නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය අංශය පවසා සිටියේ, එම කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරන බවය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු සැකකරුවන් හතර දෙනෙක් ගාල්ල සහ අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ ගෙවල් 50 ප්‍රදේශයේ කමතක අත් හැර දැමූ කුඩා නිවෙසකදී ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන් අපරාධය සඳහා භාවිත කළ යතුරුපැදියක්, රුපියල් ලක්ෂ දොළහක මුදලක්, අයිස් මත්ද්‍රව භාවිත කිරීම් සඳහා යොදා ගන්නා උපකරණයක් පොලිසිය සොයාගෙන තිබුණි.
එහිදී එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී එහි සිටි පිරිසක් පොලිසිය සමඟ පොර බැඳීමේදී එක් සැකකරුවෙකු පලා ගොස් තිබුණි.
අනතුරුව පොලිස් කණ්ඩායම් කිහිපයක් සීසි ටීවී දර්ශන පරීක්ෂා කරමින් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය පැතීමට පොලීසිය කටයුතු කළේය.
කෙසේවෙතත් එම පලා ගිය සැකකරු ඊයේ පස්වරුවේ මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ විමර්ශන කණ්ඩායමක්, පොලිස් විශේෂ කාර්ය බලකාය, රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් හා ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.
එම සැකකරු වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කළ වෙඩික්කරු බවට අනාවරණ වී ඇතැයි පොලිසිය පවසයි.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධව පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් විමර්ශන සිදුකරනු ලබයි.
මෙම ඝාතනයට අදාළ විමර්ශන කටයුතු පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙහෙයවන ලදී.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහජන දිනය පැවති අවස්ථාවේදී සභාපතිවරයා හමුවීමට පැමිණි පුද්ගලයකු ලෙස වෙඩික්කරු සභාපතිවරයාගෙන් නිල කාමරයට පැමිණ වෙඩි තබා යතුරු පැදියකින් පලා ගොස් තිබූ අතරමඟදි යතුරු පැදිය මාරු කර වෙඩික්කරු සහ යතුරු පැදිකරු තවත් යතුරු පැදි දෙකක නැගී යන ආකාරය සීසී ටීවී කැමරා දර්ශනවල සටහන්ව තිබුණි.




