The Leader News
BREAKING
Top Ad
පුවත්

රජයේ නොසැලකිල්ල හේතුවෙන් දැඩි ඖෂධ හිගයක් පවතිනවා - GMOA

T

The Leader Desk

November 20, 2025 • 3:39 AM

රජයේ නොසැලකිල්ල හේතුවෙන් දැඩි ඖෂධ හිගයක් පවතිනවා - GMOA

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කළ යුතු කටයුතු නොකිරීම හේතුවෙන් මේ වන විට දිවයින පුරා රෝහල් තුළ ඖෂධ බොහොමයක් හිඟ වෙමින් පවතින්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසී ය.
  • ඔහු මේ බව අනාවරණය කළේ ඊයේ (19) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
  • නිදහස් සෞඛ්‍ය සේවාව ඉතාමත් අවදානම් තත්ත්වයක මෙම මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසුවේ රටේ කොඳු නාරටිය වන්නේ රට තුළ පවතින නිදහස් සෞඛ්‍ය සේවය බව තම සංගමය නිරන්තරයෙන් ම පැවසූ බව යි.
  • නමුත් මේ වන විට මේ සියලු සේවා බිඳ වැටෙන තත්ත්වයක් මතුව ඇතැයි ඔහු අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

කළ යුතු කටයුතු නොකිරීම හේතුවෙන් මේ වන විට දිවයින පුරා රෝහල් තුළ ඖෂධ බොහොමයක් හිඟ වෙමින් පවතින්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසී ය.

ඔහු මේ බව අනාවරණය කළේ ඊයේ (19) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.



නිදහස් සෞඛ්‍ය සේවාව ඉතාමත් අවදානම් තත්ත්වයක


මෙම මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසුවේ රටේ කොඳු නාරටිය වන්නේ රට තුළ පවතින නිදහස් සෞඛ්‍ය සේවය බව තම සංගමය නිරන්තරයෙන් ම පැවසූ බව යි.

එහෙත් මේ වන විට එම නිදහස් සෞඛ්‍ය සේවාව ඉතාමත් අවධානම් තත්ත්වයක පවතින්නේ යැයි හෙතෙම අවධාරණය කළේ ය.



නිදහස් සෞඛ්‍ය සේවය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උදා වෙලා

නිදහස් සෞඛ්‍ය සේවාව සැබැවින් ම නිදහස් සෞඛ්‍ය සේවාවක් වන්නට නම්: රෝහල් පද්ධතිය තුළ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ලය රැඳිය යුතු බවත්, තවත් පසෙකින් රෝහල් වෙත රෝගින් පැමිණිය යුතු බවත්, ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සිටිය යුතු බවත්, අනෙක් පසින් රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර සේවා සැපයීම සඳහා අවශ්‍ය: ඖෂධ, උපකරණ සහ රසායනාගාර පරීක්ෂණ යනාදිය අඩුවකින් තොරව රෝගින්ට සැපයිය යුතු යැයි මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ආචාර්ය චමිල් විජේසිංහ පැවසී ය.

නමුත් මේ වන විට මේ සියලු සේවා බිඳ වැටෙන තත්ත්වයක් මතුව ඇතැයි ඔහු අවධාරණය කළේ ය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...