The Leader News
BREAKING
Top Ad
පුවත්

මෙවර අය වැයෙහි සෞඛ්‍ය සේවාවේ ඇත්ත ගැටලු කිසිවක් හඳුනාගෙන නැහැ - GMOA

T

The Leader Desk

November 13, 2025 • 7:32 AM

මෙවර අය වැයෙහි සෞඛ්‍ය සේවාවේ ඇත්ත ගැටලු කිසිවක් හඳුනාගෙන නැහැ - GMOA

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
  • එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හංසමාල් පැවසුවේ විශේෂඥ වෛද්‍යවරුන් ගේ ගැටලු සඳහා අල්පමාත්‍රයක විසඳුමක් අයවැය තුළන් නොමැති බවයි.
  • අය වැයෙන් විශේෂඥ වෛද්‍යවරුන් ගැටලු කිසිවක් විසඳී නැහැ - GMOA සභාපති මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සංජිව තෙන්නකෝන් පැවසුවේ පසුගිය සමයෙහි රටේ පැවති ආර්ථික අපහසුතා මධ්‍යයේ විශේෂඥ වෛද්‍යවරු ද අපහසුතාවලට මුහුණ දුන් බවයි.
  • එබැවින් විශේෂඥ වෛද්‍යවරුන් පිළිබඳව 2026 අයවැයෙන් නොසලකා හැරීම කිසිසේත් පිළිගත නොහැකි කරුණක් යැයි GMOA උප සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හංසමාල් පැවසුවේ විශේෂඥ වෛද්‍යවරුන් ගේ ගැටලු සඳහා අල්පමාත්‍රයක විසඳුමක් අයවැය තුළන් නොමැති බවයි.

.

2026 අය වැයෙන් විශේෂඥ වෛද්‍යවරුන් ගැටලු කිසිවක් විසඳී නැහැ - GMOA සභාපති

මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සංජිව තෙන්නකෝන් පැවසුවේ පසුගිය සමයෙහි රටේ පැවති ආර්ථික අපහසුතා මධ්‍යයේ විශේෂඥ වෛද්‍යවරු ද අපහසුතාවලට මුහුණ දුන් බවයි.

ඒ අවස්ථාවේ දී සෞඛ්‍ය සේවයේ නියුතු සියලු පිරිස් එක් එක් ආකාරයේ කැපවීම් කළ බව පෙන්වාදුන් වෛද්‍ය සංජිව තෙන්නකෝන් වැඩි දුරටත් පවසා සිටියේ මේ වන විට රටෙහි පවතින ආර්ථික ස්ථාවරය හේතුවෙන් එබදු කැප කිරිමක් කළ සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු අනෙකුත් ශ්‍රේණිගත වෛද්‍යවරු හට යම් සහනයක් ලැබෙතැයි බලාපොරොත්තු වුව ද 2026 යෝජිත අයවැයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ගැටලු කිසිවක් විසඳී නොතිබූ බවයි.



2026 අය වැය විශේෂඥ වෛද්‍යවරු නොසලකා හැරලා - GMOA උප සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව

ආණ්ඩුව 2026 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සමග කෙතෙක් දුරට අනුගත ද සහ වෛද්‍යවරු මුහුණ පා සිටින ප්‍රශ්නවලට පිළිතුරු සපයනවා ද යන්න ගැටලු සහගත යැයි  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව පැවසී ය.

එබැවින් විශේෂඥ වෛද්‍යවරුන් පිළිබඳව 2026 අයවැයෙන් නොසලකා හැරීම කිසිසේත් පිළිගත නොහැකි කරුණක් යැයි GMOA උප සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව අවධාරණය කළේ ය.




14වන සිකුරාදා සියලු විශේෂඥ වෛද්‍යවරුන් කොළඹට කැඳවනවා - GMOA උප සභාපති වෛද්‍ය රුක්මල් ගුණතිලක

විශේෂඥ වෛද්‍යවරු මේ වන විට තමන් වෙත ලැබෙන වැටුපට අමතරව වැටුප් හෝ කිසිදු ගෙවීමක් රහිතව වෙනත් පරිබාහිර කටයුතු කිහිපයක ම දෙනේනේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය රුක්මල් ගුණතිලක එම මාධ්‍ය හමුවේ දී පැවසී ය.

එබඳු ත්ත්වයක් තුළ පවා මෙවර අය වැය තුළින් විශේෂඥ වෛද්‍යවරු බලාපොරොත්තු වූ කිසිදු සහනයක් ලැබි නැති බවත්, මෙම කරුණු සලකා බලා මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එළඹෙන 14වන සිකුරාදා සියලු විශේෂඥ වෛද්‍යවරුන් කොළඹ GMOA මූලස්ථානයට කැදවීමට තීරණය කර ඇති බව හෙතෙම අවධාරණය කළේ ය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මෙවර අය වැයෙහි සෞඛ්‍ය සේවාවේ ඇත්ත ගැටලු කිසිවක් හඳුනාගෙන නැහැ - GMOA | The Leader