සිරස නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති සේවය සමඟ සජිවීව සම්බන්ධ වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.
අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 130ක් යැයි ද ඔහු කියා සිටියේය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙරවරු 6ට නිකුත් කළ වාර්තාවට අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 285ක් බලපෑමට ලක්ව තිබෙන අතර සුරක්ෂිත මධ්‍යස්ථාන 260කට වැඩි ප්‍රමාණයක් දිවයින පුරා ස්ථාපිත කර තිබේ.
අධ්‍යක්ෂ ජනරාල්වරයාට අනුව මේ වනවිට පීඩාවට පත්ව ඇති ජනතාවගේ සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවයි.
ඉදිරි පැය 24 තුළ මහ ඔයේ පහත්බිම්වලට අධි අවදානම් ගංවතුරක්
ඉදිරි පැය 24 සඳහා අධි අවදානම් ගංවතුර ඇඟවීමක් මහ ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබේ.
මහ ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය 24ක කාලය තුළ දැඩි වර්ෂාපතනයක් වාර්තා වී ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් මහ ඔය නිම්නයේ පහත්බිම්වලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි අවදානම් ගංවතුරක් ඇති විය හැකි බවට පුරෝකථනය කර තිබේ.
ජනතාව හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානයන් කරා ළඟ වෙන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ හේතුවෙන් ගිරිඋල්ල සහ බඩල්ගම මිනුම් මධ්‍යස්ථානවලට අති දැවැන්ත ජල මට්ටමකට ළඟා වී ඇතැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දිවුලපිටිය, අලව්ව, කටාන, මීරිගම, දංකොටුව, පන්නල, නාරම්මල, මීගමුව හා වෙන්නප්පු යන ප්‍රදේශවල පහත්බිම් යටවීමේ අවදානමක් පවතී.
හෙට සිට වැසි තත්ත්වයේ අඩු වීමක්: ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි තව දුරටත්
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් හෙට (නොවැම්බර් 30) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.
'දිට්වා' [Ditwah] සුළිකුණාටුව නොවැම්බර් මස 28 දින ප.ව.11.30 වන විට ත්‍රිකුණාමලය සිට කි.මී. 70ක් වයඹ දෙසින් , අක්ෂාංශ 9.0°N සහ දේශාංශ 80.8°E ආසන්නයේ කේන්ද්‍රගතව වී තිබුණු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.




!['දිට්වා' [Ditwah] සුළිකුණාටුව : මියගිය ගණන 123ක් දක්වා ඉහලට - 130ක් අතුරුදහන් !](/_next/image?url=https%3A%2F%2Fportal.theleader.lk%2Fimages%2F2023%2FDitwah_2025.11.29.jpg&w=3840&q=75)
