The Leader News
BREAKING
Top Ad
පුවත්

මෙවර අයවැයෙන්, වෛද්‍යවරුන් රැකගෙන නිදහස් සෞඛ්‍යට පණ පොවන වැඩපිළිවෙළක් අවශ්‍ය යි - GMOA

T

The Leader Desk

November 5, 2025 • 3:19 AM

 මෙවර අයවැයෙන්, වෛද්‍යවරුන් රැකගෙන නිදහස් සෞඛ්‍යට පණ පොවන වැඩපිළිවෙළක් අවශ්‍ය යි - GMOA

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (04) කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
  • එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් කරුණු දක්වමින් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේ නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යැමේ දී රෝගී සත්කාර සේවා උපරිමයෙන් ලබාදීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.
  • එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හංසමාල් පැවසුවේ බිඳවැටීමට ලක් වෙමින් පවතින නිදහස් සෞඛ්‍ය සේවාව තිරසාරව ගොඩනැගීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යංශය එකතු වෙතැයි තම සංගමය බලාපොරොත්තු වන බවයි.
  • ස්ථාවර රාජ්‍යයක් සහ ශක්තිමත් ශ්‍රම බලකායක් බිහි කිරීමෙහිලා ශ්‍රී ලාංකීය ඉතිහාසයේ විශාලතම ආයෝජනය වනුයේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ නිදහස් අධ්‍යාපනය යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙම අදහස් පළ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (04) කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් කරුණු දක්වමින් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේ නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යැමේ දී රෝගී සත්කාර සේවා උපරිමයෙන් ලබාදීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.


සමස්ත නිදහස් සෞඛ්‍ය සේවාව ම දරුණු ගැටලුකාරී තත්ත්වයක


මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත නිදහස් සෞඛ්‍ය සේවාව ම දරුණු ගැටලුකාරී තත්ත්වයකට මෙන් ම දරුණු බිඳවැටිමකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක් යැයි මෙම සාකච්ඡාවට සහභාගි වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හංසමාල් පැවසුවේ බිඳවැටීමට ලක් වෙමින් පවතින නිදහස් සෞඛ්‍ය සේවාව තිරසාරව ගොඩනැගීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යංශය එකතු වෙතැයි තම සංගමය බලාපොරොත්තු වන බවයි.

ස්ථාවර රාජ්‍යයක් සහ ශක්තිමත් ශ්‍රම බලකායක් බිහි කිරීමෙහිලා ශ්‍රී ලාංකීය ඉතිහාසයේ විශාලතම ආයෝජනය වනුයේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ නිදහස් අධ්‍යාපනය යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමය මෙලෙස සඳහන් කරන්නේ වෛද්‍යවරුන් සහ රෝහල් පද්ධතිය මුහුණ  දී ඇති ගැටලු විසඳමින් නිදහස් සෞඛ්‍ය සේවාවට පණ පොවන තිරසාර සහ ශක්තිමත් වැඩපිළිවෙලක් එළඹෙන අයවැය - 2026 තුළ අන්තර්ගත කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මාධ්‍ය නිවේදකයක් නිකුත් කරමිනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් මෙම නිවේදනයේ සඳහන් වන අන්දමට රට තුළ පැවති ආර්ථික සහ දේශපාලන අස්ථාවරත්වය හමුවේ ප්‍රමාණවත් වැටුප් නොලැබීමත්, අහිතකර වෘත්තීය පරිසරයත්, අධික බදු බරත් හේතුවෙන් 2000කට අධික වෛද්‍යවරුන් පිරිසක් මෙරටට අහිමි වී තිබේ; එමෙන් ම 5000 කට අධික පිරිසක්ද රට හැර යාමේ සූදානමින් පසු වෙති. එබැවින් වෛද්‍යවරුන්ට රට තුළ රැඳී සිටීම දිරිමත් කරන සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ ගැටලු විසඳීමට ප්‍රමුඛතාවය ලබා දෙන කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාවය දැඩිව පවතින බව මෙම නිවේදනයෙන් අවධාරණය කර ඇත.

