The Leader News
BREAKING
Top Ad
පුවත්

Google සමාගම Apple සමාගම පසුකරයි

T

The Leader Desk

January 13, 2026 • 4:10 AM

Google සමාගම Apple සමාගම පසුකරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Alphabet සමාගම මෙලෙස ඉහළම මට්ටමකට ළඟා වූයේ මේ වසරේ මේ දක්වා සිය කොටසක වටිනාකම 6% කින් ඉහළ යාම හේතුවෙනි.
  • එමෙන්ම Alphabet සමාගමේ ප්‍රධාන ආදායම් මූලාශ්‍රය වන වෙළෙඳ දැන්වීම් ව්‍යාපාරය දැඩි තරගකාරීත්වය මධ්‍යයේ වුවද සම්පූර්ණයෙන්ම ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
  • Nvidia, Microsoft සහ Apple සමාගම්වලට පසුව ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගිය ලෝකයේ සිව්වන සමාගම බවට Alphabet සමාගම පත්ව ඇත.
  • මේ අතර කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ Alphabet සමාගමේ දැඩි හා පැහැදිලි අවධානය, එහි ව්‍යාපාරික උපායමාර්ගය පිළිබඳ තිබූ සැක සම්පන්නභාවය පහව යාමට Alphabet සමාගමේ කොටස් ඉහළ යෑහට හේතු වූ බව වාර්තා වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


Alphabet සමාගම මෙලෙස ඉහළම මට්ටමකට ළඟා වූයේ මේ වසරේ මේ දක්වා සිය කොටසක වටිනාකම 6% කින් ඉහළ යාම හේතුවෙනි.

එමෙන්ම Alphabet සමාගමේ ප්‍රධාන ආදායම් මූලාශ්‍රය වන වෙළෙඳ දැන්වීම් ව්‍යාපාරය දැඩි තරගකාරීත්වය මධ්‍යයේ වුවද සම්පූර්ණයෙන්ම ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

Nvidia, Microsoft සහ Apple සමාගම්වලට පසුව ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගිය ලෝකයේ සිව්වන සමාගම බවට Alphabet සමාගම පත්ව ඇත.

මේ අතර කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ Alphabet සමාගමේ දැඩි හා පැහැදිලි අවධානය, එහි ව්‍යාපාරික උපායමාර්ගය පිළිබඳ තිබූ සැක සම්පන්නභාවය පහව යාමට Alphabet සමාගමේ කොටස් ඉහළ යෑහට හේතු වූ බව වාර්තා වෙයි.

ඒ අනුව පසුගිය බදාදා දිනයේදී Alphabet සමාගම, 2019 වසරෙන් පසු පළමු වරට Apple සමාගම පසුකරමින් වෙළෙඳපොළ වටිනාකම අනුව ලෝකයේ දෙවන වටිනාකම වැඩිම සමාගම බවට පත්ව ඇත.

මෙම මට්ටම්, Alphabet සමාගම පිළිබඳ ආයෝජක විශ්වාසය විශාල ලෙස වෙනස් වී ඇති බවට සාක්ෂි සපයන බව විශ්ලේෂකයින් පෙන්වා දෙති.

2025 වසර තුළ Alphabet කොටස් මිල සියයට 65කින් ඉහළ ගොස් ඇති අතර, Wall Street හි ප්‍රමුඛ තාක්ෂණික කොටස් කණ්ඩායම ලෙස හැඳින්වෙන “Magnificent Seven” කණ්ඩායමේ අනෙකුත් සමාගම්වලට වඩාද එය ඉහළ කාර්යසාධනයක් වාර්තා කර ඇති බව සඳහන් වේ.

| aruna
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...