කල් ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අමාත්‍යවරයා අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැලිකමක් දක්වන බවත් ඒ නිසාවෙන් වර්ජන ක්‍රියාමාර්ගය දිග්ගැස්සෙන බවත් පවසන එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස තවදුරටත් සඳහන් කළේ, අමාත්‍යවරයාගේ තීරණය මත වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව තීන්දුවක් ගැනීමට සිය සංගමය සුදානම් බවය.
එමෙන්ම අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට ප්‍රමාද වීම හරහා අගතියට පත්වන්නේ රෝගී ජනතාව වන බව ද ඔහු සඳහන් කර සිටියේය.
මේ අතර වර්ජනය සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගැනීමේ බලය විධායක සභාවට පැවරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස,
''ජනාධිපතිතුමාට අවශ්‍ය මැදිහත්වීම කරන්න කියලා අපි දැනුවත් කරලා තියෙනවා''
එතුමා තීන්දු තීරණ ගන්න ප්‍රමාද වෙනවා නම් ඒකෙ ප්‍රතිඵල, එකෙන් අගතියට පත්වෙන්නේ මේ රටේ රෝගී ජනතාව. ඒ නිසා අපි හෙට උදේ 8 වෙනකල් අවස්ථාව දීලා තියෙනවා සෞඛ්‍ය ඇමතිට ඒ අවශ්‍ය මැදිහත් වීම කරන්න. ජනාධිපතිතුමාට අවශ්‍ය මැදිහත්වීම කරන්න කියලා අපි දැනුවත් කරලා තියෙනවා. උදේ 8 වෙද්දි ඒ අවශ්‍ය මැදිහත්වීම කරන්න එකඟ වෙනවා නම් අපිට හෙට උදේට විධායක සභාවේදී තීරණය කරන්න පුළුවන් හෙට උදේ 8 වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරනවාද ? නැද්ද කියන කාරණය.”
මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු මෙරට සියලුම රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල හදිසි හා අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා හැර සෙසු ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගී පත්වූයේ දැඩි අපහසුතාකටයි.
වර්ජනය හෙට පෙරවරු 8 දක්වා ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම අද පස්වරුවේ ප්‍රකාශ කළේය.
මෙවන් පසුබිමක සෞඛය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද ප්‍රකාශ කළේ වර්ජනයේ නිරත පාර්ශ්වයේ ප්‍රධාන ඉල්ලීමක් වූ පශ්චාත් සීමාවාසික අවධියේ සිටි වෛද්‍යවරුන්ට පළමු පත්වීම සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර ලබාදීමට සියලු කටයුතු සූදානම් බවය.




