ඒ අනුව නවක පළාත් පාලන සභිකයින් සඳහා පවත්වන ලද ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රාදේශීය ආණ්ඩුකරණය පිළීබද විධායක සහතිකපත්‍ර පාඨමාලාව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රාජ්‍ය නිලධාරීන් සහ අනාගත නායකයින් වීමට බලාපොරොත්තු වන තරුණයින් සඳහා පවත්වන ලද ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තු ආණ්ඩුකරණය පිලිබඳ විධායක සහතික පත්‍ර පාඨමාලාවද සම්පූර්ණ කරන ලද විද්‍යාර්තීන් සඳහා මෙහිදී සහතික පත්‍ර පිරිනැමිණ.
ප්‍රජාතන්ත්‍රවාදය සහ ආණ්ඩුකරණය පිළීබද වැඩසටහන IDAG ආයතනය සහ නායකත්වය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිලිබඳ බණ්ඩාරනායක ඇකඩමිය එක්ව ක්‍රියාත්මක කරන ලද වැඩසටහනකි.

මෙහිදී IDAG ආයතනයේ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය සහ සුපිලිපන්න භාවය වර්ධනය කිරීම සහ ශක්ත්මත් කිරීම මෙනම ආචාරචාර්මික නායකතීය පෞර්ශයයන් අනාගත පරපුර තුළ වර්ධනය කිරීම බව ප්‍රකාශ විය.
IDAG ආයතනයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ පුහුණුව යන වැඩසටහන යටතේ සංවිධානය කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රාදේශීය ආණ්ඩුකරණය පිළිබඳව විධායක සහතිකපත්‍ර පාඨමාලාව සඳහා සිංහල මාධ්‍යයෙන් 207 දෙනකුත්, දෙමළ මාධ්‍යය සඳහා සහතික 57 දෙනෙකුත් සහතික ලැබූහ.

අභිනවයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් තුළ පළාත් පාලනය පිලිබඳ මූලික දැනුම සහ සභිකයකු ලෙස වර්ධනය කරගත යුතු කුසලතා සහ ආකල්ප වර්ධනය කරගැනීමට මෙන්ම ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් ප්‍රාදේශීය ආණ්ඩුකරණය තුළ සුරක්ෂිට කිරීමේ වටිනාකම ඉස්මතු කිරීමට මෙම පාඨමාලාව සමත්වී තිබිණ.
මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ශ්‍රී ලංකාව සහ මාලදිවයින් සඳහා ස්විස් රාජ්‍ය තානාපතිවරිය වන ආචාර්ය සිරි වෝල්ට් (Dr. Siri Walt) මැතිණිය සහභාගීවූ අතර විශේෂ ආරාධිත භවතුන් ලෙස ලෙස ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රැන්සිස් පැක්ටෙට් (Jean-François Pactet) මහතා, බස්නාහිර පළාතේ පාලන ආණ්ඩුකාරවර ලේකම් ලිලන්ත කලුකපුආරච්චි සහ ස්විස් ශ්‍රීලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්දිම හෙට්ටිආරච්චි සහභාගීවිය.
IDAG උපදේශන මණ්ඩලයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මණ ආර්. වටවල (Prof. Lakshman R. Watawala), ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති සහ IDAG උපදේශන මණ්ඩලයේ ගෞරව උපදේශක ජනාධිපති නීතීඥ ප්‍රශාන්ත ලාල් ද අල්විස් (PC) , සහ මහාචාර්ය සමිත හෙට්ටිගේ උත්සව සභාව ඇමතූහ.

IDAG ආයතනය විසින් මෙහිදී මෙම වැඩසටහන් සාර්ථක කරගැනීම සඳහා හිටපු කථානායක ගරු කරු ජයසූරිය ලබාදුන් ගුරුහරුකම් සහ මග පෙන්වීම කෘතවේදීව සිහිපත් කරන ලද අතර ආයතනයේ දේශන සඳහා අධ්‍යාපනික දායකත්වය ලබාදීම වෙනුවෙන් විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් සහ විශේෂඥයන් ලෙස මහාචාර්ය චමින්ද අබේසිංහ, ආචාර්ය ප්‍රියන්ත මුදලිගේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක, ආචාර්ය ඉන්දි අකුරුගොඩ, ආචාර්ය දයානී පනාගොඩ, නීතිඥ ඉන්දික පෙරේරා , ධර්මසිරි නානායක්කාර, ආචාර්ය විරංජන හෙරත්, චාරුක පීරිස්, රුචිර පෙරේරා සහ ගයනි ප්‍රේමතිලක යන අය වෙනුවෙන් කෘතවේදී ප්‍රණාමය පළකර සිටියහ.
මෙහිදී IDAG ආයතනය අවධාරණය කරන ලද්දේ මෙය ආරම්භය මිස අවසානය නොවන බවත් දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපත් ආණ්ඩුකරණය සුරක්ෂිත කිරීම වෙනුවෙන් IDAG ආයතනය ඉදිරියට වැඩසටහන් රැසක් ඔස්සේ කැපවීමට අපේක්ෂා කරන බවත් ය.






