The Leader News
BREAKING
Top Ad
පුවත්

FCID ය අද මෛත්‍රී වික්‍රමසිංහ ගේ නිවසට !

T

The Leader Desk

February 20, 2026 • 3:56 AM

FCID ය අද මෛත්‍රී වික්‍රමසිංහ ගේ නිවසට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙසේ නමුත් සෞඛ්‍ය හේතුන් මත අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඒමට නොහැකි බවට එම කොට්ඨාශය වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
  • ඒ අනුව ඇයගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෛත්‍රී වික්‍රමසිංහ ගේ නිවසට පැමිණීමට නියමිත බව වාර්තාවේ.
  • ඇයට අද දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇති බව පසුගිය 18වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීමක් සිදුකරනු ලැබීය.
  • ස්ත්‍රී-පුරුෂ සාධාරණත්වය සහ සමානතාව සම්බන්ධයෙන් ඇය සිදුකර ඇති පර්යේෂණ, පුහුණුවීම්, ඇගයීම් සහ ප්‍රතිපත්තිමය දායකත්වය ඇගයීමට ලක් කරමින්, 2023 වසරේදී වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කලා, ව්‍යාපාර සහ සමාජ විද්‍යා පීඨය විසින් ඇයට ‘ගරු මහාචාර්ය’ ධුරයක් පිරිනමන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):


කෙසේ නමුත් සෞඛ්‍ය හේතුන් මත අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඒමට නොහැකි බවට එම කොට්ඨාශය වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඇයගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෛත්‍රී වික්‍රමසිංහ ගේ නිවසට පැමිණීමට නියමිත බව වාර්තාවේ.

ඇයට අද දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇති බව පසුගිය 18වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීමක් සිදුකරනු ලැබීය.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ, 2023 වසරේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ සිදු කළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 166කට අධික මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහට පෙබරවාරි 20 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය හමුවේ පෙනී සිටින ලෙස කොල්ලුපිටිය පොලිසිය මාර්ගයෙන් දැනුම් දීමට පියවර ගෙන ඇති බව යි.

 

 ආචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ යනු කවුද ?

 

ආචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ  ශ්‍රී ලංකාවේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ අංශාධිපති සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරිය වන අතර, එම විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයේ (CGSUK) නිර්මාතෘ අධ්‍යක්ෂිකාව ද වේ. 
 
වසර 35ක් පුරා විහිදුණු ඇයගේ විද්වත් සේවා කාලය තුළ, ඇය එක්සත් රාජධානියේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන සාධාරණත්වය පිළිබඳ මධ්‍යස්ථානය (CHEER) සහ කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති පාඨමාලාව ඇතුළු මෙරට සහ විදේශීය විශ්වවිද්‍යාල රැසක ආරාධිත විද්වතෙකු ලෙස කටයුතු කර ඇත.

ඇය බංග්ලාදේශයේ පිහිටි ආසියානු කාන්තා විශ්වවිද්‍යාලයේ (AUW) භාරකාර මණ්ඩලයේ මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමයේ (ACU) ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ වැඩසටහනේ උපදේශක කණ්ඩායමේ ද සාමාජිකාවක ලෙස කටයුතු කර තිබේ. 
 
කාන්තාවන්ට එරෙහි අසමානතාව සහ අසාධාරණය පිටුදැකීම සඳහා වූ ‘Commonwealth Says No More’ නම් පොදුරාජ්‍ය මණ්ඩලීය වේදිකාවේ ප්‍රවර්ධකයෙකු (Champion) ලෙස ලන්ඩනයේ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය විසින් ඇයව පත් කරන ලදී. මීට අමතරව, ඇය ඉන්දියාව පදනම් කරගත් ‘සංගට්’ (SANGAT) දකුණු ආසියානු ස්ත්‍රීවාදී ජාලයේ උපදේශක සභාවේ ද, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ස්ත්‍රී-පුරුෂ සාධාරණත්වය සහ සමානතාව පිළිබඳ ස්ථාවර කමිටුවේ ද, කොළඹ කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ මධ්‍යස්ථානයේ පාලක මණ්ඩලයේ ද සේවය කර ඇත.

ස්ත්‍රී-පුරුෂ සාධාරණත්වය සහ සමානතාව සම්බන්ධයෙන් ඇය සිදුකර ඇති පර්යේෂණ, පුහුණුවීම්, ඇගයීම් සහ ප්‍රතිපත්තිමය දායකත්වය ඇගයීමට ලක් කරමින්, 2023 වසරේදී වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කලා, ව්‍යාපාර සහ සමාජ විද්‍යා පීඨය විසින් ඇයට ‘ගරු මහාචාර්ය’ ධුරයක් පිරිනමන ලදී.


මෛත්‍රී වික්‍රමසිංහ විසින් රචිත 'Unexpectedly' නම්කවි එකතුවෙහි 'Political Strategy' යනු ඉංග්‍රිසි කවියේ සිංහල පරිවර්තනයයි.

 

දේශපාලන උපක්‍රමය

***************
මගේ මනස
ගල් ගැසී
ඉදිමී
ඉන්ඩිගෝ නිල් පැහැයෙන් බරව ඇත
ඔවුන් ඔබව
යක්ෂාරෝපණය කරනු
බලා හිඳිනා කල
ද්වේශසහගතව
නැති දෙයකින්
යමක්
වැරදි ලෙස මවාපාමින්;
ඇති හැමදේම
කිසිත් නැති බවට
සුනු විසුනු කරමින්
දැඩිව
අසත්‍යය
සත්‍යය බවට පත්කරමින්;
සත්‍යය
අසත්‍යය බවට පත්කරමින්
මහත් වෑයමෙන්
ගණින්න.
මෙතෙක් නිවැරදිව තිබූ දෑවලින්
වැරදි
අමුණමින්;
මෙතෙක් නිවැරදිව තිබූ දෑ
වැරදි ලෙස
වසං කරමින්
ඔබව
යක්ෂාරෝපණය
කිරීම උදෙසා.

 

  • දේශපාලන වාර්තාකරු - කෙෂාල් ජයසිංහ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...