The Leader News
BREAKING
Top Ad
පුවත්

නීතිපති ඉවත් කිරීමේ උත්සාහය පරාජය වීම අධිකරණ ක්‍රමය ලැබූ ජයග්‍රහණයක් - Free Lawyers

T

The Leader Desk

January 25, 2026 • 9:49 AM

නීතිපති ඉවත් කිරීමේ උත්සාහය පරාජය වීම අධිකරණ ක්‍රමය ලැබූ ජයග්‍රහණයක් -  Free Lawyers

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම සංවිධානයේ ප්‍රධානින් වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නීතිඥ අතුල ද සිල්වා ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.
  • එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
  • සමාජ මාධ්‍ය ඔස්සේ නීපතිවතිවරයාට පමණක් නොව අප සංවිධානයට ද අපහාස කිරීමට සැලසුම් සහගත ලෙස කටයුතු කර තිබුණි.
  • මේ පිළිබඳ අධිකරණ හා නීති කේෂ්ත්‍රයන් හි පාර්ශවකරුවන් රැසක් අප දැරූ ස්ථාවරයට පැමිණීම සතුටට කරුණකි.
අකුරු ප්‍රමාණය (Font Size):


එම සංවිධානයේ ප්‍රධානින් වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නීතිඥ අතුල ද සිල්වා ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

 

''මෙම අසත්‍ය චෝදනා හා අවලාදවලට එරෙහිව සෘජුව මැදිහත් වූ Free Lawyers සංවිධානය එම චෝදනාවල ස්වභාවය හා පසුබිම් අරමුණු අනාවරණය කළේය.

 

මෙම උත්සාහය පරාජය කිරීමේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් මෙම සමාජ මාධ්‍ය ප්‍රහාර හා විරෝධතා නීතිපති ධුරයේ ස්වාධීනත්වයට එල්ල වූ අසාධාරණ මැදිහත්වීමක් බව ප්‍රකාශ කරමින්, එය නීතියේ ආධිපත්‍යයට හා අධිකරණ ආයතනවල ස්වාධීනත්වයට එල්ල වූ බරපතල ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන තීරණාත්මක විරෝධයක් පළ කළේය.
 
සමාජ මාධ්‍ය ඔස්සේ නීපතිවතිවරයාට පමණක් නොව අප සංවිධානයට ද අපහාස කිරීමට සැලසුම් සහගත ලෙස කටයුතු කර තිබුණි. එසේ නමුත්, බහුතරයක් ජනතාව නීතිපතිවරයා ඉවත් කිරීමට දරණ ලද උත්සාහය වැලැක්වීමට එක්වීම සතුටකි.
 
දේශපාලන පක්ෂ හා සිවිල් කණ්ඩායම් ද Free Lawyers සංවිධානය අනාවරණයෙන් දින කිහිපයකට පසුව නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරනු ලැබීය.  මේ පිළිබඳ අධිකරණ හා නීති කේෂ්ත්‍රයන් හි පාර්ශවකරුවන් රැසක් අප දැරූ ස්ථාවරයට පැමිණීම සතුටට කරුණකි. පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳ අදහස් දැක්වූ සියළු දෙනාටත්, මෙම අවනීතික ක්‍රියාවට විරෝධය පළ කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ අනෙකුත් සියළුම සිවිල් සංවිධාන වෙතත්, පුරවැසියන්ටත් අපගේ ස්තුතිය පිරිණමමු.

 

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ද, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ද රජයේ ස්ථාවරය පැහැදිලි කර තිබුණි. නීතියේ අධිපත්‍ය පිළිගනිමින් කටයුතු කිරීම පිළිබඳ ඔවුන්ට ද අපගේ විශේෂ ස්තුතිය පළ කරමු.

 

කෙසේ නමුත්, පරාජයෙන් කුපිත වූ විදේශගත මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ද, එයට සහාය දක්වන මෙරට පිරිසක් ද, දිගින් දිගටම නීතිපතිවරයාටත්, අධිකරණ ආමත්‍යවරයාටත්, අප සංවිධානයේ සාමාජිකයින්ටත් හිතවතුන්ටත් සුපුදුරු පරිදි අපහාස කිරීම අරඹා තිබීම කණගාටුවට කරුණකි.
 
රටේ ස්ථාපති ආයතන පද්ධතිය ගෞරවය හා විශ්වසනීයත්වය විනාශ කිරීමට කුඩා කණ්ඩායමට කිසිදු ඉඩක් නොතිබිය යුතු බව අපගේ විශ්වාසයයි.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...