එබඳු අවස්ථාවක වෛද්‍යවරු වෙනුවෙන් මෙන් ම රෝගීන් වෙනුවෙන් පෙනී සිටින්නේ ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.
වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ වැඩවර්ජනයක් කිරිම සඳහා තීරණය කිරීමට සිදු වූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වගකීමක් ලෙස ඉදිරියට පැමිණිමට සිදු වූ නිසා බවයි.
අපි පෙනී සිටින්නේ නියමිත නීතිගත ක්‍රියාවලිය වෙනුවෙන්
මෙහි දී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසුවේ මෙරට වෛද්‍යවරුන් ගේ එක ම වෘත්තීය සමිතිය ලෙස මෙන් ම මෙරට වෛද්‍යවරුන්ගේ එක ම නියෝජිතයා ලෙස සෑම අවස්ථාවක ම තම සංගමය පෙනී සිටියේ සහ පෙනී සිටින්නේ නියමිත නීතිගත ක්‍රියාවලිය තුළ වෛද්‍යවරුන් ගේ ස්ථාන මාරුවීම් සිදු කිරිම වෙනුවෙන් බවයි.
ස්ථාන මාරු සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ ආයතන සංග්‍රහයට අනුකූලව යි
මෙම මාධ්‍ය හමුවේවේ දී මාධ්‍යවේදියකු නෑගූ ප්‍රශ්නයකට පිළිතුරු සැපයූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ ඉතා පැහැදිලිව සඳහන් කර ඇති බවත්, ස්ථාන මාරු කිරීම් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ ස්ථාන මාරු මණ්ඩල හරහා බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස තම සංගමය නිරන්තරයෙන් ම දරන ස්ථාවරය වන්නේ ආයතන සංග්‍රහයේ දක්වා ඇති ආකාරයෙන් ම ස්ථාන මාරු මණ්ඩල කැඳවා, ඒ පිළිබඳ සාකච්ඡා කර එය ක්‍රියාත්මක බව යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.




