The Leader News
BREAKING
Top Ad
පුවත්

කෘත්‍රිම බුද්ධිය ඔබට පවසන දේ අන්ධ ලෙස විශ්වාස නොකරන ලෙස Google ප්‍රධානියා පවසයි

T

The Leader Desk

November 18, 2025 • 4:02 PM

කෘත්‍රිම බුද්ධිය ඔබට පවසන දේ අන්ධ ලෙස විශ්වාස නොකරන ලෙස Google ප්‍රධානියා පවසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Alphabetහි ප්‍රධානියා බීබීසීයට පැවසීය.
  • විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී එහි ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි පැවසුවේ, කෘත්‍රිම බුද්ධි ආකෘති "දෝෂවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් ඇති" බවත් අනෙකුත් මෙවලම් සමග ඒවා භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ය.
  • කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මත පමණක් රඳා පැවතීමට වඩා පොහොසත් තොරතුරු පරිසර පද්ධතියක් තිබීමේ වැදගත්කම එමගින් ඉස්මතු කරන බව පිචායි පැවසීය.
  • "ඔබට යමක් නිර්මාණශීලීව ලිවීමට" AI මෙවලම් ප්‍රයෝජනවත් වුණු අතර, මිනිසුන් "ඔවුන් දක්ෂ දේ සඳහා මෙම මෙවලම් භාවිත කිරීමට ඉගෙන ගත යුතු" බවත් ඒවා පවසන සෑම දෙයක් ම අන්ධ ලෙස විශ්වාස නොකළ යුතු" බව ත් පිචායි පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

Alphabetහි ප්‍රධානියා බීබීසීයට පැවසීය.

විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී එහි ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි පැවසුවේ, කෘත්‍රිම බුද්ධි ආකෘති "දෝෂවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් ඇති" බවත් අනෙකුත් මෙවලම් සමග ඒවා භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ය.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මත පමණක් රඳා පැවතීමට වඩා පොහොසත් තොරතුරු පරිසර පද්ධතියක් තිබීමේ වැදගත්කම එමගින් ඉස්මතු කරන බව පිචායි පැවසීය.

"මේ නිසා තමයි මිනිස්සු Google search භාවිත කරන්නේ, ඒ වගේ ම නිවැරදි තොරතුරු සැපයීමේදී වඩාත් විශ්වසනීය මූලාශ්‍ර මත පදනම් වුණු වෙනත් නිෂ්පාදන අප සතුව තිබෙනවා."


කෙසේ වෙතත්, ඇතැම් විශේෂඥයින් පවසන්නේ Google වැනි විශාල තාක්ෂණික සමාගම් තම මෙවලම් මගින් සපයනු ලබන තොරතුරුවල නිවැරදි බව පරීක්ෂා කිරීමට පරිශීලකයින්ට ආරාධනා නොකළ යුතු බවත්, ඒ වෙනුවට ඔවුන්ගේ තොරතුරු පද්ධති වඩාත් විශ්වාසදායක කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් ය.


"ඔබට යමක් නිර්මාණශීලීව ලිවීමට" AI මෙවලම් ප්‍රයෝජනවත් වුණු අතර, මිනිසුන් "ඔවුන් දක්ෂ දේ සඳහා මෙම මෙවලම් භාවිත කිරීමට ඉගෙන ගත යුතු" බවත් ඒවා පවසන සෑම දෙයක් ම අන්ධ ලෙස විශ්වාස නොකළ යුතු" බව ත් පිචායි පැවසීය.

ඔහු බීබීසීයට මෙසේ පැවසීය: "හැකි තාක් නිවැරදි තොරතුරු ලබා දීම සඳහා අප දරන ප්‍රයත්නය ගැන අපි ආඩම්බර වෙනවා, නමුත් වර්තමාන අතිනවීන AI තාක්ෂණයෙන් වැරදීම් සිදුවීමට ඉඩ තිබෙනවා."

වැරදීම් සිදු විය හැකි බවට පරිශීලකයින් දැනුවත් කිරීම සඳහා සමාගම එහි කෘත්‍රිම බුද්ධි මෙවලම්වල පණිවුඩ ප්‍රදර්ශනය කරයි.