 


රෝහල් පද්ධතිය මුහුණ  දී ඇති ගැටලු විසඳීම සඳහා GMOA වෙතින් යෝජනා මාලාවක්


මතු පළ වන්නේ ඊට අදාළ යෝජනා අටක් ද අන්තර්ගත මාධ්‍ය නිවේදනය යි.

2025.11.04
මාධ්‍ය නිවේදනය

වෛද්‍යවරුන් සහ රෝහල් පද්ධතිය මුහුණ  දී ඇති ගැටළු විසඳමින් නිදහස් සෞඛ්‍ය සේවාවට පණ පොවන තිරසාර සහ ශක්තිමත් වැඩපිළිවෙලක් එළඹෙන අයවැය - 2026 තුල අන්තර්ගත කිරීමේ අවශ්‍යතාවය.


ස්ථාවර රාජ්‍යයක් සහ ශක්තිමත් ශ්‍රම බලකායක් බිහි කිරීමෙහිලා ශ්‍රී ලාංකේය ඉතිහාසයේ විශාලතම ආයෝජනයන් වනුයේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ නිදහස් අධ්‍යාපනයයි.

රට තුළ පැවති ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හමුවේ ප්‍රමාණවත් වැටුප් නොලැබීමත්, අහිතකර වෘත්තීය පරිසරයත්, අධික බදු බරත් හේතුවෙන් 2000 කට අධික වෛද්‍යවරුන් පිරිසක් මෙරටට අහිමි වුනු අතර, 5000 කට අධික පිරිසක්ද රට හැර යාමේ සූදානමින් පසු වෙති.

 එමෙන්ම ඖෂධ සහ උපකරණ හිඟය, රෝගී සත්කාර සේවා ලබා දීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම, රෝගීන්ට අවශ්‍ය පහසුකම් නොමැති වීම සහ රෝහල් පද්ධතිය තුල අනාරක්ෂිත බව වැනි ගැටළු හේතුවෙන් සෞඛ්‍ය සේවාවන් පවත්වා ගැනීම දැඩි අභියෝගයක් බවට පත් වී ඇත. මෙම ප්‍රවණතාවය අඛණ්ඩව පැවතුණහොත්, මෙරට රෝහල් පද්ධතිය බිඳ වැටීම වැළැක්විය නොහැකි වනු ඇත.

 
එබැවින් වෛද්‍යවරුන්ට රට තුළ රැඳී සිටීම දිරිමත් කරන සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ ගැටළු විසදීමට ප්‍රමුඛතාවය ලබා දෙන කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාවය දැඩිව පවතී.

නිදහස් සෞඛ්‍යයට පණ පොවන වැඩපිළිවෙලක මූලික අඩිතාලම දැමීමට හැකිවන පරිදි, අට වැදෑරුම් යෝජනාවලියක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගරු ජනාධිපතිතුමන්ට, රජයට සහ ජනතාවට ඉදිරිපත් කරන ලදී.


1. විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කිරීම අරමුණු කරගනිමින්, ආර්ථික ස්ථායිතාවය තහවුරු කිරීම හා තෘප්තිමත් වෘත්තීය පරිසරයක් බිහි කිරීම වෙනුවෙන් කාල රාමුවක් සහිත තිරසාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.

2. රෝහල් පද්ධතිය තුළ පවතින ඖෂධ සහ උපකරණ හිඟය තිරසාර ලෙස විසඳමින්, ඖෂධ සැපයුම් ක්‍රියාවලියේ ගුණාත්මකබව සහ අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහා කෙටිකාලීන සහ දීර්ඝකාලීන උපාය මාර්ග සහිත ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම.

3. රෝහල් පද්ධතිය තුළ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම, අවශ්‍ය නව නීති ප්‍රතිපාදන හඳුන්වාදීම සහ සෞඛ්‍ය ආයතන වලට ආවේණික වූ ක්‍රියාකාරී සැලසුම් ස්ථාපිත කිරීම.

4. සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින සේවා අවශ්‍යතාවයන් සහ අනාගත සේවා පුළුල් කිරීම් විශ්ලේෂණය කර, සෞඛ්‍ය පද්ධතියේ අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ප්‍රක්ෂේපණය කිරීම සහ ඊට අනුරූපව අනුමත වෛද්‍යවරුන්ගෙ සංඛ්‍යාව හැකි ඉක්මනින් යාවත්කාලීන කිරීම.

5. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අධ්‍යාපන, පශ්චාත් උපාධි සහ පුහුණු අවස්ථා පුළුල් කිරීම මගින් රෝගි සත්කාරක සේවාවේ ගුණාත්මකභාවය ඉහල නැංවීම.

6. රෝහල් පද්ධතිය තුළ රෝගී සත්කාර සේවාවන් ලබාදීමේදී, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඒ සඳහා අවශ්‍ය නිල නිවාස, ප්‍රවාහන පහසුකම් ඇතුලු මූලික යටිතල පහසුකම් ප්‍රමිතිගත ලෙස ස්ථාපිත කිරීම තුළ යහපත් වෘත්තිය පරිසරයක් බිහි කිරීම.

7. රෝහල් පද්ධතිය තුළ රෝගීන් සඳහා ලබාදෙන ය‌ටිතල පහසුකම් හා සනිපාරක්ෂක පහසුකම් වල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම.

8. ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයකින් යුතුව ක්‍රමවේදයක් සැකසීම සහ ඒ හරහා සෞඛ්‍ය සේවාවන් ජනතාවට වඩා සමීප කිරීම.

 ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීම ඕනෑම රජයකට සහ පාලකයෙකුට අත්හල නොහැකි වගකීමකි. ඉහත යෝජනාවලිය හරහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අරමුණ වනුයේ වෛද්‍ය හිඟය ඇතුලු ගැටළු විසඳමින් ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාවේ උන්නතිය තහවුරු කිරීමයි.

 
මෙම යෝජනාවලියෙහි අන්තර්ගත කරුණු, ප්‍රමුඛතාවයන් හඳුනා ගනිමින් කාලරාමුවක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම වැදගත්ය. එහිදී කෙටිකාලීනව ක්‍රියාවට නැංවිය යුතු යෝජනාවන් ද පවතින අතර, ඇතැම් යෝජනා කාලරාමුවක් සහිතව ක්‍රියාත්මක කළ හැකිය.

මහ බැංකු අධිපතිතුමා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුලු විවිධ පාර්ශවයන්ට අනුව මෙරට ආර්ථිකය අර්බුදකාරී තත්ත්වයෙන් මිඳි වේගයෙන් ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් සිටින බව තහවුරු වන අතර එවන් පසුබිමක මෙම සතියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය - 2026 තුළ නිදහස් සෞඛ්‍යට පණ පොවන ශක්තිමත් වැඩපිළිවෙලක් වෙනුවෙන් ඉහළ ප්‍රමුඛතාවයක් ලැබිය යුතු යැයි අපි විශ්වාස කරමු.  

මෙම යෝජනාවලියේ අන්තර්ගතයත්, එය ක්‍රියාත්මක කිරීමෙහිලා අනුගමනය කළයුතු උපායමාර්ගත් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යංශ ලේකම්තුමා සමඟ මේ වන විටත් සාකච්ඡා කර ඇති අතර ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක් වෙනුවෙන් ඉල්ලීමක් සිදු කර ඇත.

නිදහස් සෞඛ්‍ය සේවාවේ පුනරුදය ඇති කිරීම තුල සුවපත් සහ නිරෝගී අනාගත පරපුරක් බිහිකිරීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ස්වකීය උපරිම සහයෝගය අඛණ්ඩව ලබාදීමට සූදානමින් සිටින බව ද සපථ කරමු.

ස්තූතියි.
මීට විශ්වාසී,
 වෛද්‍ය ප්‍රභාත් සුගතදාස,
ලේකම්.

GMOA 2025
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...