The Leader News
BREAKING
Top Ad
පුවත්

විපක්ෂ නායකවරයා ගේ තර්කය IMF එක පවා පිළිගත්තා - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා

T

The Leader Desk

January 19, 2026 • 5:36 PM

විපක්ෂ නායකවරයා ගේ තර්කය IMF එක පවා පිළිගත්තා - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම තමාට බලය ලැබුන පසු යළි සාකච්ඡාවට භාජනය කිරීමට කැමැති යැයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසී ය.
  • ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (19) පැවැති මාධ්‍ය හමුවේ දී ය.
  • ශ්‍රී ලංකාවට මුදල් තිබෙනවා ද කියා සැකයි ''පසුගිය දා ඇතිවුණ ගංවතුර සහ නාය යෑම්වලින් ශ්‍රී ලංකාවට සිදුවුණ සමස්ථ හානිය ඩොලර් මිලියන 4ක් ලෙස ලෝක බැංකුව සඳහන් කර තිබෙනවා.
  • නමුත් උදාහරණයක් ලෙස සුනාමි ව්‍යසනයෙන් පසු ආධාරක සමුළුවකට නිවැරදි ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්න අපොහොසත් වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම තමාට බලය ලැබුන පසු යළි සාකච්ඡාවට භාජනය කිරීමට කැමැති යැයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (19) පැවැති මාධ්‍ය හමුවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා...

ශ්‍රී ලංකාවට මුදල් තිබෙනවා ද කියා සැකයි

''පසුගිය දා ඇතිවුණ ගංවතුර සහ නාය යෑම්වලින් ශ්‍රී ලංකාවට සිදුවුණ සමස්ථ හානිය ඩොලර් මිලියන 4ක් ලෙස ලෝක බැංකුව සඳහන් කර තිබෙනවා. නමුත් උදාහරණයක් ලෙස සුනාමි ව්‍යසනයෙන් පසු ආධාරක සමුළුවකට නිවැරදි ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්න අපොහොසත් වුණා. ඒ අනුව සුනාමි ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාව ආධාරක සමුළුවෙන් ඩොලර් බිලියන 2.2 ක් ඉල්ලුවත් ශ්‍රි ලංකාවට ලැබුණේ ඩොලර් බිලියන 1.1 ක් පමණයි. නමුත් 2022 පාකිස්ථානයට ඇතිවුණ ගංවතුර තත්ත්වයත් සමග ඔවුන් වෙනස් ආකාරයක ගණනය කිරීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව පාකිස්ථානයට සිදුවු හානිය ඩොලර් බිලියන 30ක් බව ඔවුන් ගණනය කර තිබුණා. ඒ අනුව 2026 අයවැය ඇස්තමේන්තුව සහ 2025 පරිපුරක අයවැය තුළින් රුපියල් බිලියන 500 ක් වෙන් කරන්නයි ආණ්ඩුව කටයුතු කරන්නේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට මුදල් තිබෙනවා යැයි කියන කාරණය මා පිළිගන්නේ නැහැ. ඒ වගේම ව්‍යසනය හේතුවෙන් ආණ්ඩුවේ ඉලක්ක සහ තීරණ කිසිසේත් වෙනස් නොකරන බව හරිණි අමරසූරිය අගමැතිවරිය ප්‍රකාශ කර තිබෙනවා. නමුත් එම තත්ත්වය වෙනස්කළ යුතු වෙනවා.

සමස්ත පාඩුවබිලියන 6ක් හෝ 7ක්

කෙසේ නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවේ ඇතිවන මුදල් හිඟය කල් තියා පුරෝකථනය කරමින් මුලික උපකල්පන දෙකක් භාවිතා කර තිබුණා. මෙවැනි විනාශයක් යළි ගොඩනැගිමේ පිරිවැය විනාශයේ පිරිවැයට වඩා වැඩියි. උදාහරණය විහිදියට උඩරට දුම්රිය මාර්ගය නැවත සකස් කරන්න වසරකට වැඩි කාලයක් ගත වන බව රජය ප්‍රකාශ කර තිබුණා. ඒ හරහා සංචාරක ව්‍යාපාරයට ඇති වන හානිය ඒ හරහා මිනිසුන් ගේ ජන ජීවිතයට වන හානිය රජය විසින් ගණන් බලා නැහැ. ඒ නිසා මෙවැනි ව්‍යසනයක දී යළි ගොඩනැගිමේ පිරිවැය විනාශයේ පිරිවැයට වඩා වැඩියි. ඒ වගේම යළි ගොඩනැගිමේ දී දිගු කාලින ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කරන්න සිදුවෙනවා. සංවර්ධනයේ සාරවත් අද්දැකීම් මුලික කරගෙනයි සජිත් ප්‍රේමදාස මහතා මෙවැනි සාර්ථක උපකල්පන සිදුකරන්නේ.

