The Leader News
BREAKING
Top Ad
පුවත්

පරිගණක අපරාධ වැළැක්වීමට නව පොලිස් කොට්ඨාසයක්

T

The Leader Desk

February 7, 2026 • 3:43 PM

පරිගණක අපරාධ වැළැක්වීමට නව පොලිස් කොට්ඨාසයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
  • ඊයේ (06) පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
  • අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ වර්තමානයේ ඉහළ යමින් පවතින අපරාධ ස්වභාවයන් පිළිබඳ අදහස් දක්වමිනි.
  • ඔහු පෙන්වා දුන්නේ, දිනකට පරිගණක ආශ්‍රිත අපරාධ 23ත් 25ත් අතර ප්‍රමාණයක් වාර්තා වන අතර, එය සැලකිය යුතු ඉහළ සංඛ්‍යාවක් බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

ඊයේ (06) පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ වර්තමානයේ ඉහළ යමින් පවතින අපරාධ ස්වභාවයන් පිළිබඳ අදහස් දක්වමිනි. ඔහු පෙන්වා දුන්නේ, දිනකට පරිගණක ආශ්‍රිත අපරාධ 23ත් 25ත් අතර ප්‍රමාණයක් වාර්තා වන අතර, එය සැලකිය යුතු ඉහළ සංඛ්‍යාවක් බවය.

එම අපරාධ කාර්යක්ෂමව විමර්ශනය කර විසඳාගැනීම සඳහා අවශ්‍ය නව තාක්ෂණය, විශේෂ දැනුම සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නවීකරණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොලීසිය ඉතා විශිෂ්ඨ, කාර්යක්ෂම සහ අදූෂිත දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවත්, ඒ සඳහා නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින බවත් ඔහු අවධාරණය කළේය.

එමෙන්ම දක්ෂ නිලධාරීන්ට ඉහළට යා හැකි සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීමත්, වැරදි කරන නිලධාරීන් පොලිස් සේවයෙන් ඉවත් කිරීම සඳහා ක්‍රමවේද සකස් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...