The Leader News
BREAKING
Top Ad
පුවත්

රනිල් ,GMOA එකට දුන් ඉඩම නැවතත් රජයට පවරා ගැනේ !

T

The Leader Desk

January 29, 2026 • 5:56 PM

රනිල් ,GMOA එකට දුන් ඉඩම නැවතත් රජයට පවරා ගැනේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අයත් අක්කර පහක ඉඩමක් බදු පදනම යටතේ රජ⁣යේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට (GMOA) ලබා දී ඇති අතර එම ඉඩම නැවත රජයට පවරා ගැනීමට කටයුතු කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
  • නියමිත පටිපාටියෙන් තොරව මෙම ඉඩම පවරාදීම සිදුකර ඇති බවත් බදු කොන්දේසි කඩකිරීම හේතුවෙන් එම ඉඩම රජයට පවරා ගනු ලැබීමට තීරණය කර ඇති බවත් වාර්තා වේ.
  • හෙක්ටයාර 2.0234 ක මෙම ඉඩම 2023.
  • වැනි දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත වසරක් 30ක් සඳහා බදු ඔප්පුවකින් පවරා දී තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

අයත් අක්කර පහක ඉඩමක් බදු පදනම යටතේ  රජ⁣යේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට (GMOA) ලබා දී ඇති අතර  එම ඉඩම නැවත රජයට පවරා ගැනීමට කටයුතු කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

නියමිත පටිපාටියෙන් තොරව මෙම ඉඩම පවරාදීම සිදුකර ඇති බවත්  බදු කොන්දේසි කඩකිරීම හේතුවෙන් එම ඉඩම රජයට පවරා ගනු ලැබීමට තීරණය කර ඇති බවත් වාර්තා වේ.

හෙක්ටයාර 2.0234 ක මෙම ඉඩම 2023. 05. 24 වැනි දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත වසරක් 30ක් සඳහා බදු ඔප්පුවකින් පවරා දී තිබිණ.

අක්කරයක් රුපියල් 50,000ක පමණ මුදලකට බදු දී ඇති මෙම ඉඩම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බදු කොනදේසි පැහැර හැරීම හේතුවෙන් පසුගියදා බදු ගිවිසුම අවලංගු කොට පවරා ගැනීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

මෙම ඉඩම පිහිටි ප්‍රදේශය දියලුම ඇල්ල ඇතුළු ඉහල සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන ගණනාවකට පහසුවෙන් ප්‍රවේශ වියහැකි ස්ථානයකි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...