කොළඹ, පුත්තලම, අනුරාධපුර, බදුල්ල, පොළොන්නරුව, මඩකළපුව, ත්‍රීකුණාමලේ යනාදි දිස්ත්‍රික්වල ඊයේ සහ අද දිනයේ අසිරි හදවත සාමාජිකයින් පොදු ජනතාව සමග ඒකරාශි වී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළේ ය. විපතට පත් වූවන්ට ආහාර ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදා දීම, ගංවතුර සහ නාය යාම් හේතුවෙන් හානි වූ නිවාස පිළිසකර කිරීම, රෝහල් සහ පාසල්වල පිළිසකර කිරීම් සඳහා මැදිහත් වීම, සෞඛ්‍ය සායන සහ ඖෂධ ලබාදීම, යනාදි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වූ අතර මේ සඳහා දිවයින පුරා දහස් ගණනක් පොදු ජනතාවගේ ශ්‍රම දායකත්වය සහ විවිධ පරිත්‍යාග ද ලැබුණි.
අද සහ ඊයේ අසිරි හදවත මගින් සංවිධානය කළ වැඩසටහන් කිහිපයක්,
* දෙකටන කලුකොඳයාව ශ්‍රී විජයාරාමයේ වෛද්‍ය සායනය සහ ඖෂධ ලබාදීම.
* අවිස්සාවේල්ල ශාන්ත මේරි විද්‍යාලයේ පිළිසකර කිරීම් සඳහා මැදිහත් වීම.
* කටාන මඩවල මහදූව ප්‍රදේශයේ විපතට පත් ජනතාවට අත්‍යාවශ්‍යය ද්‍රව්‍ය බෙදා දීම.
* පාදුක්ක මාවතගම, පිටිගහහේන ප්‍රදේශයේ පවත්වන ලද වෛද්‍ය සායනය.
* පොළොන්නරුව ගල්ලෑල්ල අල් අස්හර් මහවිද්‍යාලයේ පිළිසකර කිරීම් සඳහා මැදිහත් වීම.
* අනුරාධපුර රාජාංගණය ප්‍රදේශයේ යාය 02, 10 ඇළ ප්‍රදේශවල ගංවතුරෙන් හානි වූ ළිං පවිත්‍ර කිරීම.
* කැලණිය සිංහාරමුල්ල ප්‍රදේශයේ සෞඛ්‍ය සායනය.
* හලාවත ප්‍රදේශයේ හානි වූ නිවාස සහ පාසල් පිළිසකර කිරීම.
* කෑගල්ල මූදු ගොමුව ප්‍රදේශයේ පානීය ජල ළිං පිරිසිදු කිරීම.
* කිරිබත්ගොඩ මායා මාවත ජනතාවට වියළි ආහාර බෙදා දීම සහ
* අනුරාධපුර යහසිරිපුර ගංවතුරෙන් හානි වූ නිවාස පිළිසකර කිරීම.