නමුත්, මෙය තම නිෂ්පාදන මගින් සිදු කරන ලද වැරදි සම්බන්ධයෙන් එල්ල වන විවේචන සහ කනස්සල්ලෙන් එය ආරක්ෂා කිරීමට සමත්ව නැත.


Google සමාග එහි සෙවුම් ප්‍රතිඵල සාරාංශගත කරනු ලබන AI Overviews එළිදැක්වීමත් සමග එය ලබා දුන් ඇතැම් අක්‍රමවත්, සාවද්‍ය ප්‍රතිචාර හේතුවෙන් විවේචන සහ උපහාසයට ලක් විය. චැට්බොට් වැනි උත්පාදක AI නිෂ්පාදන (generative AI products), නොමග යවන හෝ අසත්‍ය තොරතුරු නිකුත් කිරීමට ඇති ඉඩ, විශේෂඥයින් අතර කණස්සල්ලට හේතුවක් වේ.


"මේ පද්ධති පිළිතුරු හදන බව අපි දන්නවා, ඒ වගේ ම ඒවා අපිව සතුටු කරන්න පිළිතුරු හදනවා - ඒක ප්‍රශ්නයක්," ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයේ වගකීම්සගහත කෘත්‍රිම බුද්ධි පිළිබඳ මහාචාර්ය ජිනා නෙෆ්, බීබීසී රේඩියෝ 4හි 'ටුඩේ' වැඩසටහනට මෙසේ පැවසුවා ය.

"මම 'ඊළඟට බලන්න ඕන චිත්‍රපටිය මොකක් ද' කියලා ඇහුවට කමක් නෑ, මගේ සෞඛ්‍යය, මානසික යහපැවැත්ම, විද්‍යාව, ප්‍රවෘත්ති ගැන ඇත්තට ම සංවේදී ප්‍රශ්න අහනවා නම් ඒක ඊට හාත්පසින් ම වෙනස්," ඇය පැවසුවා ය.

තම කෘත්‍රිම බුද්ධි නිෂ්පාදන සහ ඒවායේ නිරවද්‍යතාව සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට වගකීම පැවරීමට වඩා වැඩි වගකීමක් භාර ගන්නා ලෙස ඇය Google සමාගමෙන් ඉල්ලා සිටියා ය.

"සමාගම දැන් තමන් ලියපු ප්‍රශ්න පත්තරේ උත්තර හරි ද කියලා බලන්න කියන ගමන් පාසල් පද්ධතිය බිඳ වට්ටනවා," ඇය පැවසුවා ය.

'නව අදියරක්'

තාක්ෂණික ලෝකය Googleහි පාරිභෝගික කෘත්‍රිම බුද්ධි මාදිලිය වන Gemini 3.0හි නවතම එළිදැක්වීම සිදු වනතුරු බලා සිටින අතර, එය ChatGPT නිසා තමන්ට අහිමි වූ ජනප්‍රියත්වය නැවත දිනා ගැනීම අරඹා තිබේ.

මෙම වසරේ මැයි මාසයේ සිට, Google සිය සෙවුම් යාන්ත්‍රණයට නව "AI මාදිලියක්" හඳුන්වා දීම ආරම්භ කළ අතර, පරිශීලකයින්ට විශේෂඥයෙකු සමග කතා කිරීමේ අත්දැකීම ලබා දීම අරමුණු කර ගනිමින් Gemini chatbot ඊට ඒකාබද්ධ කළේ ය.
vgjr7

එම අවස්ථාවේදී, Gemini සහ සෙවුම් යාන්ත්‍රණය ඒකාබද්ධ කිරීම "කෘත්‍රිම බුද්ධි වේදිකා වෙනසේ නව අදියරක්" සනිටුහන් කරන බව පිචායි පැවසීය.

මෙම පියවර, Googleහි මාර්ගගත සෙවුම් ආධිපත්‍යයට තර්ජනයක් වී ඇති ChatGPT වැනි AI සේවාවන්ට එරෙහිව තරගකාරීව සිටීමට තාක්ෂණික දැවැන්තයා දරන උත්සහයේ කොටසක් ද වේ.

