ඉන්දියාවේ ආරාධනය පරිදි ජනවාරි 26 අද දිනට වෙනිදාට යෙදෙන ඉන්දීය ජනරජ දිනය සැමරීමට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාම නාමල් රාජපක්ෂ, අද පෙරවරුවේ ඉන්දීය ජනරජ දිනය සැමරීමට එක්ව සිටියේය.


ඔහු සමග සජබයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චිත්‍රාල් ප්‍රනාන්දු, චාමිද්‍රිනී කිරිඇල්ල, චතුර ගලප්පත්ති සහ ප්‍රසාද් සිරිවර්ධනත් පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ධ, සංජීව එදිරිමාන්න, සම්පත් අතුකෝරාල සහ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂත් ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තය බලා පිටත්ව ගොස් ඇත.
මෙම කණ්ඩායම ලෝකයේ විශිෂ්ඨතම ආපදා කළමනාකරණ මධ්‍යස්තානයක් වන ඔඩිසා ආපදා කළමනාකරණ මධ්‍යස්තානයේ නිරීක්ෂණ චාරිකාවකට සහ අසෝක රජුගේ සමයට අයත් බෞද්ධ පුරාවස්තු නැරඹීමේ සංචාරයකටද එක්වීමට නියමිතය.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට අද (26දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දීමක් ලැබී ඇතැයි වාර්තාවේ.
ශිරන්තිට හෙට එන්න කියල !
ඒ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ නමට මිලදී ගත් බව කියන, කොළඹ 05, ටොරින්ටන් මාවතේ පිහිටි රුපියල් කෝටි 40ක් පමණ වටිනා නිවසක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත්ව ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු විසින් බවද පැවසේ.
පැමිණිල්ලට අදාළව කරුණු තහවුරු කර ගැනීම සඳහා කොමිසම විසින් මේ වනවිටත් පැමිණිලිකරුගෙන් වැඩිදුර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
විමර්ශනවල මීළඟ පියවර ලෙස ශිරන්ති රාජපක්ෂගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.
පැමිණිලිකරු පෙන්වා දෙන්නේ 2001 වසරේ සිට මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන තෙක්ම සිය පවුලේ පිරිස සමඟ මෙම නිවසේ පදිංචිව සිට ඇති බවයි.
ඔහු ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව, අදාළ නිවස ශිරන්ති රාජපක්ෂගේ නමට මිලදී ගෙන ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
එම නිවස මිලදී ගැනීම සඳහා වැය කළ අරමුදල් සපයා ගැනීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බැවින්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පැමිණිලිකරු අල්ලස් කොමිසමෙන් ඉල්ලා ඇතැයිද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හෙට (27දා) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පෙනීසිටින ලෙස ඇයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.




