The Leader News
BREAKING
අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●සාන්තුවරයින්ගේ සිවුකොන් ක්‍රීඩා සැණකෙළිය 17 දා ඇරඹේ●නව ත්‍රස්තවිරෝධී පනත මර්දනයට අලුත් පාරක්ද? | Athulasiri Samarakoon●මැතිවරණ ප්‍රධානියාට එරෙහි විරෝධතා මැඩලන්න දිල්ලිය අගුලු ලයි●මහින්ද සංස්කෘතියට එරෙහිව අනුර ගහන කැරැල්ල දිනයිද? | ගුරුදා විග්‍රහය●අළු යට ගිනි පුපුරු: පනහ පැන්න ආදරයට අලුත් හුස්මක්●
Top Ad
පුවත්

DIG ගේ නම විකුණා පොලිස් නිලධාරීන්ට තග දැමු කාන්තාව රිමාන්ඩ්

T

The Leader Desk

November 1, 2025 • 4:08 PM

DIG ගේ නම විකුණා පොලිස් නිලධාරීන්ට තග දැමු කාන්තාව රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චෝදනා මත ගම්පහ උඩුගම්පොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කාන්තාව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
  • මෝටර් රථයකින් ගමන් කරමින් සිටි අදාළ කාන්තාව රථවාහන වරදක් සම්බන්ධයෙන් නතර කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ දරා ඇති අතර එහිදී ඇය පොලිස් අණ නොතකා මෝටර් රථය ධාවනය කර තිබුණි.
  • පසුව එම මෝටර් රථය හඹා ගිය පොලිස් නිලධාරීන් උඩුගම්පොළ ප්‍රදේශයේදී එම රථය නතර කර පරීක්ෂා කිරීමට උත්සාහ දරා ඇති අතර එහිදී එම කාන්තාව තමා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ නැගනියක බව පවසමින් පොලිස් රාජකාරියට බාධා කර තිබුණි.
  • සැකකාරිය කළහකාරී ලෙස හැසිරෙන ආකාරය සහ අවට රැස්වූ ජනතාව ඊට විරෝධය පළ කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

චෝදනා මත ගම්පහ උඩුගම්පොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කාන්තාව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි අදාළ කාන්තාව රථවාහන වරදක් සම්බන්ධයෙන් නතර කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ දරා ඇති අතර එහිදී ඇය පොලිස් අණ නොතකා මෝටර් රථය ධාවනය කර තිබුණි.  

පසුව එම මෝටර් රථය හඹා ගිය පොලිස් නිලධාරීන් උඩුගම්පොළ ප්‍රදේශයේදී එම රථය නතර කර පරීක්ෂා කිරීමට උත්සාහ දරා ඇති අතර එහිදී එම කාන්තාව තමා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ නැගනියක බව පවසමින් පොලිස් රාජකාරියට බාධා කර තිබුණි.

සැකකාරිය කළහකාරී ලෙස හැසිරෙන ආකාරය සහ අවට රැස්වූ ජනතාව ඊට විරෝධය පළ කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර කාන්තාව රථවාහන පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර ඇය 46 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බව වාර්තා වෙයි.


පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේ, සැකකාර කාන්තාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නැගණිය ලෙස සිදු කරන ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවය.


අන්තරාදායක හා අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය, පොලිස් සංඥා නොතැකීම, සාපරාධී බලහත්කාරය පෑම හා අන් අයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා යටතේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර සැකකාරිය ලබන 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

DIG ගේ නම විකුණා පොලිස් නිලධාරීන්ට තග දැමු කාන්තාව රිමාන්ඩ් | The Leader