ඔහුගේ අදහස්, මෙම වසර මුලදී බීබීසී පර්යේෂණයකින් හෙළි වූ AI චැට්බොට් ප්‍රවෘත්ති වාර්තා සාවද්‍ය ලෙස සාරාංශ කර ඇති බවට සාක්ෂි සැපයීය.

OpenAIහි ChatGPT, Microsoftහි Copilot, Google හි Gemini සහ Perplexity AI යන සියල්ලට ම බීබීසී වෙබ් අඩවියෙන් අන්තර්ගතයන් ලබා දී ඒ පිළිබඳව ප්‍රශ්න අසන ලද අතර, AI පිළිතුරුවල "සැලකිය යුතු සාවද්‍ය තොරතුරු" අඩංගු බව එහිදී සොයා ගැනිණි.


බීබීසීය සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී පිචායි පැවසුවේ, තාක්ෂණය කෙතරම් වේගයෙන් සංවර්ධනය වෙමින් පවතී ද යන්න සහ ඇති විය හැකි හානිකර බලපෑම් වැළැක්වීම සඳහා ඒවා අවම කිරීමේ ක්‍රම ගොඩනගා ඇති ආකාරය අතර යම් ඝට්ටනයක් පවතින බව ය.


Alphabet සම්බන්ධයෙන්, මෙම ඝට්ඨනය කළමනාකරණය කිරීම යනු "එකවර දැඩි හා වගකීම්සහගත" තීරණ ගැනීමක් බව පිචායි පැවසීය.

"ඉතින් අපි මේ මොහොත හරහා වේගයෙන් ගමන් කරනවා. මම හිතන්නේ අපේ පාරිභෝගිකයින් එය ඉල්ලා සිටිනවා," ඔහු පැවසීය.

Google සමාගම කෘත්‍රිම බුද්ධිය සඳහා කරන ආයෝජනයට සමානුපාතිකව කෘත්‍රිම බුද්ධි ආරක්ෂාව සඳහා කරන ආයෝජනය ද වැඩි කර ඇති බව පිචායි තවදුරටත් පැවසීය.

"උදාහරණයක් විදිහට, අපි open-sourcing පහසුකම ලබා දෙනවා. එතකොට ඔබට පුළුවන් පින්තූරයක් කෘත්‍රිම බුද්ධියෙන් ජනනය කරලා ද නැද්ද කියලා බලා ගන්න," ඔහු සඳහන් කළේ ය.


දැන් Google හිමිකාරීත්වය දරන DeepMind මගින් කෘත්‍රිම බුද්ධි "ඒකාධිපතිත්වයක්" නිර්මාණය විය හැකි බවට ඇති බිය පිළිබඳව තාක්ෂණික බිලියනපතියෙකු වන ඊලෝන් මස්ක් විසින් OpenAIහි නිර්මාතෘවරුන්ට මෑතකදී හෙළිදරව් කරන ලද වසර ගණනාවක් පැරණි අදහස් පිළිබඳව විමසූ විට, පිචාය පැවසුවේ, "කිසි ම සමාගමකට කෘත්‍රිම බුද්ධිය තරම් බලවත් තාක්ෂණයක් හිමි නොවිය යුතු" බව ය.


නමුත් අද කෘත්‍රිම බුද්ධි පරිසර පද්ධතියේ (AI ecosystem) බොහෝ සමාගම් ඇති බව ඔහු පැවසීය.

"කෘත්‍රිම බුද්ධිය ගොඩනගන එක සමාගමක් විතරක් තිබිලා, හැම කෙනෙකුට ම ඒක විතරක් භාවිත කරන්න සිද්ධ වුණොත්, අන්න ඒ ගැනත් මම සැලකිලිමත් වෙනවා. නමුත් අපි දැන් ඒ තත්ත්වයෙන් ගොඩක් දුරස් වෙලා ඉන්නේ," ඔහු සඳහන් කළේ ය.

ලිපියේ සංස්කාරකවරු  

* ෆයිසාල් ඉස්ලම්
ආර්ථික සංස්කාරක
X, @faisalislam

* රේචල් ක්ලන්
ව්‍යාපාරික වාර්තාකරු

* ලිව් මැක්මෑන්
 තාක්ෂණ වාර්තාකරු


(උපුටා ගැනීම | බීබීසී සිංහල)
අවධාරණය කිරීම් අපෙන් - සංස්කාරිකා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...