ඔහු මෙම අදහස් පළ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (29) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසුවේ තම සංගමයට අවශ්‍ය වී තිබෙන්නේ මෙම කරුණු සාකච්ඡා කර විසඳා ගැනීම බවයි. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය පාර්ශ්වයෙන් ඊට සාධනීය පිළිතුරක් නොමැති බවත් තව දුරටත් අමාත්‍යංශ නිලධාරින් ඒ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් අද (30) සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වෙත ඒළඹීමට සිදු වන බවයි.
එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේ අමාත්‍යංශයේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් නිදහස් සෞඛ්‍ය සහ රෝගී සත්කාර සේවාව අඩපණ වන බවයි.
එමෙන් ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට (30) කිසියම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීම හේතුවෙන් රොගීන් අපහසුතාවට පත්වුහොත් එහි වගකීම සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් බාරගත යුතු බවයි.
මතු පළ වන්නේ ඔවුන් දැක්වූ අදහස් අන්තර්ගත විඩියෝ දර්ශන යි.




