ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
යට කී කාරණය හේතුවෙන් මේ වන විට රෝහල් පද්ධතිය පවත්වාගෙන යෑමේ අභියෝගයක් පවතින බව ඔහු අවධාරණය කළේ ය.
වෛද්‍යවරු සහ කාර්යමණ්ඩල හිඟයි; රෝගීන් අපහසුතාවට
මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ අනුමත වෛද්‍යවරුන්ගේ සහ අනුමත කාර්ය මන්ඩලවල අඩුපාඩු පවතින බැවින් ලංකාවේ සියලු රෝහල්වල රෝගින් දැඩි අපහසුතාවට පත් වෙමින් සිටින බවයි.
කෙතරම් රෝහල් ඉදි කළ ද, කෙතරම් වෛද්‍ය උපකරණ පැවතිය ද වෛද්‍යවරු සහ කාර්යමණ්ඩලය අසම්පූර්ණ නම් රෝහල් පවත්වාගෙන යෑම අසීරු යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
නියෝජ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශය පිළිබඳ කිසිවක් ම දන්නෙ නැහැ
එම සාකච්ඡාවේ දී මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පවසා සිටියේ සෞඛ්‍ය අමාත්‍යවරයා විදෙස් ගතවන විට ඒතෙක් පැවති බොහෝ ප්‍රශ්න නිරාකරණය කර ගිය ද නියෝජ්‍ය අමාත්‍යවරයා නැවත රෝහල් පද්ධතිය පුරා ප්‍රශ්න සහගත තත්ත්වයක් ඇති කළ බවයි.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශය පිළිබඳ කිසිවක් ම නෙදන්නා බව ද වෛද්‍ය චමිල් විජේසිංහ අවධාරණය කළේ ය.




