පළමුව කැබින් කෘ සුපවයිසර් (Cabin Supervisor) පහරදී ඇති මෙම නිලධාරියා අනතුරුව එරට ගුවන් තොටුපලේ ගුවන් ටිකට්පත් පරීක්ෂාකරන කවුන්ටරයට කඩා වැදී එහි ස්ථානාධිපතිවරියට (Station Manager) පහර දී තිබේ.
අනතුරුව ඔහු මෙහෙයුම් කපිතාන්වරයාට (Captain) සහ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට කිහිපදෙනෙකුට ද පහරදී ඇත.
පහර දෙන අතරතුර ඔවුන්ගේ කාර්ය මණ්ඩල හැඳුනුම්පත් පවා ගලවා විසි කරදමා ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.
සිදුවීමත් සමඟ එරට ගුවන්තොටුපළ පොලිසිය එම ස්ථානයට කැඳවා ඇති බවත්, අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන පසුව මුදාහැර ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.
මෙම තත්ත්වය තුල ඊයේ පෙරවරු 07.45 ට පිටත් වීමට නියමිතව තිබූ UL403 ගුවන් යානය පැයක ප්‍රමාදයකින් පසු බැංකොක් වලින් (BKK) පිටත් වී කොළඹට පැමිණ තිබුනේ 11. 50 ට පමණය.
මෙම පුද්ගලයා කලක සිට මානසික ගැටළුවකින් පෙලෙන බවට කාර්යය මණ්ඩල නිලධාරීන් විවිධ අවස්ථා වල පැමිණිලි කර ඇති නමුත් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ඉහළ පරිපාලනය මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර නොමැති බව ආයතනයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
මෙම සිදුවීමට මුහුණදුන් අදාළ ගුවන්සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, ගුවන් නියමු සංසදය (Pilots Guild) හා ශ්‍රී ලංකා ගුවන්සේවක සේවිකාවන්ගේ සංගමය (Flight Attendants Union of Sri Lanka) කළමනාකාරිත්වයට මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ඉල්ලා ලිපි යොමුකර තිබේ.




