙන්නේ “ඉතා අපිරිසිදු හිර කුටියකට”. ඒ හිර කුටිය තුළ මීයන් ඇඟ උඩින් දුවනවා. ඒ අපිරිසිදු බව කොච්චරද කියනවා නම් “දූවිලි පිරිච්ච පොළොවේ” තමයි පත්තර කෑල්ලක් දාගෙන රෑට නිදාගන්න සිද්ධ වෙලා තියෙන්නේ”.

අඩුගානේ මේ නිදාගන්න පැදුරක් දෙන්න නැති තරමට රහස් පොලීසියේ “අලුගෝසුවෝ” ටික තුච්ච වෙලා තියෙනවා, අමානුෂික වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, නිදාගන්න පැදුරක් නැති එක විතරක් නෙවෙයි, අන්තිම ගඳ ගහන අපිරිසිදු වැසිකිළියක් තියෙනවා ඊට යාබදව. ඒ ගඳ නිසා කන්න කටට ගන්න කෑම වේල කන්න බැරුව ඉන්නවා. කෑවොත් ඒ කෑම වේල වමනය දාන තත්ත්වයට පත්වෙලා තියෙනවා.

මේ හදන්නේ මුන්දැලා සුරේශ් සලෙයිව හිර කුටිය ඇතුළෙම ජීවිතය එපා කරවලා මරා දාන තත්ත්වයකට ඇදලා දාන්නයි. මේ රටේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීයා වෙලා හිටපු, තමිල් සෙල්වම්ලට උඩින් පහරදෙන්න අවශ්‍ය තොරතුරු සපයලා දීපු, එදා යුද්ධය පවතින වෙලාවේ “රාජ්‍යයේ ඇස” හැටියට ක්‍රියාත්මක වුණු, මේ රටේ මිනිස්සු මරාගෙන මැරෙන බෝම්බකාරයන්ගෙන් මැරෙන්න ගිය ඒවා නවත්ත ගත්තු, මේ රටේ මිනිස්සු මරාගෙන මැරෙන ලොරිවලින් ඇවිල්ලා ගහන්න හදන ඒවයෙන් නවත්ත ගත්තු, මේරටේ මිනිස්සු බස්වල, කෝච්චිවල පිපිරෙන බෝම්බවලින් කෑලි කෑලි ගිහිල්ලා මරණයට ලක්වෙන එක නවත්ත ගත්තු, ඒවා පූර්ව තොරතුරු අරගෙන ඒවා බෙදා හැරලා ඒ මගින් රටේ නීතිය හා සාමය, ආරක්ෂාව ආරක්ෂා කරගත්තු... එහෙම බුද්ධි ප්‍රධානියාට තමයි අද මේ තුච්ච සහ අවමන් සහගත ලෙස කටයුතු කරන්නේ.

“ශානී අබේසේකර මහත්තයෝ, ඔහේ මේ කරන අපරාධයට වැහි නැති හෙන ගහන්නේ. ඔහේටයි ඔහුගේ ලොක්කාටයි”.  මේ රටේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාව අරගෙන අපිරිසිදු, මීයන් පිරිච්ච හිර කුටියකට දාලා, අල්ලපු වැසිකිළියේ තුච්ච ගඳ හින්දා කටට ගත්තු කෑම ටික බඩට යන්නේ නැති තත්ත්වයකට පත් කරලා, “නිරාහාරව තියලා රෝගියෙක් කරලා මරා දාන්නයි මේ හදන්නේ”. මේ තුච්ච අපරාධයට ඉඩදීලා බලන් ඉන්නවද මේ රටේ මිනිස්සු? ශාන අබේසේකර කියන විශ්‍රාමික පොලිස්කාරයා, පැන්ෂන් ගිය ලොක්කා, ඒ අලුගෝසුවාට ඉඩ දෙනවද මේ විදියට අපේ බුද්ධි අංශ ප්‍රධානියෙක්ගේ ජීවිතයත් එක්ක සෙල්ලම් කරන්න?. එහෙම බලන් ඉන්නවා නම් අපි මොක්කුද?

ඒ නිසා අපි ඉල්ලනවා මේ රටේ ජනතාවගෙන්, මේ පාහර වැඩේ කරන්න ඉඩ දෙන්න බැහැ. හිර කුටියක් ඇතුළේ දාලා, හිඟන්නෙක් වගේ දාලා, කන්න ටික නැති කරලා, ලෙඩෙක් කරලා මරා දාන්න හදන මේ මිනීමරු උත්සාහයට ඉඩ තියන්න බැහැ. ඒ නිසා අපි රටේම ජනතාවට ඉදිරි දිනක ආරාධනා කරනවා “රහස් පොලීසිය ගාව නවතින්න.... ආයේ එන්න නෙවෙයි, නතර වෙන්න බලාගෙන එන්න”. අපි ඒක සූදානම් කරලා තමුන්නාන්සේලාට ඉදිරියේදී කියනවා. බොහොම ස්තූතියි".

 

සලේ, ගම්මන්පිලට හෙලි කල රහස් !

මේ අතර විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ ගේ නීතිඥයා වන හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් සලේ මුණගැසී තිබිණ.

ඉන් අනතරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නීතිඥ උදය ගම්මන්පිල මෙසේ පැවසිය.

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...