The Leader News
BREAKING
Top Ad
පුවත්

GMOA - රත්නප්‍රිය - කුමුදේශ් - දේවිකා සාකච්ඡාව වර්ජනයකට නොවේ !

T

The Leader Desk

February 13, 2026 • 4:56 PM

GMOA - රත්නප්‍රිය - කුමුදේශ් - දේවිකා සාකච්ඡාව වර්ජනයකට නොවේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෛද්‍යවරුන්ගේ අතිකාල පැය 120 ස්ථාවරකිරීම, 22/99 චක්‍රලේඛය ක්‍රියාත්මක කර වෛද්‍යවරුන්ටත් වාහන, ඉන්ධන ඇතුලත් පහසුකම ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ජනවාරි 22සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවේ.
  • එහි පියවරක් ලෙස ජනවාරි 22 සහ 23 GMOA විසින් දීප ව්‍යාප්ත දෙදින වෛද්‍ය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන ලදී.
  • වෛද්‍යවරුන්ගේ දීමනාව ඉහළ නැංවීම ඇතුළු මෙම ඉල්ලීම් ලබාගැනීම සඳහා ආණ්ඩුවට බලකිරීමට සෞඛ්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවිකා, හෙද, පරිපූරක වෛද්‍ය, සෞඛ්‍ය කාර්ය සහායක, ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිතිවල සහාය ලබා ගැනීමට GMOA මූලස්ථානයේදී සාකච්ඡා වට කීපයක් පැවති බව වාර්තාවේ.
  • ඒ සඳහා GMOA ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ඇතුළු වෛද්‍ය නිලධාරීන්ට අමතරව රවී කුමුදේශ්, දේවිකා කොඩිතුවක්කු, සමන් රත්නප්‍රිය, යන අයද සහභාගි වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

වෛද්‍යවරුන්ගේ අතිකාල පැය 120 ස්ථාවරකිරීම, 22/99 චක්‍රලේඛය ක්‍රියාත්මක කර වෛද්‍යවරුන්ටත් වාහන, ඉන්ධන ඇතුලත් පහසුකම ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ජනවාරි 22සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවේ.

එහි පියවරක් ලෙස ජනවාරි 22 සහ 23 GMOA විසින් දීප ව්‍යාප්ත දෙදින වෛද්‍ය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන ලදී.

 වෛද්‍යවරුන්ගේ දීමනාව ඉහළ නැංවීම ඇතුළු මෙම ඉල්ලීම් ලබාගැනීම සඳහා ආණ්ඩුවට බලකිරීමට සෞඛ්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවිකා, හෙද, පරිපූරක වෛද්‍ය, සෞඛ්‍ය කාර්ය සහායක, ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිතිවල සහාය ලබා ගැනීමට GMOA මූලස්ථානයේදී සාකච්ඡා වට කීපයක් පැවති බව වාර්තාවේ.

ඒ සඳහා GMOA ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ඇතුළු වෛද්‍ය නිලධාරීන්ට අමතරව රවී කුමුදේශ්, දේවිකා කොඩිතුවක්කු, සමන් රත්නප්‍රිය, යන අයද සහභාගි වී ඇත.

කෙසේ වෙතත් මෙහිදී වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් ඉටුකරවා ගැනීම සඳහා ඒකාබද්ධ වැඩවර්ජනයක් කැඳවීමට නොව ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ග දියත්කිරීම ගැන සාකච්ඡා කළ බව සාකච්ඡාවලට සහභාගිවූ පාර්ශව කීපයක්ම සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...