ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා ඉදිරි කාලයේ දී රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවැත්වීමට නියමිතය.
දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදු වූ අහිතකර බලපෑම් හේතුවෙන් මෙරට ආර්ථික තත්ත්වයට හා ආර්ථික ඉලක්කවලට සිදුව ඇති වෙනස්කම් මෙයට හේතු වී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන්වලදී හැමවිටම ක්‍රියාත්මක වෙන්නේ යම් රටක සාකච්ඡා පවත්වන අවස්ථාවේ පවතින ආර්ථික තත්ත්වයයි.
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම් හේතුවෙන් ආර්ථිකයේ සිදුව ඇති වෙනස නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනේ ඉලක්ක ද වෙනස් විය යුතු අතර ඒ ගැන රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරි හමුවේ දී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මෙය බලාපොරොත්තු නොවූ අනපේක්ෂිත තත්ත්වයක් නිසා ඇතිවෙන අමතර වියදම් අවශ්‍යතා හේතුවෙන්, මේ වසරේ (2026) අයවැයේ ද වෙනස්කම් සිදුවේ.
2025 දෙසැම්බර් 15 වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනේ පස්වැනි සමාලෝචනය සම්පූර්ණ කිරීමට නියමිතව පැවතිය ද එය කල් ගියේය.
සුළි කුණාටුව නිසා ආර්ථිකයට සිදු වූ බලපෑම සම්බන්ධයෙන් ඇස්තමේන්තුවක් සිදුකර ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වන සමාලෝචනය කල්දැමීමට එම අරමුදල තීරණය කර ඇත. ඒ වෙනුවට ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 206 ක හදිසි ණය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරනු ලැබිණි.
( adaderana | ශ්‍යාම් නුවන් ගනේවත්ත)
දිට්වා නිසා IMF ණය වැඩසටහනේ ඉලක්ක සංශෝධනයක්
T
The Leader Desk
January 14, 2026 • 4:10 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා ඉදිරි කාලයේ දී රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවැත්වීමට නියමිතය.
- දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදු වූ අහිතකර බලපෑම් හේතුවෙන් මෙරට ආර්ථික තත්ත්වයට හා ආර්ථික ඉලක්කවලට සිදුව ඇති වෙනස්කම් මෙයට හේතු වී ඇත.
- මෙය බලාපොරොත්තු නොවූ අනපේක්ෂිත තත්ත්වයක් නිසා ඇතිවෙන අමතර වියදම් අවශ්‍යතා හේතුවෙන්, මේ වසරේ (2026) අයවැයේ ද වෙනස්කම් සිදුවේ.
- දෙසැම්බර් 15 වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනේ පස්වැනි සමාලෝචනය සම්පූර්ණ කිරීමට නියමිතව පැවතිය ද එය කල් ගියේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