ඒ වගේම ලෝක බැංකුවේ පුරෝකථනවලට වඩා එහාට ගොස් ව්‍යසනය හේතුවෙන් සිදුවුණ හානිය සහ වක්‍ර හානිය පිළිබඳව ගණන් බලා සමස්ත පාඩුව පිළිබඳව ගණනයක් කිරීමක් ලෝකය හමුවේ තැබිය යුතුයි.  ඒ වගේම ඩොලර් බිලියන 6 ක හෝ 7 ක සමස්ත පාඩුවක් මෙම ව්‍යසනය හේතුවෙන් සිදුවි ඇති බව මේ වනවිට ගණනය කර තිබෙනවා. එය දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 6 ත් 8 ත් අතර ප්‍රමාණයක් වෙනවා. ඒ අනුව සැබැ තත්ත්ය ලෝක බැංකු ඇස්තමේන්තුවට වඩා දෙගුණයක් වැඩිවී තිබෙනවා.

පළමුව සර්ව පාක්ෂික සමුළුවක්

මේ අනුව රජය සියලු ම පක්ෂවල සහභාගිත්වයෙන් සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න කටයුතු කරයි කියලා සමගි ජනබලවේගය විශ්වාස කරනවා. එම සර්වපාක්ෂික සමුළුව හරහා ආධාරක සමුළුවට පදනම සකස් කර ගන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ජාත්‍යන්තර ආධාරක සමුළුවේ දී එක්සත් ජාතින්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධ ආයතන, ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව යනාදි බහුපාර්ශ්විය ආයතනවලට ආරාධනා කළ යුතුයි. 

 
එමෙන්ම ඉන්දියාව , චිනය බඳු ද්විපාර්ශ්විය හිතමිතුරන්ට ආරාධනා කළ යුතුයි. කෙසේ නමුත් 2025 දෙසැම්බර් 3වෙනි දා රටේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ දෙයක් ද නැද්ද යන බොළඳ තර්කවල නොසිට රටගැන සිතා සැබැ ලෙස ආධාරක සමුළුවක් කැදවන්නැයි සමගි ජනබලවේගය රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ හරහා විපතට පත් ජනයා වෙනුවෙන් කඩිනමින් සහන සලසන්නැයි රජයෙන් ඉල්ලා සිටිනවා.
 
මෙහි දී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට ද මහාචාර්යවරයා පිළිතුරු සැපවූයේ ය.

අපේ උත්සාහය රට නොදන්නා සජිත් ප්‍රේමදාසව එළියට ගැනීම..

මාධ්‍යවේදියා:
ඔබතුමා මේ පෙන්වන්නේ සජිත් ප්‍රේමදාස කියන දේ නිවැරදි බවද

පිළිතුර:
''විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ දෙය ප්‍රායෝගිකව පෙනෙන්න තිබෙනවා. මිට පෙර ඔහු සනීපාරක්ෂක තුවා ගැන කතා කරද්දී ඒක සමච්චලයට භාජනය කළා. දැන් පේනවා ඔහු කියපු දේ නිවැරදීයි කියලා. ඒ වගේම ප්‍රශ්නයක් කලින් හඳුනාගෙන ඒ සඳහා විසදුම් ඉදිරිපත් කිරීමේද හැකියාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට තිබෙනවා.  නමුත් ඒ පිළිබඳව තිබෙන සමාජ කතිකාවත ප්‍රමාණවත් නැහැ.

උදාහරණයක් ලෙස පසුගියදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. මටත් ඒකට ආරාධනා කරලා තිබුනා, තවත් මහාචාර්යවරු දෙදෙනෙක්ට ආරාධනා කරලා තිබුණා, එතනදී සජිත් කියනවා ETF හා EPF ඒ කියන්නේ අර්ථසාධක අරමුදල්වලට දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේදී සලකන ආකාරයට නෙමෙයි, ඒ කියන්නේ සාමන්‍ය වැඩකරන පන්තියේ මිනිස්සුන්ගේ සල්ලි වලට ලැබුණ හෙයා කට් එකට වඩා අඩු හෙයා කට් එකක් තමයි දෙන්නේ බැඳුම්කරවල ආයෝජනය කරන අයට, ප්‍රාථමික වෙළඳපොලේ ආයෝජනය කරන අයට. එතනදී සජිත් ඉතා නිර්භීතව මේ වැඩකරන ජනතාවගේ අර්ථසාධක අරමුදල කපාහරින්න එපා කියපා කියලා කිව්වා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවැරදි දත්ත ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් දැනුම්වත් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම තමාට බලය ලැබුණොත් යළි සාකච්ඡාවට භාජය කිරීමට කැමැති බව ප්‍රකාශ කළා. අපි දැක්කා රටේ සිටින ඇතැම් නායකයන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමේදී ඔවුන් කියන දේ පිළිගන්නවා මිසක ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. මට මතකයි පීටර් බෲව සහ අනිකුත් නියෝජිතයින් හිටියා, ඔවුන් එකඟ වුනා, ඔබට මැන්ඩේට් එකක් ජනවරමක් සමඟ මේ ගැන සාකච්ජා කළ හැකීයි කියන කාරණය.

මෙවැනි සාකච්ඡා සිදුවන බව බොහෝ දෙනෙකු දන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහතා සිදුකරන සාකච්ඡාවල මානුෂිය තත්ත්වයක් තිබෙනවා. පොදුජනයා වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමඟ සාකච්ඡා කරන්න සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළා. නමුත් රටේ ජනතාව මේ සම්බන්ධයෙන් දැනුම්වත් නැහැ. රට නොදන්නා සජිත් ප්‍රේමදාසව එළියට ගන්නයි අපි උත්සහ කරන්නේ.‘‘
 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...