The Leader News
BREAKING
Top Ad
පුවත්

රට යළි ගොඩනැඟීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ IMF නියෝජිතයින් අගයකරයි

T

The Leader Desk

January 28, 2026 • 4:06 PM

රට යළි ගොඩනැඟීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ IMF නියෝජිතයින් අගයකරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
  • පසුගිය 22 වන දා මෙරටට පැමිණි මෙම නියෝජිත පිරිස දිවයින පුරා සංචාරය කරමින් දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය සියැසින් දැක බලා ගත් අතර, එහි බලපෑමට ලක් වූ ජනතාවද හමු විය.
  • ව්‍යසනය හමුවේ රජය කටයුතු කළ අන්දම තමන් සමඟ කතා කළ බොහෝ ජනතාවගේ ඇගයීමට ලක් වූ බවත්, එය රජය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවත් මෙහිදී නියෝජිත පිරිස පෙන්වා දුන්හ.
  • මෙම පියවර කිසිසේත් නිසි මූල්‍ය කළමනාකරණයෙන් බැහැර වී වගකීම් විරහිත ක්‍රමවේදයකට අවතීර්ණ වීමක් නොවන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

පසුගිය 22 වන දා මෙරටට පැමිණි මෙම නියෝජිත පිරිස දිවයින පුරා සංචාරය කරමින් දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය සියැසින් දැක බලා ගත් අතර, එහි බලපෑමට ලක් වූ ජනතාවද හමු විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී සිදු වූ මෙම ව්‍යසනය සහ ඒ හමුවේ මුහුණ දීමට සිදු වූ පීඩාකාරී තත්ත්වය පිළිබඳ මෙහිදී සිය කණගාටුව පළ කළ නියෝජිත පිරිස ව්‍යසනයේ අභියෝග දරා ගනිමින් ජනතාවට සහන සැලසීමට, යටිතල පහසුකම් සංවර්ධනයට සහ ජන ජීවිතය යළි ගොඩනැංවීමට රජය ගත් කඩිනම් පියවර ඇගයීමට ලක් කළහ.

ව්‍යසනය හමුවේ රජය කටයුතු කළ අන්දම තමන් සමඟ කතා කළ බොහෝ ජනතාවගේ ඇගයීමට ලක් වූ බවත්, එය රජය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවත් මෙහිදී නියෝජිත පිරිස පෙන්වා දුන්හ.

එමෙන්ම, පසුගිය වසරේ ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන යන ලද ඉහළ මුල්‍ය විනය මෙම අභියෝගයට මුහුණ දීමේදී වැදගත් සාධකයක් වූ බව පෙන්වා දුන් නියෝජිත පිරිස එම කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට රජයට හැකි වූයේ මහා භාණ්ඩාගාරය තුළ මුදල් අතිරික්තයක් පැවතීම නිසා බවත් එය ඉතා අගය කළ යුතු තත්ත්වයක් බවත් සඳහන් කළහ.

06 වන වාරිකය පිළිබඳ සාකච්ඡා මාර්තු මාසය වන විට යළි ඇරඹේ

දරුණු ආපදා තත්ත්වයක් හමුවේ වුවද ශ්‍රී ලංකාව මේ වන විට නිසි ආර්ථික දිශානතියක ගමන් කරමින් සිටින බව පෙන්වා දුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ 06 වන වාරිකය ලබා දීම පිළිබඳ සාකච්ඡා මෙම මාර්තු මාසය වන විට යළි ආරම්භ කරන බවත් සඳහන් කළහ.

මෙම ව්‍යසනයෙන් විශාල ලෙස බලපෑමට ලක් වූයේ දරිද්‍රතාවෙන් පෙළෙන ග්‍රාමීය ජනතාව බවත්, ග්‍රාමීය ජන ජීවිතය සමඟ සෘජුව සම්බන්ධ වන යටිතල පහසුකම්  සහ ජීවනෝපායමාර්ග විශාල ලෙස බිඳ වැටුණු බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ග්‍රාමීය ජන ජීවිතය ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ ජීවනෝපාමාර්ග යළි සකස් කර දීම වෙනුවෙන් මෙම රුපියල් බිලියන 500ක ප්‍රතිපාදනය වෙන් කළ බවද සඳහන් කළේය.

මෙම පියවර කිසිසේත් නිසි මූල්‍ය කළමනාකරණයෙන් බැහැර වී වගකීම් විරහිත ක්‍රමවේදයකට අවතීර්ණ වීමක් නොවන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කෙරෙන ආර්ථික ජයග්‍රහණ සැබෑ ලෙසම සාමාන්‍ය ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම රජයේ අරමුණ බවත්, පාස්කු ප්‍රහාරය, පසුගිය ආර්ථික කඩාවැටීම ඇතුළු තත්ත්ව හමුවේ  දීර්ඝකාලයක් තිස්සේ පීඩාවට පත් මෙරට සාමාන්‍ය ජන ජීවිතය ගොඩනැඟීම වෙනුවෙන් රජය ප්‍රමුඛතාව දී තිබෙන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, රජය ඉදිරි වැඩසටහන් සැලසුම් කර ඇත්තේ එම දිශානතිය ඔස්සේ බවත්, ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ගිවිසුමෙහි වෙනසක් නොකර, අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එකඟතාව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ගිවිසුමෙහි කිසිදු වෙනසක් සිදු නොකර, අඛණ්ඩව ඉදිරියට ගෙන යාමටද මෙහිදී දෙපාර්ශ්වයේ එකඟතාව පළ කෙරිණි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහබැංකු  අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව ඇතුළු නිලධාරීහු පිරිසක්ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් එහි ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Krishna Srinivasan, ආසියා සහ පැසිපික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Sanjaya Panth, දූත මණ්ඩල ප්‍රධානී  Evan Papageorgiou,  එහි මෙරට නිත්‍ය නියෝජිත Martha woldemichael ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
xfgsgs

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රට යළි ගොඩනැඟීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ IMF නියෝජිතයින් අගයකරයි | The Leader